අපි පොඩි කාලේ පුදුම ආසාවකින් බලන් හිටපු දෙයක් තමයි තාර දාල පාර හදන එක.අද අපිට පේන්නෙත් නැති ඒ කම්කරුවෝ එදා අපේ වීරයෝ උනා.බොරුවට දොස්තර කෙනෙක් කිව්වට අපිට ඇත්තටම ඕනා උනේ ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් ගල් රෝලක් එලවන්න.
තාර ටින් ගෙනල්ල පාර අයිනේ ලොකු ගල් වල උඩ තියලා උණු කරන කොට එන සුවඳ තාම මතකයි.පරණ ටයර් වල ඉතුරු වෙන කම්බි ඇහිඳ ගන්න එදා අපි පොරකනවා තාම මතකයි.කකුල් අත් වලට රෙදි ඔතාගෙන පාරට තාර දානව අපි බලන් හිටියේ සර්කස් එකක් දිහා බලන් ඉන්නවා වගේ
ගල් රෝලෙන් පාර තලන කොට එන සද්දේ තාම හිතේ ඇඳෙනවා
ගල් රෝල දිහා අපි කොච්චර බය මුසු පුදුමයකින් බලන් හිටියද?
ට්‍රක්ටරෙන් ගල් වැලි ගෙනත් ටෙලරේ උස්සලා බාන එක අපි මිස් කලේම නැහැ.ට්‍රැක්ටරේ ගිහින් ආයේ එන්න යන වේලාව අපි හිතෙන් ගණන් හදන් හිටියා.
ඊට පස්සේ අපි ලෑල්ලක් ගලක් උඩ තියලා යටින් තැබූ තව ලි කෑල්ලක අදාරෙන් ඒක ට්‍රැක්ටරේ විදිහට උස්සලා වැලි බෑවා
අපේ යටි හිත දැනන් හිටියා මේ සියල්ල අවසානයේ අපිට අලුත් පාරක් ලැබෙන බව.උඩින් සුදු වැලි අතුරපු පාරේ ඉස්සෙල්ලම යද්දී දැනුනේ පුදුම නැවුම් ගතියක්.
පහුවෙනිදා උදේම පාර බලන්න යද්දී බල්ලෝ අපේ පාර පුරාම කැත කරලා තිබුනා.
ඉස්සුවේ බුකියෙන්

කැ* බල්ලෝ අප්පා නේද..