තැඹිලි වෙළෙන්දා

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    තැඹිලි වෙළෙන්දා

    drinking-king-coconut.jpg

    “මෙව්වා කීයටද විකුනන්නේ ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවේය.
    ” එකක් රු.80 යි නෝනා ” ඔහුගේ පිළිතුර විය.
    ” 6 ක් ගන්නම් 400 කට දෙනවද? ” ඇය ඔහුගෙන් ඇසුවේය.
    ” හරි කමක් නෑ නෝනා. බොහොම ස්තුතියි මගෙන් තැඹිලි මිලදී ගත්තට.
    අද දවසට එක ගෙඩියක් වත් විකුණා ගන්න බැරුව හිටියේ. ” මහලු තැඹිලි වෙළෙන්දාගේ පිළිතුර විය.
    ඇය ලොකු ජයග්‍රහනයක් ලැබූ පරිද්දෙන් එම තැඹිලි ටිකද ගෙන ඇගේ ලස්සන හුරුබුහුටි කාරයට ගොඩ වී ගියේ
    ඇගේ හොඳම මිතුරියව කාර් එකට නග්ග ගැනීමේ අරමුණිනි.

    මිතුරියගේ නිවස අසලට ගිය ඈ, මිතුරිය සමග හෝටලයකට යන්නෙහිය.
    ඇය සහ ඇගේ මිතුරිය තමාට කැමති ආහාර එම හෝටලයෙන් මිලදී ගෙන, ඉතා සුළු ප්‍රමාණයක් කෑ අතර, කෑවාට වඩා ප්‍රමාණයක් ඉතුරු කරයි.
    පසුව ඈ බිල ගෙවන්න යන අතර ඔවුන්ගේ කෑම සඳහා අය කිරීම වන්නේ රු.1400 කි.
    රු.1500 ක් දෙන ඈ එම හෝටලේ අයිතිකරුට පවසන්නේ ” ආ ඉතුරු 100 ය ඔයා තියාගන්න ” යනුවෙනි.
    මෙය හෝටලේ අයිතිකරුට නම් අලුත් හෝ අමුතු සිද්ධියක් නොවේ.
    නමුත් අසරණ තැඹිලි වෙළෙන්දාගේ කොනයෙන් බලද්දී නම් මෙය හිතට වේදනා ගෙන දෙන කරුණකි.

    මෙසේ ලියමි,

    ඇයි අපි හැමවෙලේම දුප්පත් හා අසරණ වෙළෙඳුන්ගෙන් යමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම අපිට බලය ඇති බවට පෙන්වීමට උත්සහ දරන්නේ ?
    ඒ වගේම ඇයි අපි අපෙන් උදව් අවශ්‍ය නැති අයට ත්‍යාගශ්‍රීලී වෙන්නේ ?

    'සීයක් මේක බැලුවොත් අඩුමගානේ පස් දෙනෙක්වත් මේ දේ හිතටගනී නේ'..

    FB උපුටා ගැනීමකි.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් මේ කතාවට අදාළ නැතත්.... මේ වගේ පොඩි පොඩි වෙළෙන්දෝ බහුතරයක් අවංක නැහැ. මම වැඩිය පොලෙන් බඩු ගන්නේ නැහැ, නමුත් දවසක් දානෙකට පොලෙන් ගත්ත. ඒ මිනිස්සු පව් කියල. ලොකු ප්‍රමාන වලින් ගත්තේ. හැබැයි ගෙනාපු එළවලු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අහක. පරණ ඒවා දීල. පස්සේ කැරට් සහ තවත් දේවල් ටිකක් මදි උනා, ඒ ටික සුපර් මාර්කට් එකට ගිහින් ගත්ත. පොලට වඩා ගානත් අඩුයි, කොලිටි එකත් උපරිමයි.

    තව එකක්: මම තැඹිලි ගන්නකොට ගෙඩි 10 විතර වල්ලක් තමා ගන්නේ එක වරකට. මෝරපු නැති ඒවා ගන්නේ. වෙළෙන්දාට කිව්වොත් ගොඩක් වෙලාවට දාන්නේ මෝරපු වල්ලක් ම තමා. ඌ නොදන්නවා නෙමෙයි. හිතා මතා දෙනවා.

    මේ වගේ පොඩි පොඩි වෙළෙන්දෝ බහුතරයක කතාව ඔහොම තමා. දියුණුවේ ලක්ෂණ ගැන කතා කරනකොට අර කතාවකුත් තියෙන්නේ "ඔබ දුප්පත් නම් අවංක වන්න" කියල. මුන්ට නැත්තෙත් ඕකම තමා. කාව හරි ගසාකන්න තමයි බලන්නේ.

    තව කතා ගොඩයි, මොකද ඉස්සර බඩු ගන්නේ දුප්පත් මිනිස්සුන්ගෙන්, ඒ අය පව් කියල හිතල. හැබැයි ඒ ගොනා වික්කා.

    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    drinking-king-coconut.jpg

    “මෙව්වා කීයටද විකුනන්නේ ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවේය.
    ” එකක් රු.80 යි නෝනා ” ඔහුගේ පිළිතුර විය.
    ” 6 ක් ගන්නම් 400 කට දෙනවද? ” ඇය ඔහුගෙන් ඇසුවේය.
    ” හරි කමක් නෑ නෝනා. බොහොම ස්තුතියි මගෙන් තැඹිලි මිලදී ගත්තට.
    අද දවසට එක ගෙඩියක් වත් විකුණා ගන්න බැරුව හිටියේ. ” මහලු තැඹිලි වෙළෙන්දාගේ පිළිතුර විය.
    ඇය ලොකු ජයග්‍රහනයක් ලැබූ පරිද්දෙන් එම තැඹිලි ටිකද ගෙන ඇගේ ලස්සන හුරුබුහුටි කාරයට ගොඩ වී ගියේ
    ඇගේ හොඳම මිතුරියව කාර් එකට නග්ග ගැනීමේ අරමුණිනි.

    මිතුරියගේ නිවස අසලට ගිය ඈ, මිතුරිය සමග හෝටලයකට යන්නෙහිය.
    ඇය සහ ඇගේ මිතුරිය තමාට කැමති ආහාර එම හෝටලයෙන් මිලදී ගෙන, ඉතා සුළු ප්‍රමාණයක් කෑ අතර, කෑවාට වඩා ප්‍රමාණයක් ඉතුරු කරයි.
    පසුව ඈ බිල ගෙවන්න යන අතර ඔවුන්ගේ කෑම සඳහා අය කිරීම වන්නේ රු.1400 කි.
    රු.1500 ක් දෙන ඈ එම හෝටලේ අයිතිකරුට පවසන්නේ ” ආ ඉතුරු 100 ය ඔයා තියාගන්න ” යනුවෙනි.
    මෙය හෝටලේ අයිතිකරුට නම් අලුත් හෝ අමුතු සිද්ධියක් නොවේ.
    නමුත් අසරණ තැඹිලි වෙළෙන්දාගේ කොනයෙන් බලද්දී නම් මෙය හිතට වේදනා ගෙන දෙන කරුණකි.

    මෙසේ ලියමි,

    ඇයි අපි හැමවෙලේම දුප්පත් හා අසරණ වෙළෙඳුන්ගෙන් යමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම අපිට බලය ඇති බවට පෙන්වීමට උත්සහ දරන්නේ ?
    ඒ වගේම ඇයි අපි අපෙන් උදව් අවශ්‍ය නැති අයට ත්‍යාගශ්‍රීලී වෙන්නේ ?

    'සීයක් මේක බැලුවොත් අඩුමගානේ පස් දෙනෙක්වත් මේ දේ හිතටගනී නේ'..

    FB උපුටා ගැනීමකි.

    :sorry::sorry::sorry: SAD TRUTH about our Society...:yes::yes: