මේ වන විට යන අය වළක්වා ගැනීමටත් විපක්ෂයෙන් එක් කර ගැනීමටත් කතිකා කෙරෙන අවම ලන්සුව රුපියල් කෝටි 50 කි. සමහර තීරණාත්මක පුද්ගලයන් සඳහා කෝටි 100 ට ද ගණන් කතා කර තිබේ. මීට අමතරව එක් එක් අය රාජ්ය බැංකු වලට තිබෙන මිලියන ගණන් ණය මුදල් පියවා දැමීමට ද මරා එකඟ වෙමින් තිබේ.
ශ්රීලනිපයේ මහ ලේකම් වරයා විපක්ෂයට යෑමෙන් මරාට සිදුවූ මාරාන්තික තුවාලය සමනය කර ගැනීමට විපක්ෂයේ පක්ෂයක ලේකම්වරයෙක් ආණ්ඩුවට ගැනීම සඳහා අති මහත් උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වේ. කඳුකරයේ දෙමළ පක්ෂ නායකයෙකුට විපක්ෂයට නොයෑම සඳහා අත්තිකාරම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ගෙවා ඇතැයි දැන ගන්නට ලැබේ. තවත් ආණ්ඩුවේ පක්ෂ නායකයෙකුට ද විපක්ෂයට නොයෑම සඳහා ඒ සමාන මුදලක් ගෙවීමට කතා කර තිබේ.