තිසා වැව සුරකිමු

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වසර 2300 ක් ඉපැරණි ඓතිහාසික තිසා වැව පූජා නගරයේ ජයශ්‍රී මහා බෝධින් වහ්සේට පැන් වැඩීම, කිරි ආහාර පූජාවට කිරි ආහාර පිසීම, දන්සැල් දීම ආදී සියළුම ආගමික හා පානීය අවශ්‍යතාවය සදහා භාවිතා කරනු ලබයි.උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පැන් පූජාවට භාවිතා කළ හෙයින් මෙම වැව පුරාන රජවරුන් පවා දිය නෑමට භාවිතා නොකළ අතර එය දිය නෑම තහනම් කර පූජාවැව ලෙසින්ද නම් කළේය. රජවරුන් තම රාජාභිශේකයට තිසා වැවේ ජලය ලබා ගත්තේ ද වැවට ආසන්නයේ රන්මසු උයන නම් උයණක් කරවා එහි සකස් කළ පොකුණකට ගල් පීලි මාර්ගයෙනි.මෙම වැවට බැස දියනෑම මෑතක් දක්වාම තහනම්ව පැවති අතර තිසා වැවේ දියනෑම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් කර දඩ නියම වී දඩගෙවූ අය අදත් මෙහි ඇත.ඒ පිළිබද දිවුරුම් ප්‍රකාශ ආදිය ද අප සතුව ඇත.කෙසේ නමුත් අද වන විට මෙම වැවට බැස මහා පරිමානයෙන් ජනයා දිය නෑම හේතුවෙන් මෙම වැව අධික ලෙස දූෂනයට ලක්ව ඇත.මෙහි බැක්ටීරියානුග වාර්තා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩළය විසින් නිකුත් කර ඇති අතර එය එන්න එන්නම වැඩීවී ඇත.සබන්, ෂැම්පු, කාන්තාවන්ගේ සනිපාරක්ෂක තුවා,කුඩා ළමුන්ගේ භාවිතා කළ අපවිත්‍ර පැම්පස්,මත්වතුර බෝතල්,බියර්කෑන් ආදියෙන් මෙම වැවට සිදුවී ඇති අනර්ථය වචන වලට නැගිය නොහැක.එබැවින් තව දුරටත් උතුමි ජයශ්‍රී මහබෝ රජුන්ට පැන් වඩන,බුදු පුදට කිරි ආහාර සකසන,මල් ධෝවනය කරන,ලක්ෂ කෝටි සංඛ්‍යාත දෙස් විදෙස් ජනයා වාර්ෂිකව පැන් පානය කරන තිසා වැවේ දිය නෑම තවදුරටත් තහනම් කිරීමට ඔබගේ එකගතාවය අපි අපේක්ෂා කරමු.අනුරාධපුරයට පැමිණෙන ජනයාට දිය නෑම සදහා බසවක්කුලමවැව (අභයවැව) බුලන්කුලමවැව, ඓතිහාසික පොකුනු තුන,මල්වතු ඔය,හාල්පානු ඇල,හා සෙසු ඇලමාර්ග භාවිතා කල හැක.3200 ක් වැව් ඇති වැව් බැදි රාජ්‍යයේ පූජා නගරයට ඇති එකම පානීය ජලමුලාශ්‍රය වන තිසා වැව රැක දී අනාගතයේ දහස් සංඛ්‍යාත ජනයා අමාශ පිළිකා ආදී මාරාන්තික රෝග වලින් මුදවා ගැනීමට සහාය වනමෙන් ඉල්ලා සිටිමු.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    නාන් නැතුව ඉන්න පුළුවන් වතුර බොන් නැතුව ඉන්න බෑ..ශ්‍රී ලාංකිය තමන් ගැන පමණක් සිතන ජනයාගේ තවත් මාහැගි කර්තව්‍යක්..තිසා වැව ගු කිරීම...
     
    hoda wedak
    මම කියන්නෙ එළකිරියෙ ඉන්න ජාතිමාමක කොල්ලන්ට කෙල්ලන්ට මීට වඩා ලොකු දෙයක් මේ වෙනුවෙන් කරල දෙන්න පුළුවනි :yes: - මොකද කියන්නේ ? :nerd: