මට මැසිමක් හම්බුන නිසා මගේ මැසිම දෙනවා අර කිරියේ ඩොනේෂන් එක කරන ඉස්කෝලෙට. මැසිම් තුනක් ඕනෙයි කියල තිබ්බනේ. හැබැයි ඉතින් මේකට අරුන් කියපු විදිහට බෝඩ් එකකුයි PSU එකකුයි දාන්න ඕන කිව්වනේ. ආන්න එව්වා තියෙන එකෙක් ඉන්නවා නම් කියහන් මේකට අමුනලා දෙමු. මගේ එකෙ ගන්න පුළුවන් Casing එකයි, DDR3 8GB RAM 2යි. i5 3rd Gen processor එකයි, DVD ROM එකයි විතරයි. මොනිටරෙකුයි තව හාඩ් එකකුත් ඕන වෙනවා හොයාගන්න. ඒ කෑලි තියෙන පාවිච්චි කරන්නේ නැතුව ඉන්න උන් ඉන්නවා නම් කියන්න මේකට සෙට් කරලා දෙමු ඒ ඉස්කෝලෙට.
