තාරකාන්තර ධාවකයා

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    තාරකාන්තර ධාවකයා

    තාරකාන්තර ධාවකයා
    CVE3Jv4.jpg


    අද ලිපියෙන් කියන්න බලාපොරොත්තුවෙන්නේ ටිකක් විතර අමුතු විශේශ යානයක් ගැන.. පලමුවෙන්ම කියනවානම් මෙක චන්ද්‍රිකාවක් නෙමෙයි මේක (space probe) විමසුම් යානා ගනයට වැටෙන යානයක් යානය තමයි වෙයෝජර් (Voyager)

    oNNGqdd.jpg


    චන්ද්‍රිකාවක් කියන්නේ යම් වස්තුවක කක්ශයක රදවන දෙයක් ලෙස දක්වන්න පුලුවන් නමුත් පිරික්සුම් යානයක් කියන්නේ කක්ශයෙන් පිට යම් අරමුනු කරගත් දෙයක් වෙනුවෙන් තම මෙහෙයුම් දියත් කරන යානා විශේශයක් කියලා දක්වන්න පුලුවන්

    වෙයෝජර් යානයේ ප්‍රධානම අරමුන වෙලා තිබුනේ සෞරග්‍රහ මන්ඩලයෙන් පිටත අධ්‍යනය කිරිම,ඊට අමතරව බ්‍රහස්පති, සෙනසුරු, සහ ප්ලුටෝ අධ්‍යනය කිරීමත් මීට ඇතුලත් උනා

    AL0TlNT.png




    වෙයෝජර් මෙහෙයුම යානා 2 යුක්තයි. 1977 සැප්තැම්බර් 5 වෙනිදා තමයි පලමු යානය අභ්‍යවකාශගත කරන්නේ ඊට දින 16 පස්සේ දෙවනි යානයත් අභ්‍යවකාශගත කරනවා පලමු යානය අභ්‍යවකාශගත කරලා 2017 සැප්තැම්බර් වෙනකොට අවු 40 වෙනවා නමුත් මේ යානා තවමත් ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා කියනවා

    0burku6.png


    කි.ග්‍රෑ 825.5 බරකින් යුක්ත උන මේ යානා අභ්‍යවකාශගත කලේ ටයිටන් රොකට්‍ටුවක් ආදාරකරගෙනය වෙයෝජර් යානා ගමන් කල දුර මෙච්චරයි කියලා කියන්න බෑ හේතුව මේ යානා තවමත් ගමන් කරමින් තියන නිසා මෙන්න මෙතනට http://voyager.jpl.nasa.gov/ or http://voyager.jpl.nasa.gov/where/ ගිහින් බලන්න පුලුවන් හරියටම යමින් පවතින දුර සහ වේගය

    5QA09Jd.jpg


    මේ යානයේ මූලිකව දකින්න තියන දේ තමයි ඇන්ටනාව මීටර් 3.5 විශ්කම්භයකින් යුක්තවෙන මෙය සංඛ්‍යාත 2 න් තරංග නිකුත් කරනවා ඒ 8.4Ghz සහ 2.3Ghz ආයාමයකින්ය ඊට අමතරව සූර්්‍යා ඉලක්කකර ගමන් කිරීමට සුර්්‍ය සංවේදකයක් ප්‍රදාන ඇන්ටනාව තුල අඩංගු කර ඇත

    rwnMeoj.png


    afO1ZU8.png


    වෙයොජර් යානා වල පවතින සිත් ගන්නාම උපාංගය වන්නේ එහි බල සැපයුම් එකකයයි. යානයේ අරමුන මුලික කරගෙන මෙයට බලය සපයන එකකය නිර්මානය තිබෙන්නේ න්‍යශ්ථික බලය මූලික කරගෙනය. එය නම් කර තිබෙන්නේ ( radioisotope thermoelectric generators) RTG ලෙසයි ප්ලුටෝනියම් -238 (plutonium-238 oxide) බහාලුම් 24 ඇසිරූ ඒකක 3 වෙයෝජර් යානයකට ඇතුලත් කර තිබේ. එයින් 470w බලයක් ජනනය කරයි.. නාසාහි ගනන් මිනුම් අනුව මේ ඒකකය මගින් යානයට අවු 87 කාලයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ලු

    කවදා හෝ දවසක වෙයෝජර් යානය සෞරග්‍රහමන්ඩලයෙන් පිට වෙලා ගිහින් බුද්ධිමත් ජීවීන් ටිකකට හම්බුනොත් මොකද වෙන්නේ?

    nbqFN5R.gif


    ඔන්න ඔය ප්‍රශ්නයට උත්තරයක් මෙක හදාපු මහත්තුරු හොයා ගන්නව එක තමයි ගෝල්ඩන් රෙකොර්ඩ් නමින් යානයේ බදට සම්බන්ද කරලා තියෙන්නේ,,, මෙය තැටියක් ආකාරයට රත්තරං වලින් නිර්මානය කරලා යන සංගීතඥයින්ගේ සංගීත ඛන්ඩ ඇතුල් කරලා තියනවා... ඊට අමතරව තැටියේ අනෙක් පස අප සෞරග්‍රහ මන්ඩලයේ විස්තර ඇතුල් කරලා තියනවා

    Y9CMSIT.jpg


    iQ0SltW.jpg


    bq1fRdJ.jpg


    වෙයෝජර් පසු කල සංදිස්ථාන

    1977-09-05 අභ්‍යවකාශ ගත කිරීම

    1977-12-10 ඇස්ටොයිඩ් බෙල්ට් (අගහරු සහ බ්‍රහස්පති අතර ඇති ග්‍රාහක වලල්ල) එකට ඇතුල් වීම

    1978-09-08 ඇස්ටොයිඩ් බෙල්ට් එක පසු කිරීම

    1979-01-06 බ්‍රහස්පති කක්ශයට ඇතුල්වීම

    1980-08-22 සෙනසුරු කක්ශයට ඇතූල්වීම

    1990-02-14 අවසාන චායාරූපය පෘතුවියට එවීම

    2004-12-17 සිට 2008-01-16 මේ කාලය ඇතුලත යානයේ සමහර පද්දති නැවතෙන්න පටන් ගන්නව


    2014-07-07 ඔන්න ලොක්කා යන්නම යනවා ඒ කීවේ යානය ගැබුරු අභ්‍යවකාශයට ඇතුල් වෙනවා........... තාරකාන්තර ධාවනය ආරම්භය

    R2h790m.png


    අදට ඉවරයි ගිහින් එන්නම්........... හොරෙන් බලලා යන්නේ නැතිව මොනවා හරි පල්ලෙන් කොටලා යමල්ලා


    source

    Wikipedia.nasa







     
    Last edited:

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    16බිලියන් ගනනක් දුර ඉදල ඔය එවන ඩේටා ඇකියුරෙට්ද බන්. 70දසකයේ හදපු යානයක් අවුරුදු 40 ගානක් ගිහිල්ලත් තවම ඩේටා ට්‍රාන්ස්ෆර් කරනව කියන එකනම් සුවර් නෑ
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    16බිලියන් ගනනක් දුර ඉදල ඔය එවන ඩේටා ඇකියුරෙට්ද බන්. 70දසකයේ හදපු යානයක් අවුරුදු 40 ගානක් ගිහිල්ලත් තවම ඩේටා ට්‍රාන්ස්ෆර් කරනව කියන එකනම් සුවර් නෑ

    මේකෙ ගොඩාක් ඇන්ටනා වැඩ නැතිළු බන්... ඒ උනාට ඔකේ ප්‍රදාන ඇන්ටනාව තාම වැඩ කරනවළු ඩීප් ස්පේස් නෙට්වර්ක් (මෙක වෙනම නූලක දාන්නම්) කියලා තමයි වෙයොජර් ඩේටා යවන එවන නෙට්වර්ක් එකට කියන්නේ.... හැබැයි මචං පොටො එවන එක නතර වෙල තියෙන්නේ 1990.....2030 වෙනකොට සම්පූර්නයෙන්ම අක්‍රිය වෙනවා කියලා තමයි කියන්නේ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේකෙ ගොඩාක් ඇන්ටනා වැඩ නැතිළු බන්... ඒ උනාට ඔකේ ප්‍රදාන ඇන්ටනාව තාම වැඩ කරනවළු ඩීප් ස්පේස් නෙට්වර්ක් (මෙක වෙනම නූලක දාන්නම්) කියලා තමයි වෙයොජර් ඩේටා යවන එවන නෙට්වර්ක් එකට කියන්නේ.... හැබැයි මචං පොටො එවන එක නතර වෙල තියෙන්නේ 1990.....2030 වෙනකොට සම්පූර්නයෙන්ම අක්‍රිය වෙනවා කියලා තමයි කියන්නේ

    According to NASA, Voyager 1 is currently about 125.5 astronomical units (AU) from earth. Since we know the Sun's light takes about 8.5 minutes to reach the Earth, and that distance is 1 AU, and that radio is essentially light, then we can estimate the time taken for a radio signal to reach us from Voyager 1 as 8.5 x 125.5 = 1067 minutes, or about 17 hours 45 minutes.

    17hrs and 45minute :eek::eek::eek:

    https://www.quora.com/How-long-would-it-take-signals-from-Voyager-1-to-reach-Earth-if-it-has-just-moved-out-of-the-solar-system
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    According to NASA, Voyager 1 is currently about 125.5 astronomical units (AU) from earth. Since we know the Sun's light takes about 8.5 minutes to reach the Earth, and that distance is 1 AU, and that radio is essentially light, then we can estimate the time taken for a radio signal to reach us from Voyager 1 as 8.5 x 125.5 = 1067 minutes, or about 17 hours 45 minutes.

    17hrs and 45minute :eek::eek::eek:

    https://www.quora.com/How-long-woul...-if-it-has-just-moved-out-of-the-solar-system


    පැය 17 වි 45 බලාන් හි‍ටුකො...........:shocked:
    :shocked: