තැලසීමියාව යනු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    තැලසීමියාව යනු

    තැලසීමියාව

    රුධිරයේ ඇති හිමොග්ලොබින් සංඝටක නිපදවීමේ ගැටලුවක් නිසා මෙම තත්ත්වය හටගනියි. හිමොග්ලොබින් සංඝටක ඇල්ෆා හා බීටා යන කොටස් දෙකකින් නිර්මාණය වන අතර මෙහිදී සිදුවන්නේ මින් එක් කොටසක් බිහි නොවීමයි. මෙම රෝගය පාරම්පරිකව ඉදිරියට යන්නේ නිලීන ජානයක් ලෙසය. විශේෂයෙන්ම මවට හෝ පියාට මෙවන් නිලීන ජානයක් ඇති නම් ඔවුන්ගෙන් බිහිවන දරුවාට එය බලපෑමේ 25%ක අවදානමක් ඇත.

    beta.jpg


    තැලසීමියා වාහක තත්ත්වය එතරම් භයානක නොවුවත් තැලසීමියා රෝගීන් නම් අවදානම් තත්ත්වයක සිටින බව කිව යුතුමය. වාහකයන්ට සාමාන්‍ය පරිදි ජීවිතයක් ගත කිරීමට හැකි අතරම කිසිදු රෝග ලක්‍ෂණයක්ද පිටතට නොපෙන්වයි. රුධිර පරීක්‍ෂාවකින් තොරව මොවුන්ගේ වාහක තත්ත්වය හඳුනා ගැනීමට නොහැකිය. මෙය අවදානම් සහගත වන්නේ මෙවැනි පුද්ගලයන් දෙදෙනකු නොදැනුවත්ව විවාහ වූ විටය. එවිට උපදින දරුවාට තැලසීමියා රෝගය ඇති වීමේ වැඩි අවදානමක් පවතියි. විවාහයට පෙර එම යුවළ රුධිර පරීක්‍ෂාවක් කර ගැනීම වැදගත් වන්නේ මේ නිසාය

    2thala.jpg


    ප්‍රදේශයකට සීමා වීම***
    ලංකාව තුළත් තැලසීමියා රෝගීන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශ කිහිපයක් හඳුනා ගනියි. කුරුණෑගල ප්‍රදේශය මේ අතරින් ප්‍රධානයි. නමුත් මෙම රෝගීන් අද විවිධ ප්‍රදේශවලින් හමුවන නිසා එය එක් ප්‍රදේශයකට පමණක් සීමා නොවේ. කුරුණෑගල ප්‍රදේශය ආශ්‍රිතව නම් මෙය තහවුරු කර ගැනීමට විශේෂ රුධිර පරීක්‍ෂාවන් සිදුකෙරේ.

    ආරයට යෑම***
    තැලසීමියා තත්ත්වය ආරයට යන රෝගයකි. මෙම රෝගය ඇති අයෙක්ගෙන් සම්ප්‍රේෂණය වීමේ 50% අවදානමක් ඇති බව කිව යුතුය. තැලසීමියා රෝගය නැති පුද්ගලයන්ට ලැබෙන දරුවන්ට වුවත් මෙම රෝගය වැලඳීමේ 25% අවදානමක් තිබිය හැකිය. රුධිර පරීක්‍ෂාවක් කරගත යුත්තේ මේ බව නිසැකවම දැනගැනීමටය.
    විවාහ වන සහකරු හෝ සහකාරියට තැලසීමියා නිලීන ජානයක් ඇත්නම් ඒ බව රුධිර පරීක්‍ෂාවකින් තහවුරු කරගත් පසු විවාහ විය හැකිය. නමුත් මෙම රෝගය දෙදෙනාටම ඇති බව තහවුරු කරගත හොත් විවාහ වීම එතරම් සුදුසු නොවේ. මන්ද ඔවුන්ගෙන් උපත ලබන දරුවාට මෙය තදින්ම බලපෑමට හැකි බැවිනි.
    දරුවා උපත ලැබීමට පෙර කුස තුළදීම තැලසීමියා රෝගියකු බව හඳුනා ගත්තද එම දරුවා ප්‍රතික්‍ෂේප කිරීමට නොහැකිය. වෙනත් රටවල මෙවැනි කලලයක් ඉවත් කිරීමට අවසර ලබා දුන්නද ලංකාවේ නම් මෙය කිසිසේත්ම කළ නොහැකිය.

    රෝග ලක්‍ෂණ***
    තැලසීමියා රෝගී සහකරුවකු හා සහකාරියක් විවාහ වීමෙන් ලබන දරුවන් මහා තැලසීමියා රෝගීන් විය හැකිය. සුදුමැලිවීම, වර්ධනය අඩු වීම හා ක්‍රියාකාරීත්ව අඩු වීම වැනි රෝග ලක්‍ෂණ මොවුන්ගෙන් දැකිය හැකිය. නමුත් සුළු තැලසීමියා රෝගීන් හඳුනාගත හැකි වන්නේ කල්ගතවූ පසුවය. එම රෝගය සැඟවී තිබෙන හෙයින් මෙය හඳුනාගත හැකි වන්නේ රුධිර පරීක්‍ෂාවකිනි.

    හඳුනාගැනීමේ කාඩ්පත***
    විවාහයට පෙර සිටම ඔබ මේ පිළිබඳව දැනුම්වත්ව සිටීම වැදගත් වේ. දැන් වන විට වෛද්‍යවරු දැනුම්වත් කරන්නේ විවාහයට පෙරම මේ පිළිබඳ පරීක්‍ෂා කිරීමටය.
    විශේෂයෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ අවුරුදු 12ට වැඩි පාසල් ළමයින් රුධිර පරීක්‍ෂාවට ලක්කරන්නේ මේ හේතුවෙනි. එවිට එම රෝගය ඇත්නම් ඒ පිළිබඳ හඳුනාගැනීමට වර්ණ කාඩ්පතක් නිකුත් කරයි.

    මූලික රුධිර පරීක්‍ෂාවට යොමු කිරීමෙන් තැලසීමියා රෝගය නැති බව තහවුරු කරගත් විට ඔබේ ළඟම ඥාතියකුට එම රෝගයේ අවදානමක් තිබේ නම් ඒ ගැනද වෛද්‍යවරුන් සොයා බලයි. එම රෝගය නැති බව තහවුරු කරගත් විට ඔබට ලැබෙනුයේ කොළ පැහැති කාඩ් පතකි. ඔබ තැලසීමියා රෝගියෙක් නම් රෝස පැහැති කාඩ් පතක් ඔබට ලැබෙයි. මින් විවාහ වීමට සුදුසු වන්නේ කොළ පැහැති කාඩ්පත් හිමි යුවළකි. මෙලෙස මෙම රෝගය ඉදිරි පරම්පරාවට යෑම වළක්වා ගත හැකිය. කුරුණෑගල ප්‍රදේශයේ නම් මෙය ඉතා සාර්ථකව සිදුවේ.

    පරීක්‍ෂාවට යොමු වීම***
    ඔබේ අවශ්‍යතාව පැවැසූ විට මෙය ඕනෑම රෝහලකින් පරීක්‍ෂා කර ගැනීමට පුළුවන. මේ සඳහාම වූ කුරුණෑගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානයට අමතරව දිවයින පුරා තවත් පළාත් 8ක පමණ මෙම මධ්‍යස්ථාන පිහිටුවා ඇත. මෙවැනි මධ්‍යස්ථානවලට යොමු වෙමින් ඒ පිළිබඳ වැඩි විස්තර ඔබටම ලබාගැනීමේ හැකියාව ඇත.

    නිතර රුධිරය ලබාදීම***
    මහා තැලසීමියා රෝගීන්ගේ රුධිර කැඩෙමින් නිපදවෙන නිසා රුධිරය බාහිරින් දීමට සිදුවේ. මෙලෙස විටින් විට රුධිරය ලබාදීමෙන් ශරීරය තුළ යකඩ තැන්පත් වීම වැඩි විය හැකිය. ශරීරයේ අනෙක් පද්ධතිවලටද යකඩ ප්‍රතිශතය වැඩි වීමෙන් හානි සිදුවීමට පුළුවන. හෘදය, අක්මාව හා අගන්‍යාසය වැනි පද්ධති මේ අතරින් ප්‍රධානය.
    විවාහ වීමට පෙර සිටම රුධිර පරීක්‍ෂාවකින් මේ බව තහවුරු කර ගැනීම වැදගත්ය. විවාහයෙන් පසු ඔබ මේ බව දැනගත්තද ඔබට ඉන්පසුව කිසිදු පිළියමක් ගත නොහැකිය. යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට නම් ඔබ කල්තියාම මේ පිළිබඳ දැනුම්වත් වීම සුදුසුය.
     
    මෙන්න ඕකට බේත
    උෂ්ණ කාලයේදී මැඩියන්ගේ හම සුදුමැලි ලා කහ පාටකට හැරේ. මේ වර්ණය පාණ්ඩු නමි. මිනිස් සිරුරත් මේ වර්ණයට ඒ නම් පාණ්ඩු රෝගය නමි. එනම් ශරීරයේ ලේ හිග වී ශරීරය සුදුමැලි පැහැ ගැන්මයි. පාණ්ඩුවට ‍හේතු වු බොහෝ කරුණු ඇත. ආහාර මදි කම, කොකුපණු රෝගය, අර්ශස් ප්‍රදර, ලග ලග දරුවන් ලැබීම, වැනි විවිධ හේතු නිසා අධික රුධිරය පිටවීමේ හේතුව ප්‍රධාන වේ. කොකු පණු රෝගය වී නම් එම පණුවන් හැලීමට බෙහෙත් ගත යුතුය. පාණ්ඩුවේදී පාවිච්චි කළ හැකි ඉතාම ගුණදායක බෙහෙත නම් රාබස්නය. මෙය අප දහස් වාරයක් අත් දුටු ක්‍රමයකි. බොහෝ වෙදකම් කර සුව කිරීමට බැරි වූ මුළු ශරීරයම ඉදිමී කිසි වැඩක් පළක් කර ගැනීමට බැරි හතිය, අරුචිය, ශරීරයේ දුබල බව ආදී ලක්ෂණ ඇති රෝගීන් සති දෙකකදී සුව වේ.

    • පොල් රා බෝතල් දෙකයි.
    • දෙහි යුෂ බෝතල් දෙකයි.

    චූර්ණය: සාදික්කා, වසාවාසි, අරළු, කලාදුරු, කුරුදු පොතු, කරාබුනැටි අවුන්සය බැගින්, සීනි රාත්තල් 4යි.

    අළුත් මුට්ටියක් ගෙන පොල් රා සහ දෙහි ඇඹුල් දමා සීනි ටික දියකර බෙහෙත් සරක්කු ටික හොදින් තලා කුඩු කර ඊට බහා අඟල් හතරක පමණ මල බැදුණු යකඩ කැබැල්ලක් ගෙන එය ගිනියම් කර මුට්ටියට දැමිය යුතුය.මෙය නැවත නැවත ගිනියම් කරමින් හත් වරක් මුට්ටියට දමා වසා මුට්ටිය වසා මැටි බැද දින හතක් තබා ගෙන පෙරා අවුන්ස දෙක බැගින් උදේ දවල් රෑ අහරට පසු ගත යුතුය. මෙය ගැනීමෙන් ඉදිමුම නැතිවී සුව වේ.