තිස්ස අත්තනායක තනිවම අඩමින්
පසුගිය ජනාධිපතිවරණ සමයේ ආණ්ඩුවට පැනීම සඳහා හොර ගල් අහුලමින් සිටි එජාපයේ හිටපු මහලේකම් එහි ප්‍රථම පියවර වශයෙන් බොරු ලෙඩක් හදාගෙන ආසිරි රෝහලට ඇතුල් විය. එහිදී ඔහුට අවශ්‍ය වූයේ එජාප නායකවරයාගේ හා ජනමාධ්‍ය අවධානය තමන් වෙත යොමු කර ගැනීමටය. තිස්ස අත්තනායක එසේ රෝහල් ගතවූ විගස එජාපයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා ඔහු බැලීමට ආසිරි රෝහල වෙත ගොස් ඇත.
මලික් දුටු සැණින් කෝප වී ඇති තිස්ස අත්තනායක ‘තමුසෙල සේරම මාව රවට්ටනව. මං කවුරු කියල හිතාගෙනද ඉන්නෙ? මංගල ආණ්ඩුවට යනව කිව්ව විතරයි තමුසෙල සිංගප්පූරු ගියා එයාව නවත්ත ගන්න. කෝ මෛත්‍රීපාල ගේනව කිව්ව තිස්දෙනා? ආවෙ 9 යි. තව පැය 48 ක් ඇතුලත 15 දෙනෙක්වත් ආවෙ නැත්තන් මම නරක මිනිහ කියන්න එපා. මම යනව ආණ්ඩුවට. ජනාධිපතිතුමා මාව වැදලයි ආණ්ඩුවට ගන්නෙ. එදාට තමුසෙල හැම එක්කෙනාටම වෙන්නෙ රනිල් එක්ක වලට පනින්න. ඔන්න මං නොකිව්වයි කියන්න එපා' කියමින් මලික් සමරවික්‍රම මහතාට බැණ වැදී ඇත.
තිස්සගෙන් සමුගෙන රෝහලෙන් එළියට පැමිණ ඇති මලික් වහාම මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකතන ඇමතුමක් දී ඇත. එහිදී ඔහු විමසා ඇත්තේ හෙට අනිද්දා කව්රුවත් ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට එන්නේද යන්නයි. ඊට පිලිතුරු දී ඇති මෛත්‍රීපාල මහතා ‘ඒ ගැන හරියටම කියන්ඩ අපහසු බව' පවසා තිබේ. එවිට මලික් පවසා ඇත්තේ ‘මිස්ටර් මෛත්‍රීපාල අපිට උදව්වක් කරන්න. තව පැය 48 ක් යනකන් කව්රුවත් විපක්ෂයට එක්කහු කර ගන්න එපා. මොකද තිස්ස අත්තනායක ආණ්ඩුවට යන්න හදන්නෙ. කියලවත් කර ගන්ඩ බැරි දෙයක්. අපිට ඉලෙක්ෂන් එක පැරදුනත් කමක් නෑ මිනිහ ආණ්ඩුවට යනවනම්' කියාය.
තිස්ස අත්තනායක කියූ පරිදිම මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට ආණ්ඩුවට එක්විය. පිල්මාරුව සඳහා රුපියල් මිලියන 500 ක් ඉල්ලා සිටියද ගාමිණී සෙනරත් ඔහුට ලබා දී ඇත්තේ මිලියන 300 ක් පමණය. ඉතිරි 200 ඇමතිකමෙන් හම්බුකර ගන්නා ලෙස දන්වා තිබේ.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵළ නිකුත්වන මධ්‍යම රාත්‍රිය තෙක් තිස්ස අත්තනායක හා ඔහුගේ ගෝල බාලයන් පසුවී ඇත්තේ සව්දිය පුරමිනි. තිස්ස අත්තනායකගේ මාධ්‍ය ලේකම් දිනේෂ දොඩම්ගොඩ ගණන් හදා තිස්සට පෙන්වා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ 2 කින් ජයග්‍රහණය කරන බවය. මහින්ද රාජපක්ෂ මහතාට සුභ පැතීම සඳහා අරලියග මන්දිරයට කතා කොට ඇති තිස්සට හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘තමුසෙට පිස්සුද ඕයි? හතර අතින්ම අපිට කෙලවෙලා තියෙන්නෙ. තමුසෙ ගණන් පාස් වෙන්නැතුවද කැම්පස් ගියෙ? කියමින් දුරකතනය විසන්දි කොට ඇත.
මේ වන විට තිස්සගේ ගෝල බාලයන් ඔහුව හැර දමා ගොස් ඇත. තනිවම නිවසක කාමරයකට වී අඩමින් කල් ගතකරන ඔහු තමන්ගේ දරුවන් සමග ගොස් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වැඳ වැටී සමාව ලබාගෙන නැවතත් එජාපයට එක්වීමට සූදානම් වන බව මලික් සමරවික්‍රමට ආරංචි වී තිබේ. ‘තිස්සව ගත්තොත් ආපහු අපට කෙලවෙනවා. බැරි වෙලාවක්වත් මිනිහව ගත්තොත් මම රට අතෑරල යනව' යනුවෙන් එජාප ප්‍රධානීන් ඉදිරියේ මලික් සමරවික්‍රම මහතා ස්ථිරසාර හඬින් පවසා ඇත.
- http://sinhala.lankanewsweb.net/news/15355-2015-01-16-12-03-16