තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද සිට
2019 ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද (31) ආරම්භ වෙයි.
ඒ අනුව රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරිම අද සහ හෙට යන දෙදින තුල සිදු කිරිමට නියමිතයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරිම ලබන 04 වනදා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
අදාල දිනයන් හි තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතියි.
ඒ අනුව තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ඡන්දදායකයින් හය ලක්ෂ 59, 030 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වූ ඡන්ද දායකයින්ට ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ සාමාන්‍ය පරිදි ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර අද සහ හෙට යන දිනයන්හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
ඒ අනුව පොලිස් ජංගම, යතුරුපැදි සහ පාමුර සංචාර මගින් අදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.
Ada derana