2015 දාපු එකක් නේද. අපරාදෙ මෙන්ෂන් කරන්න තිබුණෙ.
මෙහෙමයි බං, උඹ අහලා තියෙන ප්‍රශ්නය ටිකක් විතර සංකීර්ණ එකක්. හැබැයි මූලධර්මයට ආසන්න වශයෙන් සමාන දේකින් මේකට හේතුව තේරුම් ගන්න පුළුවන්.
මෙහෙම හිතහන්කො. වතුර බටයක් තියෙනවා, උඹ ඒකට මෝටරයක් සම්බන්ධ කරනවා. ඔය දෙක කොයිල් එකටයි, බැටරියටයි සමාන කරන්න පුළුවන්.
මෙතනදි ඔලුවට ගන්න ඕන දේ තමයි දැනටමත් බටය තියෙන්නෙ වතුර පිරිලා. ඉතින් මෝටරය සම්බන්ධ කරපු ගමන්ම අනිත් පැත්තෙන් වතුර එළියට එනවා. හැබැයි ටික ටික වැඩි වෙනවා නෙවෙයි, එක පාර පැනලා තමයි අඩු වෙන්නෙ.
උඹ කියන back emf එකේ බලපෑම හරියට වතුර ටික අවසන් වේගයෙන් එන්න කලින් බටේ තියෙන වතුර ටික ත්වරණය කරන්න අමතර ශක්තියක් වැය වෙනවා වගේ එකක්. මෝටරය මුලින් දාපු තත්පරයක් විතර ගමන් අමුතු සද්දයක් දාලා පටන් ගන්නවා නේද? අන්න ඒ ටිකේදි මෝටරය වතුර පොම්ප කිරීමට අමතරව බටේ තියෙන වතුර ටික ත්වරණය කරන්න අමතර ශක්තියක් යොදනවා. ගලන්න ගත්තාට පස්සෙ ඕන වතුර පොම්ප කරන ශක්තිය විතරයි.
දැන් හිතහන් මෝටරය දිගටම on off කරනවා කියලා. බටේ දිගේ වතුර යන වැඩේ නවත්ත නවත්ත කරන්න සෑහෙන ශක්තියක් වැය වෙනවා නේද? ඒ සේරම යන්නෙ වතුරෙ ගම්‍යතාව අඩු වැඩි කරන්න. ප්‍රතිඵලය විදිහට බටේ ඇතුළු බිත්තියෙ උණුසුමක් හට ගන්නවා.
ඔන්න ඕක තමයි තේරුම් ගන්න තියෙන්නෙ. බැටරියක් සම්බන්ධ කරන්නෙ ඉලෙක්ට්‍රෝන පිරුණු සන්නායකයකට. ඒවාට ගාමක බලය දෙන්න නම් සුළු වෙලාවක් අමතර ශක්තියක් අවශ්‍යයි. ඉලෙක්ට්‍රෝන ත්වරණය වෙන අන්න ඒ මොහොතෙ තමයි ඒ අමතර ශක්තියෙන් back emf එක ඇති වෙන්නෙ. (ඉලෙක්ට්‍රෝන පැත්තෙන් හිතුවොත් පටන් ගත්ත මොහොතේ ඉඳලාම රික්තයේ/වාතයේ පාරගම්‍යතාවට එරෙහිව කාර්යය කිරීමේ ප්‍රතික්‍රියාව, හරියට යමක් තල්ලු කිරීම පටන් ගන්න මොහොතේ අවස්ථිතිය නිසා අතට දැනෙන ප්‍රතික්‍රියා බලය වගේ, ප්‍රතිඵලයත් බටේ රත් වීම වගේ)
ඉතින් වතුර මෝටරය වගේම ඕකත් නිව නිවා දැමීම හරි, AC එකක් යැවීම හරි හරහා දිගටම පවත්වාගෙන යන්න පුළුවන්.
ඉතින් අවසාන වශයෙන් ඕක ඇති වෙන්නෙ කොතනද කියලා හරියටම කියන්න බැහැ. හැබැයි ප්‍රතික්‍රියාව ක්‍රියාවෙන් සුළු මොහොතක් තුල හට ගන්නවා. බැටරිය සම්බන්ධ කරලා නැනෝ තත්පර ගාණකින් back emf එකත් එනවා. සන්නායකයෙ දැනටමත් නිශ්චල ඉලෙක්ට්‍රෝන පිරිලා තියෙන්නෙ කියන තැන ඉඳලා හිතුවාම තේරෙයි.