







ඒ නිසා මම නම් සල්ලි දෙන්නේ, අසරණම කෙනෙක්ට විතරයි....!!
මමත් හිටියා ඒ වෙලාවේ.... බස් එක මගේ නිසා මටත් මල පැන්නා.....
මම කිව්වා බැහැලා යන්න මිනිස්සුන්ට වද නොදී කියලා......
ඒ පාර මේකා කියනවා, "ඔයා මේ බස් එකේ අයිතිකාරයද...?? කියලා.....
මගේ මලේ උපරිම කට්ට පැන්නේ ඒ වෙලාවේ තමා....
අල්ලලා දුන්නා කිරිබත්ගොඩ පොලිසියට....
බැලින්නම් ඌ හෙන කුඩ්ඩෙක්ලු.......!! 
අලුතෙන් ගෙයක් හදාගෙන යන කට්ටියකට නම් ලයිට් බඩු මොනවා හරි, එහෙමත් නැත්නම් වතුර ෆිල්ටරයක්, බ්ලෙන්ඩරයක්, වගේ දෙයක් තමා.....!!

හික් හික්ස්.....!! 
තැගි දෙනකොට වාසනා කේක් අරන් යන්න...




dan a cake chaa banz![]()
Ithin aniwaa jaraawa thamai......!! 

dan a cake chaa banz![]()
Hikz.... Thread eke pihiten ubee cake market karanna awaa needa.....??
SPAM SPAM.........!!
Ow banz... mee Migarayagee cake nee owaa......!!Ithin aniwaa jaraawa thamai......!!
![]()
Oya Wasana Cake ballektawath kannath baa.......!!![]()
![]()
![]()
mennoooooooo Spam -SPAM
![]()




















mata mala panala cake karayata kane parak dennai giye. 

යාලුවෙක්ගේ පාටියකට වගේ නම් ඉතින් අර අපේ මැරවින් අංකල් කැළණියේ විකුණන්න තහනම් කරපුවායින් හොදවායින් එකක් අරන් යනවා.....![]()
![]()
හික් හික්ස්.....!!
![]()
ඉතාම සතුටුයි..යම් දෙයක් ගැන කාලය වැයකරලා දිගු අදහසක් දක්වන්න තරම් උනන්දුවීම ගැන.එබඳු කීප දෙනෙක් හෝ ඉතිරිව හිඳීම කියවන අයගේ වාසනාවක්!මම නම් දැන් සෑහෙන කාලයක ඉඳල හිඟන්නන්ට සල්ලි දෙන්නේ නෑ... මොකද කෝච්ච්යේ එන මම දන්න හැම හිඟන්නම බොරු කාරයෙක්...හවස් වෙනකොට හොඳට බීලා ඉන්නේ... බස් වල වුනත් එච්චරයි....අත පය නැති කෙනෙකුට වුනත් සල්ලි දෙන්නේ හොඳට බලලා...හැබැයි මම රුපියල් 10 ට අඩුවෙන් දෙන්නේ නෑ....දැන් කාලේ ඊට අඩුවෙන් දීලා වැඩක් නෑ.
ගොඩාක් උත්සව වලට නම් අපිට තෑගි දෙන්න වෙලා තියෙන්නේ ඇපෙන් බේරෙන්න. දැන් තියෙන ආර්ථික රටාව එක්ක වියදම් කිරීම සීම කරන්න සිද්ධ වෙනවා... ඒත් රුපියල් 1000 කට අඩුවෙන් තෑග්ගක් දෙන්න බෑ..ඒක නිසා ඉතින් අමාරුවෙන් වුනත් 1000 කට කිට්ටු වෙන තාග්ගක් දෙනවා....හොඳ හිතවතෙකුගෙ නම් ඉතින් තෑග්ගේ ගාන බලන්න ඉස්සෙල්ලා ඒක එයාට ප්‍රයොජනවත් වේද කියලා බලනවා...ඒතකොට ඉතින් ගාන සීමා කරන්න නෑ...සාමන්‍යයෙන් ගෙදරකට කෑමකට වගේ යනකොට නම් මම කරන්නේ සන්ක්වික් එකක් පලතුරු හරි චීස් හරි වගේ දේහ්වල් අරන් යන එක....
අපි නිතරම යන එන හොඳට දන්න කෙනෙක් නම් ඉතින් එයාගේ අවශ්‍යතාවයන් අපි දන්නවා.... එහෙම කෙනෙකුට මම කරන්නේ එයාට ඔන වෙයි කියලා හිතෙන දෙයක් අරන් යන එක.... මේ ලඟදි මම අඳුරන අය්යා කෙනෙක්ට මම නැපෝලියන් බ්‍රැන්ඩි එකක දුන්නා... අන්න ඒ විදිහට පුද්ගලයාගේ ඕනෑ එපා කම දන්නවානම් අපිට තීරණය කරන්න පුලුවන් එයාට දෙන දේ...
ඒ වගේම සල්ලි තියෙන කෙනෙකුට තෑග්ගකට සල්ලි දීල වැඩැක් නෑ...එයාට දෙන්න ඔනේ මතක හිටින දෙයක්...ඒක එයා කැමති දෙයක් නම් ගොඩාක් වටිනවා...

1. හිගන මනුස්සයා මොන වගේ උනත් මම නම් රුපියල් 300ත් 500ත් අතර ගානක් දෙනවා...
.....
මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.![]()

) කෙනෙක් ආධාරයක් ඉල්ලනවනං හිඟමනක් නෙවෙයි donation එකක් දිරිමත් කිරීමක් විදියට හරි මං නං ඒ මසුස්සයට සල්ලි දෙනවා2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ..........එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට


අඩේ වැඩි නැතිද බන්.....

බුදුහාමුදුරුවොත් දේශනා කලා දෙන තරමට තමා ලැබෙන්නෙ කියල..![]()

එ උනාට ඒක බිස්නස් එකක් කරගන්න එපා මචං
කොටින්ම මේ වගේ දේවල් වලදි මම නං පව් පින් ගැනවත් හිතන්නෙ නෑ
උඹ කෙනෙක්ට ලියන්න කොල කෑල්ලක් දෙන්නෙත් ලබන ආත්මේ ප්‍රෙස් අයිතිකාරයෙක් වෙන්න කියල හිතලද ? නෑ නේ

ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද?
කරුනු 3ක් ඔස්සේ කතා කරමු.
1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.මොකද අපි දෙන්නෙ පිං සළකා හෝ උපකාරයක් විදිහට නිසා.
මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.
2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.දවසක් ගෑනු කෙනෙක් කිව්වා උඹලත් වීදුරු වගේ පරිස්සම් වෙයල්ලා කියලා..හිතලලු එහෙම දෙන්නෙ.කෙසේවෙතත් එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්.
3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්.
ඔයාලගේ අදහස් තියනවද මේ ගැන?
(මම යමක් ලියනකොට ටිකක් කරුනු කාරනා එක්ක තමයි ලියන්නෙ.දැනටත් දිග වැඩියි ඒත්..තව අත්දැකීම් -උදාහරණ ලියන්න ඕන පැහැදිලි කරන්න.ඒත් කට්ටිය හිතනවනේ පොර ටෝක් කියලා.එනිසා එහෙම හිතෙන තැන් නොසළකා සමස්ථ අදහස ගැන කතා කරමු)
![]()
