කෝලි, ධවාන්ගේ ඔච්චම් හිනාවන් - ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට "ලැජ්ජා සහගත" පරාජයක්
ශ්‍රී ලංකා පිල අන්ත අසරණ කරමින් සංචාරක ඉන්දීය පිල ටෙස්ට් තරඟ 3ම ජයගන්නට අද (14) සමත්වුණා. ඒ අනුව අද පැවති තරඟයෙන් ඉණිමක හා ලකුණු 171ක ජයක් හිමිකරගන්නට ඉන්දියාව සමත් වුණා.
තෙවන තරඟයේදීද ශ්‍රී ලංකා පිලේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව ඉක්මවා යන්නට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
ආරම්භයේ සිටම තරඟයේ වැඩි වාසි අත්කරගන්නට ඉන්දීය පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන් සමත්වීම කැපී පෙනුනු අතර ඔවුන් හා යමින් කරට කර සටහනක් දෙන්නට ශ්‍රී ලංකා පිලට කිසිදු අවස්ථාවක් උදාකර නොදුන් ඉන්දීය පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන්ද ශතක කිහිපයක්ම රැස් කිරීමට සමත්වුණා.
ඉන්දීය ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේ කිසිදු අභියෝගයකට මුහුණ දීමට සිදු නොවූ බව පැවසූ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර්, ශ්‍රී ලංකා වත්මන් කණ්ඩායමට ඉන්දියාවේ පළමු පෙළ කණ්ඩායම් පරාජය කිරීම පවා අසීරු වනු ඇති බව තරගාවලිය ගැන විස්තර කථනයේ යෙදෙමින් ප්‍රකාශ කර තිබුණි.
කිසිදු තරගකාරී බවක් වත් නොපෙන්වා තරග පරාජය වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට හා පින්නවල අලි බැලීම සඳහා කාලය ලබාදීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය දින තුනක් ඇතුළත අවසන් කළ බවට හාස්‍ය ජනක අදහස් පළකර තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම සෑම තරගයකදීම සිය සැලසුම් සහ ක්‍රීඩකයන් වෙනස්කරමින් ක්‍රීඩා කළ නමුත් ඒ කිසිදු සැලසුමක් සාර්ථක නොවිය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 20 වෙනි දින ආරම්භවන අතර එම තරගාවලිය සඳහා සිය ප්‍රධාන ටෙස්ට් පන්දු යවන්නන් ක්‍රීඩා නොකරන බව ඉන්දියාව ඉරිදා (අගෝස්තු 13) නිවේදනය කළේය.
Last edited:




