තුක්_නෙදකින්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෝලි, ධවාන්ගේ ඔච්චම් හිනාවන් - ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට "ලැජ්ජා සහගත" පරාජයක්

    ශ්‍රී ලංකා පිල අන්ත අසරණ කරමින් සංචාරක ඉන්දීය පිල ටෙස්ට් තරඟ 3ම ජයගන්නට අද (14) සමත්වුණා. ඒ අනුව අද පැවති තරඟයෙන් ඉණිමක හා ලකුණු 171ක ජයක් හිමිකරගන්නට ඉන්දියාව සමත් වුණා.

    තෙවන තරඟයේදීද ශ්‍රී ලංකා පිලේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව ඉක්මවා යන්නට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

    ආරම්භයේ සිටම තරඟයේ වැඩි වාසි අත්කරගන්නට ඉන්දීය පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන් සමත්වීම කැපී පෙනුනු අතර ඔවුන් හා යමින් කරට කර සටහනක් දෙන්නට ශ්‍රී ලංකා පිලට කිසිදු අවස්ථාවක් උදාකර නොදුන් ඉන්දීය පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන්ද ශතක කිහිපයක්ම රැස් කිරීමට සමත්වුණා.

    ඉන්දීය ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේ කිසිදු අභියෝගයකට මුහුණ දීමට සිදු නොවූ බව පැවසූ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර්, ශ්‍රී ලංකා වත්මන් කණ්ඩායමට ඉන්දියාවේ පළමු පෙළ කණ්ඩායම් පරාජය කිරීම පවා අසීරු වනු ඇති බව තරගාවලිය ගැන විස්තර කථනයේ යෙදෙමින් ප්‍රකාශ කර තිබුණි.

    කිසිදු තරගකාරී බවක් වත් නොපෙන්වා තරග පරාජය වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට හා පින්නවල අලි බැලීම සඳහා කාලය ලබාදීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය දින තුනක් ඇතුළත අවසන් කළ බවට හාස්‍ය ජනක අදහස් පළකර තිබුණි.
    ශ්‍රී ලංකා කණ්ඩායම සෑම තරගයකදීම සිය සැලසුම් සහ ක්‍රීඩකයන් වෙනස්කරමින් ක්‍රීඩා කළ නමුත් ඒ කිසිදු සැලසුමක් සාර්ථක නොවිය.
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 20 වෙනි දින ආරම්භවන අතර එම තරගාවලිය සඳහා සිය ප්‍රධාන ටෙස්ට් පන්දු යවන්නන් ක්‍රීඩා නොකරන බව ඉන්දියාව ඉරිදා (අගෝස්තු 13) නිවේදනය කළේය.



    Sri-Lanka-Lost-3-test-Match-Against-India.jpg
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Sumathipla awe nadda

    ඉන්දීය ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේ කිසිදු අභියෝගයකට මුහුණ දීමට සිදු නොවූ බව පැවසූ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර්, ශ්‍රී ලංකා වත්මන් කණ්ඩායමට ඉන්දියාවේ පළමු පෙළ කණ්ඩායම් පරාජය කිරීම පවා අසීරු වනු ඇති බව තරගාවලිය ගැන විස්තර කථනයේ යෙදෙමින් ප්‍රකාශ කර තිබුණි.

    Sri-Lanka-Lost-3-test-Match-Against-India.jpg
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    විලි ලැජ්ජාවේ බෑ. එත් අනෙක් අතට, උන්ගේ දක්ෂතාව අගේ කරන්න ඕනේ. අනෙක් එක උන් තම රට වෙනුවෙන් බොක්කෙන්ම සෙල්ලම් කරනවා. එත් අපේ මණ්ඩලේ කචල්. හැම එකාම ගේම ඉල්ලගෙන ඉන්නේ. සුදු කාරයොන්ට සබාපති වෙන්න චන්දෙ දුන්න උන්ට තැන දුන්නාම, හැමදේම කචල් තමා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම එකක්වත් බැලුවේ නැහැ හරියට පපුව වාවන්නේ නැහැ බන්. :sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි ගැහුවේ නැත්හේ කියලා ඇහුවොත් 'ඉතිං උබ ඇවිල්ලා ගහපන්කෝ' කියන ටීම් එකේ ෆකාලට කියන්න තියෙන්නේ ඔය ක්‍රිඩාවට සමුදීලා ජාතික ක්‍රීඩාව වත් නගාහිටවන්න දායක වෙන්න කියලා...... ඒකත් අවුල්වුනොත් කණා මුට්ටි වගේ ජන ක්‍රීඩාවක් නගාහිටෙව්වොත් ජාතියටම ආඩම්බරයක්.:cool:;)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ උන්ගේ පඩි කපන්න ඕනේ බන්.
    එතකොට උන්ට දැනෙයි.

    පඩි කපන්න නෙමෙයි පෆොර්ම් නොකරන උන් එලවල දැම්මනම් පුළුවන් එකා රැදිලා ඉදියි..... මේක යකෝ ටීම් එකට පැනගත්තට පස්සේ බඩවුනත් ටීම් එකේ.......... :baffled: