තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    1. mulin kiyanna one meka ela thread ekak. :):)

    2. aththa wage pena higannekuta salli denawa. a a welawata thiyena gane hatiyata 2,5,10 wage..

    3. godak higanno boru karanne. :growl:
    mata mathakai a kale (3 years ago) UnityPlaza eka gawai MC eka gawa hitiya kakul dekama nathi higannek.
    a higanna ape paththe kudu (drugs) vikunanawa rata/sunday dawas wala.:growl:

    4. gifts seen eka ithin hamotama podui wage. mamath kiyanne prayojanawath deyak dunnoth, gift eka gaththu kenata hamadama mathak wei:P

    mama ithin thaniyen oya gifts select karanne na. mama thama podi eka ne:P

    5. salli dena eka hoda nathi unath. mama nam personaly kenkuta udawwak karanne salli kiyak hari dena eka (podi ganak. mama salli karayek newi)

    kenekuta mudal awashya wena welawaka, mudal dena eka hoda deyak ne.:)


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    හිගා කන එක නම් දැන් මේ අතපය හතරම හොදට තියෙන අයත් කරන්න අරගෙන......!! :growl::growl: ඒ නිසා මම නම් සල්ලි දෙන්නේ, අසරණම කෙනෙක්ට විතරයි....!! :yes: :yes:


    දවසක් බස් එකේදි අතපය හතරම හොදට තියෙන එකෙක් හිගා කන්න ඇවිල්ලා, සල්ලි දුන්නේ නැති මිනිස්සුන්ට, එක එක කතා කිව්වා.... :angry: මමත් හිටියා ඒ වෙලාවේ.... බස් එක මගේ නිසා මටත් මල පැන්නා.....:growl::angry: මම කිව්වා බැහැලා යන්න මිනිස්සුන්ට වද නොදී කියලා......:frown: ඒ පාර මේකා කියනවා, "ඔයා මේ බස් එකේ අයිතිකාරයද...?? කියලා.....:growl: මගේ මලේ උපරිම කට්ට පැන්නේ ඒ වෙලාවේ තමා....:angry: අල්ලලා දුන්නා කිරිබත්ගොඩ පොලිසියට.... :yes: බැලින්නම් ඌ හෙන කුඩ්ඩෙක්ලු.......!! :shocked:


    උත්සව වලට යනකොට නම් තෑගි දෙන්නේ ගෙදරකට ප්‍රයෝජනවත් දෙයක් තමා....:yes: අලුතෙන් ගෙයක් හදාගෙන යන කට්ටියකට නම් ලයිට් බඩු මොනවා හරි, එහෙමත් නැත්නම් වතුර ෆිල්ටරයක්, බ්ලෙන්ඩරයක්, වගේ දෙයක් තමා.....!! :yes:


    නෑදෑ ගෙදරකට යනවා නම් ඉතින් හාල්, පොල්, කිරිපිටි වගේ දේවල් තමා.... :yes:


    යාලුවෙක්ගේ පාටියකට වගේ නම් ඉතින් අර අපේ මැරවින් අංකල් කැළණියේ විකුණන්න තහනම් කරපුවායින් හොදවායින් එකක් අරන් යනවා..... :D :) :cool:;) හික් හික්ස්.....!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    තැගි දෙනකොට වාසනා කේක් අරන් යන්න...

    Hikz.... Thread eke pihiten ubee cake market karanna awaa needa.....?? :growl::shocked:

    SPAM SPAM.........!! :lol::lol:

    dan a cake chaa banz :oo:

    Ow banz... mee Migarayagee cake nee owaa......!! :yes: Ithin aniwaa jaraawa thamai......!! :frown::growl:

    Oya Wasana Cake ballektawath kannath baa.......!! :angry: :lol: ;)
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් දැන් සෑහෙන කාලයක ඉඳල හිඟන්නන්ට සල්ලි දෙන්නේ නෑ... මොකද කෝච්ච්යේ එන මම දන්න හැම හිඟන්නම බොරු කාරයෙක්...හවස් වෙනකොට හොඳට බීලා ඉන්නේ... බස් වල වුනත් එච්චරයි....අත පය නැති කෙනෙකුට වුනත් සල්ලි දෙන්නේ හොඳට බලලා...හැබැයි මම රුපියල් 10 ට අඩුවෙන් දෙන්නේ නෑ....දැන් කාලේ ඊට අඩුවෙන් දීලා වැඩක් නෑ.

    ගොඩාක් උත්සව වලට නම් අපිට තෑගි දෙන්න වෙලා තියෙන්නේ ඇපෙන් බේරෙන්න. දැන් තියෙන ආර්ථික රටාව එක්ක වියදම් කිරීම සීම කරන්න සිද්ධ වෙනවා... ඒත් රුපියල් 1000 කට අඩුවෙන් තෑග්ගක් දෙන්න බෑ..ඒක නිසා ඉතින් අමාරුවෙන් වුනත් 1000 කට කිට්ටු වෙන තාග්ගක් දෙනවා....හොඳ හිතවතෙකුගෙ නම් ඉතින් තෑග්ගේ ගාන බලන්න ඉස්සෙල්ලා ඒක එයාට ප්‍රයොජනවත් වේද කියලා බලනවා...ඒතකොට ඉතින් ගාන සීමා කරන්න නෑ...සාමන්‍යයෙන් ගෙදරකට කෑමකට වගේ යනකොට නම් මම කරන්නේ සන්ක්වික් එකක් පලතුරු හරි චීස් හරි වගේ දේහ්වල් අරන් යන එක....

    අපි නිතරම යන එන හොඳට දන්න කෙනෙක් නම් ඉතින් එයාගේ අවශ්‍යතාවයන් අපි දන්නවා.... එහෙම කෙනෙකුට මම කරන්නේ එයාට ඔන වෙයි කියලා හිතෙන දෙයක් අරන් යන එක.... මේ ලඟදි මම අඳුරන අය්යා කෙනෙක්ට මම නැපෝලියන් බ්‍රැන්ඩි එකක දුන්නා... අන්න ඒ විදිහට පුද්ගලයාගේ ඕනෑ එපා කම දන්නවානම් අපිට තීරණය කරන්න පුලුවන් එයාට දෙන දේ...

    ඒ වගේම සල්ලි තියෙන කෙනෙකුට තෑග්ගකට සල්ලි දීල වැඩැක් නෑ...එයාට දෙන්න ඔනේ මතක හිටින දෙයක්...ඒක එයා කැමති දෙයක් නම් ගොඩාක් වටිනවා...
     
    • Like
    Reactions: shammee

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland

    :frown::frown::frown: :growl::growl::growl: :baffled::baffled::baffled:

    adoooo ubalageda wasana cake ? :baffled::rofl::lol::lol:

    sirwatama kiyanne. dan a cake chaa. danma quality eka wadi karapan. nathinam bankoloth wei

    ape amma lagadi genawa oya cake. wadakma na ban. wali atai, lunu de koheda kalawam wela. dan pol kudu wage.:lol: mata mala panala cake karayata kane parak dennai giye. :frown::growl:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113

    යාලුවෙක්ගේ පාටියකට වගේ නම් ඉතින් අර අපේ මැරවින් අංකල් කැළණියේ විකුණන්න තහනම් කරපුවායින් හොදවායින් එකක් අරන් යනවා..... :D :) :cool:;) හික් හික්ස්.....!! :lol::lol:

    මැරවින් අංකල් බණියි
     
    • Like
    Reactions: gayan288399
    මම නම් දැන් සෑහෙන කාලයක ඉඳල හිඟන්නන්ට සල්ලි දෙන්නේ නෑ... මොකද කෝච්ච්යේ එන මම දන්න හැම හිඟන්නම බොරු කාරයෙක්...හවස් වෙනකොට හොඳට බීලා ඉන්නේ... බස් වල වුනත් එච්චරයි....අත පය නැති කෙනෙකුට වුනත් සල්ලි දෙන්නේ හොඳට බලලා...හැබැයි මම රුපියල් 10 ට අඩුවෙන් දෙන්නේ නෑ....දැන් කාලේ ඊට අඩුවෙන් දීලා වැඩක් නෑ.

    ගොඩාක් උත්සව වලට නම් අපිට තෑගි දෙන්න වෙලා තියෙන්නේ ඇපෙන් බේරෙන්න. දැන් තියෙන ආර්ථික රටාව එක්ක වියදම් කිරීම සීම කරන්න සිද්ධ වෙනවා... ඒත් රුපියල් 1000 කට අඩුවෙන් තෑග්ගක් දෙන්න බෑ..ඒක නිසා ඉතින් අමාරුවෙන් වුනත් 1000 කට කිට්ටු වෙන තාග්ගක් දෙනවා....හොඳ හිතවතෙකුගෙ නම් ඉතින් තෑග්ගේ ගාන බලන්න ඉස්සෙල්ලා ඒක එයාට ප්‍රයොජනවත් වේද කියලා බලනවා...ඒතකොට ඉතින් ගාන සීමා කරන්න නෑ...සාමන්‍යයෙන් ගෙදරකට කෑමකට වගේ යනකොට නම් මම කරන්නේ සන්ක්වික් එකක් පලතුරු හරි චීස් හරි වගේ දේහ්වල් අරන් යන එක....

    අපි නිතරම යන එන හොඳට දන්න කෙනෙක් නම් ඉතින් එයාගේ අවශ්‍යතාවයන් අපි දන්නවා.... එහෙම කෙනෙකුට මම කරන්නේ එයාට ඔන වෙයි කියලා හිතෙන දෙයක් අරන් යන එක.... මේ ලඟදි මම අඳුරන අය්යා කෙනෙක්ට මම නැපෝලියන් බ්‍රැන්ඩි එකක දුන්නා... අන්න ඒ විදිහට පුද්ගලයාගේ ඕනෑ එපා කම දන්නවානම් අපිට තීරණය කරන්න පුලුවන් එයාට දෙන දේ...

    ඒ වගේම සල්ලි තියෙන කෙනෙකුට තෑග්ගකට සල්ලි දීල වැඩැක් නෑ...එයාට දෙන්න ඔනේ මතක හිටින දෙයක්...ඒක එයා කැමති දෙයක් නම් ගොඩාක් වටිනවා...
    ඉතාම සතුටුයි..යම් දෙයක් ගැන කාලය වැයකරලා දිගු අදහසක් දක්වන්න තරම් උනන්දුවීම ගැන.එබඳු කීප දෙනෙක් හෝ ඉතිරිව හිඳීම කියවන අයගේ වාසනාවක්!:)
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    1. හිගන මනුස්සයා මොන වගේ උනත් මම නම් රුපියල් 300ත් 500ත් අතර ගානක් දෙනවා... මම රස්සාවක් කරන නිසා ගැටලුවක් නැහැ... අපි සල්ලි දෙන්නෙ හොද සිතුවිල්ලකින් නිසා මම නම් හිතන් නැහැ ඒකෙන් අපිට වැරැද්දක් වෙනවා කියලා...

    2. තෑගි විදිහට නම් ගොඩක්ම දෙන්නෙ ඌට අවශය දෙයක් තමා... යාලුවන්ට නම් ඔය ෆෝන් වගේ දේවල්.. දෙය්යන්ගෙ පිහිටෙන් මට නෑදෑයෝ කවුරුවත්ම නැහැ..

    3. තෑගි විදිහට සල්ලි දෙන එක කිසි වැඩක් නැහැ... සුලුවෙන් හරි මොකක හරි අරන් දෙන එක තමා හොද
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .....
    මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.:no:


    :yes:
    නමුත් සිංදුවක් කියල හරි (ඕනෙ නම් මැජික් පෙන්නල හරි :P ) කෙනෙක් ආධාරයක් ඉල්ලනවනං හිඟමනක් නෙවෙයි donation එකක් දිරිමත් කිරීමක් විදියට
    හරි මං නං ඒ මසුස්සයට සල්ලි දෙනවා

    2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ..........එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට

    අපෝ ඕව ගැන අපි දන්නෙ නෑ :P

    මං ගැන පෞද්ගලිකවම කියනවනං මං මගේ හොදම යාළුවෙක්ගෙ(බොක්කක් ගෙ) ගෙදර යද්දි නංටොපියක් වත් අරං යන්නෙ නෑ
    නමුත් යාළුවෙක් ගෙදෙට්ට ආවහම පුළුවන් උපරිමයෙන් සළකනවා :yes:
    ඔය වගේ දේවල් සම්බන්දයෙන් නම් මගේ සංවේදී බවක් නෑ ඇත්තටම:oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බුදුහාමුදුරුවොත් දේශනා කලා දෙන තරමට තමා ලැබෙන්නෙ කියල.. :)

    එ උනාට ඒක බිස්නස් එකක් කරගන්න එපා මචං
    කොටින්ම මේ වගේ දේවල් වලදි මම නං පව් පින් ගැනවත් හිතන්නෙ නෑ

    උඹ කෙනෙක්ට ලියන්න කොල කෑල්ලක් දෙන්නෙත් ලබන ආත්මේ ප්‍රෙස් අයිතිකාරයෙක් වෙන්න කියල හිතලද ? නෑ නේ :)

     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    එ උනාට ඒක බිස්නස් එකක් කරගන්න එපා මචං
    කොටින්ම මේ වගේ දේවල් වලදි මම නං පව් පින් ගැනවත් හිතන්නෙ නෑ

    උඹ කෙනෙක්ට ලියන්න කොල කෑල්ලක් දෙන්නෙත් ලබන ආත්මේ ප්‍රෙස් අයිතිකාරයෙක් වෙන්න කියල හිතලද ? නෑ නේ :)


    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් කියල තියනවා අත පය 4 තියන උන්ට දෙන්නෙ නැහැ කියලා.. මම එහෙම නැහැ... උන් අපිව රවට්ටලා සල්ලි ගත්තට අන්තිමට උන්මයි රැවටෙන්නෙ. මම කිව්වෙ හිගන්නාගෙ තත්වෙ බලන් නැතුව සල්ලි දෙන්න කියලා මිසක් බිස්නස් එකක් ගැන නෙමේ:)
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද?
    කරුනු 3ක් ඔස්සේ කතා කරමු.:)
    1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.මොකද අපි දෙන්නෙ පිං සළකා හෝ උපකාරයක් විදිහට නිසා.
    මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.:no:
    2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.දවසක් ගෑනු කෙනෙක් කිව්වා උඹලත් වීදුරු වගේ පරිස්සම් වෙයල්ලා කියලා..හිතලලු එහෙම දෙන්නෙ.:lol:කෙසේවෙතත් එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්.
    3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්.
    ඔයාලගේ අදහස් තියනවද මේ ගැන?

    (මම යමක් ලියනකොට ටිකක් කරුනු කාරනා එක්ක තමයි ලියන්නෙ.දැනටත් දිග වැඩියි ඒත්..තව අත්දැකීම් -උදාහරණ ලියන්න ඕන පැහැදිලි කරන්න.ඒත් කට්ටිය හිතනවනේ පොර ටෝක් කියලා.:(:sorry:එනිසා එහෙම හිතෙන තැන් නොසළකා සමස්ථ අදහස ගැන කතා කරමු):D

    lagadi wechcha siduweemak mama kiyannam. api re kollupity pillawoos eka laga innakota wayasa achchi kenek awa mage laga hitapu ekkkenek gen salli illagena. meya kiwwa salli nehe kiyala. eetapasse e achchi kunuharupen baninna patan gaththa hodatama. bena bena yana gaman pare yana ayatath kiya kiya baninna patan gaththa. banna wachana methana kiyanna be!
     

    satlakhapu

    Member
    May 2, 2007
    103
    4
    0
    හොඳ ත්‍රෙඩ් එකක්.

    1. මම ඉස්සර නම් හිඟන්නන්ට සල්ලි දුන්නා. ඒත් දැන්නම් නැහැ. ඒකට හේතුව වැඩි හරියක් අය කරන්නේ ඒ සල්ලි ව්ලින් කුඩු ගහනව හරි වෙන ඒ වගේ නිශ්ඵල දෙයකට යොදගන්න එක.හොඳ අය ටිකක් ඉන්නවා. ඒත් කරන්න දෙයක් නැහැ. දැන දැන වැරදි වලට උදව් දෙන්න මට බැහැ.

    2. මමත් ඕන තරම් දැකල තියෙනව ඔය දේ. තැනට ගැලපෙන විදිහට තෑගි දෙන අය හරිම අඩුයි තම.යන්තම් ඇපෙන් බේරෙන්න තම වැඩි හරියක් අය වැඩ කරන්නෙ.

    3. සල්ලි දීම නම් මමත් එච්චර අනුමත කරන්නෙ නැහැ. වඩා වටින්නේ සුදුසු තෑග්ගක් දෙන එක තමා. ඒත් ගැලපෙන දෙයක් හිතාගන්න බෙරි වුන වෙලවකට නම් ගිෆ්ට් ව්වුචර් දෙන එක අද කලෙ ට්‍රෙන්ඩ් එක වෙලා නේ තියෙන්නෙ. :)