තිතට මත සහ ලංකේය තාරුණ්‍ය

osandaja

Member
Feb 11, 2008
360
324
0
තිතට මත සහ ලංකේය තාරුණ්‍ය

පසුගිය දිනක මම මවත් සමග ගෙදරට අවශ්‍ය කළමනා වගයක් ගෙන ඒමට නගරයට ගියවිට මට මගේ වාහනය නතර කිරීමට සිදු වුයේ නගරයේ ඇති තැබෑරුම ඉදිරිපිටට වන්නට පාරේ අනෙක් පසය. ඉතින් මට සුපුරුදු පරිදි විනාඩි 45 ක ට වැඩි කාලයක් එතන ගතකිරීමට සිදුවිය. :lol::lol: නමුත් එහිදී මා දුටු දර්ශනය නම් ඛේඑදජනකය. :sorry:

නගරයේ වෙන කිසිදු කඩයකට නොමෙති පාරිභෝගික පිරිසක් මෙම තැබෑරුමට ඇත. මීමැසි පොදියක් මෙන් මෙම විශ්වාසනීය පාරිභෝගික භවතුන් (loyal customers ) තැබෑරුමේ කම්බි කුරු වල එල්ලී අරක්කු ඉලන්නේ ලෝකයේ අවසාන අරක්කු බෝතල් කීපය මෙසේ විකිණීමට ඇති බව අපට ඒත්තු ගන්වන්න මෙනි. :shocked:

මෙහි ඇති ඉතාම සෝචනීය තත්වය නම් මෙසේ පැමිණි වැඩි පිරිස දවසේ වියදම සොයා ගන්න රැකියා වල නිරතවන සිංහල තරුණ පිරිස් වීමය. ග්‍රීල් වැඩපොළේ , වඩු වැඩපොළේ , මේසන් බසුන්නෙහෙ ලග , ගරාජයේ ඇත උදව් දීමෙන් සොයාගත් මුදල් ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව බාර් කරුවට සහ ඒ අවට බයිට් කඩ කරුවාද පුජා කර අවට ඉන්න හිතවතුන්ට පොර ටෝකක් ද දී යන සැටි අනුකම්පා සහගතය. දවසම මහන්සීවී රුපියල් 2000 ක් පමණ සොයාගන එඉන් 1500 කට වැඩි මුදලක් මෙසේ නිකරුනේ වියදම් කරගැනී. මගේ අවධානයට ලක් වූ එක තරුණයෙකු පැමිනියේ ලොකු අකුරෙන් සිංහලේ ස්ටිකරයක් ඇලවු ත්රීවීලරයකින් වන අතර ඔහුගේ T -shirt එකේ ඉදිරිපසද ලොකු සිංහලේ ස්ටිකරයකි . මා සිත තුල ඇති වූ කනගාටුව මෙතෙකැයි කිව නොහැකිය. :sorry::sorry::sorry:

මීට වසරකට පමණ පෙර තැබෑරුමට ආසන්නව එක වඩේ කරත්තයක් පමණක්බූ තිබු බව මාගේ මතකයේ ඇත නමුත් අද වනවිට එය 5 ක් දක්වා වර්දනය වී එති අතර කඩල , වඩ . ඩෙවල් වර්ග , BBQ ආදී විවද තෝරාගනීමද ඇත. මෙයින් බහුතර මුස්ලිම් වෙලදුන්ය. :shocked:

එළකිරියේ පවා සිංහල ජනතාවගේ ආර්ථිකය නගා සිටුවිය යුතු බව දක්වමින් පොස්ට් පළවූ බව මතකය නමුත් මෙවෙනි වාතාවරණයක් යටතේ එක හිතලුවක්ම පමණක් වනු ඇත . ගමේ පන්සල , සිවිල් සංවිධාන ආදිය මුල් වී මෙම තරුණයන් මෙම උවදුරෙන් මුදවාගත යුතුය. දැනුවත් කිරීම් මගින් ඔවුන්ගේ මනස මත රකුසා ගෙන් ගලවා නොගත්තොත් ජාතියක් ලෙස අප වලපල්ලට යාම නවතාලිය නොහැකි වනු ඇත. :sorry::(:(
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වැඩක් නෑ බන් ඕව ලිව්වා කියලා. අද කාලෙ කොල්ලන්ගෙන් 95% කට වඩා බේබද්දො වෙලා ඉවරයි. මට නම් හිතෙන්නෙ ප්‍රශ්න නිසා බොන උන් වැඩියි, සතුටට බොන උන්ට වඩා...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැමදාම ඔහොම නෑ බං අද පෝය හින්ද කට්ටිය වැඩි :yes: :yes:
    වෙන්දට ඔය කියල තරං ලොකු සෙනගක් එන්නෑ දවල් වරුවෙ වගේ නං බාර් වේලෙනව :sorry: :sorry:
     

    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    මට නම් හිතෙන්නෙ ප්‍රශ්න නිසා බොන උන් වැඩියි, සතුටට බොන උන්ට වඩා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ත්‍රීවීල් වල බෙර ගහ ගහ යනවා බන් බේබද්දො සෙට් පිටින්,, අද පෝය නිවාඩු නිසා හොඳට ගහල..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,190
    113
    33
    ෆින්ලන්ඩ්
    Dan owa biwu wa kiyala ae taramma seen 1k nehe kiyanawa...
    genney hena bala aewalu.. wedi hariyak water kawalam karapuwa lu...

    rate bebadu prmanyata sapekshawa roga adu 1a lu...
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Oka kiyanda deyak da ban.. Api kohamath bedaddo thamai do :P

    podi ung chu karala nida ganin
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ඔව් මචෝ කියල වැඩක් නැ . ලඟදි මම ගියා සිංහල town එකකට මස් කඩ නැ , පල්ලි නැ , කුඩු කාරයෝ නැ .එත් බලන්ඩ එපයි bar එක මුන් පොරකනවා.අපේ එවන්ට කෙළවෙන seen එක ඕක තමා
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    "දවසම මහන්සීවී රුපියල් 2000 ක් පමණ සොයාගන එඉන් 1500 කට වැඩි මුදලක් මෙසේ නිකරුනේ වියදම් කරගැනීම" .... කොහොමද මේ විදියට යහපත් සමාජයක් ගොඩනගාගන්නේ දුර්වල ආර්ථික ශක්තියක් සමග ..?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ප්‍රදාන වශයෙන් මෝඩකමනේ බන්.

    සල්ලි තියෙන එකා බොන එක නිකන් hifi වැඩක් කියල හිතනවා.
    සල්ලි නැති එක හිතනවා ප්‍රශ්න අමතක කරගන්න,විදින දුක අමතක කරන්න,ඇඟේ මහන්සිය නිවාගන්න බොන එක හොදයි කියල.
    තව හදාගත්ත හේතු ඇති තරම් ඇති.

    මොක්කු උනත් බොන එවුන් මෝඩයෝ ගානට දල තමයි මම නම් සලකන්නේ මචන්.

    ඔය පෝලිම හැමදාටම එහෙමයි.

    පෝය දවසට කලින් දවදේ වැඩි පෝය දවසට සෙට් එකට,එකාට පැත්ත වැටිලා බොන්න දවස නිවාඩු නේ.එකයි.
    එදාට පන්සලට යන එක දැන් නැත්තටම නැතිවෙමින් යන්නේ.

    ස්ටිකර මගුල් වත් අන්‍ය ජාතීන්ගේ වැරදි කියලත් වැඩක් නැ බන්,
    සිංහල මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනේ.
     
    • Like
    Reactions: osandaja

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    ප්‍රදාන වශයෙන් මෝඩකමනේ බන්.

    සල්ලි තියෙන එකා බොන එක නිකන් hifi වැඩක් කියල හිතනවා.
    සල්ලි නැති එක හිතනවා ප්‍රශ්න අමතක කරගන්න,විදින දුක අමතක කරන්න,ඇඟේ මහන්සිය නිවාගන්න බොන එක හොදයි කියල.
    තව හදාගත්ත හේතු ඇති තරම් ඇති.

    මොක්කු උනත් බොන එවුන් මෝඩයෝ ගානට දල තමයි මම නම් සලකන්නේ මචන්.

    ඔය පෝලිම හැමදාටම එහෙමයි.

    පෝය දවසට කලින් දවදේ වැඩි පෝය දවසට සෙට් එකට,එකාට පැත්ත වැටිලා බොන්න දවස නිවාඩු නේ.එකයි.
    එදාට පන්සලට යන එක දැන් නැත්තටම නැතිවෙමින් යන්නේ.

    ස්ටිකර මගුල් වත් අන්‍ය ජාතීන්ගේ වැරදි කියලත් වැඩක් නැ බන්,
    සිංහල මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනේ.

    අනිවාර්යෙන්ම මචන්, වෙන්න ඕනේ උබ ඔය කියන දේ තමයි. ස්ටිකර් කතාව කිව්වේ උන්ගේ ඔළු වල ඇගේ කොටාගෙන ඉන්න දේ නොමැති බව කියන්න.
    :confused:
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    අනිවාර්යෙන්ම මචන්, වෙන්න ඕනේ උබ ඔය කියන දේ තමයි. ස්ටිකර් කතාව කිව්වේ උන්ගේ ඔළු වල ඇගේ කොටාගෙන ඉන්න දේ නොමැති බව කියන්න.
    :confused:

    :yes::yes:
    ඔව් මචන්
    මන් ස්ටිකර් කතාව කිවේ උබටම නෙමේ.:):)
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    බොන එක හොඳ වැඩක් නෙමේ තමයි . ඒ වගේම ඒක නීති විරෝධී දේකුත් නෙමෙයි.දැන් උඹ යෝජනා කරන්නේ මොකද්ද මේකට? ලංකාවේ බාර් වහන්න කියලද ? තමන් හම්බ කරන සල්ලි වලින් තමන්ට පවුලට හානියක් නොවෙන විදියට බොන ඕන තරම් මිනිස්සු ඉන්නවා . උදේ ඉඳන් හවස් වෙනකම් සහ දවස ගානේ බොන්න හොයන බෙබද්දෝ ගැන නෙමේ මම කියන්නේ
    අනිත් එක උඹ බාර් සහ වයින් ස්ටෝර්ස් පටලවාගෙන මෙතන.. කම්බිකුරු වල එල්ලිලා අරක්කු ගන්න තැන බාර් නෙමේ. ඒවාට කියන්නේ වයින් ස්ටෝර්ස්.
    සිංහලේ ස්ටිකර් එක ගැන නම් ඉතින් කියන්න තියෙන්නේ. ස්ටිකර් ගහ ගත්ත කියල උට බොන්න තහනම් කියල කොහේ හරි තියෙනවද ?බොන්න ඕන උන් උන්ගේ සල්ලි වලින් බොයි. උඹ නිකං මනසින් උඹට අදාල නැති දෙයක් එක්ක ගැටෙනවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පෝරිසාදයා;20434494 said:
    වැඩක් නෑ බන් ඕව ලිව්වා කියලා. අද කාලෙ කොල්ලන්ගෙන් 95% කට වඩා බේබද්දො වෙලා ඉවරයි. මට නම් හිතෙන්නෙ ප්‍රශ්න නිසා බොන උන් වැඩියි, සතුටට බොන උන්ට වඩා...

    කාලයක් ඕක අඩු වෙලා තිබ්බ මතකද මචන්
    කොල්ලෝ බොන්නේ නැ ඩිසන්
    දැන් එක කණපිට ගිහින්නේ මොකද බං මේ එක පරම උනේ?
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ජාතියක් ලෙස අප වලපල්ලට යාම නවතාලිය නොහැකිය ....

    ee nisa ee gana hithala wada wenne nathuwa ube wadak bala ganin ban :)