දැන් කොහේවත් සමාජවාදය කියල දෙයක් නෑ බං.... උඹ සමාජවාදේ ගැන කතා කරන්නේ ධනවාදි ආකල්ප උඩ ඉඳගෙන සමාජවාදය අතුරුපසට අරගෙන.... මටත් පුලුවන් සමාජවාදය ගැන පිටු ගණන් පුරවලා ලොකු ආතල් එකක් අරගෙන ඒ ආතල් එකෙන් කොටසක් කියවන එකාලටත් දෙන්න... ඒ වගේ බොරු සෙප්පඩ විජ්ජා නැතිව යථාර්ථය තේරුම්ගෙන ප්‍රායෝගික මානයක ඉන්න එක හොඳයි... ඒක ධනවාදය ද සමාජවාදය ද කියල අර්ථ ගන්වන්න මම යන්නේ නෑ.... මොකද අද එහෙම වාතාවරණයක් මේ ලෝකේ කොහේවත් නෑ....
මමත් සමාජවාදය ගැන කතා කරේ නෑ ,
මට තියෙන ප්‍රශ්නේ මේකයි .. ෆේස් බුක් බැලුවත් , එළකිරි එකේ බැලුවත් , පාරේ තොටේ කතා කරද්දී උනත් අපේ උන් කරන්නේ අද සමාජේ මේක වැරදි , අරක වැරදි ,දේශපාලකයෝ රට කෑවා , ලංකාවට කෙලවෙලා ඉවරයි , ඔන්න ඕකයි අද තත්වේ , අද බලන බලන තැන මේ මේ අවුල් ....... වගේ වචන සෙට් එකක් පාවිච්චි කර කර කොමන් ආතල් එකක ජීවත් වෙනවා .. ඒ උනාට ඒවාට විසඳුමක් හොයන්න කවුරුත් නෑ .. විවේචන විතරයි , උත්තර නෑ .. මොකද කාටවත් හොයන්න උවමනාවක් නෑ ..
මන් කියල නෑ ඕකට උත්තරේ සමාජවාදේ කියල.. ඕකට උත්තරයක් තමයි හොයන්න ඕනේ .. !
එක් චැනලයකට අනුව ලංකාවේ දිශානතිය තීරණය කරන යුග පුරුෂයන් වන්නේ මරික්කාර්ය... කිෙදල්පිටිය ය.... එහෙම නැත්තම් ශී‍්‍ර රංගාය... වැරදිලාවත් මොවුන් පාරෙ නැවතිලා කාගෙත් එක්ක වචනයක් දෙකක් කතා කළත් ඒකේ වොයිස් කට් එකක් ප්රවෘත්ති වලින් විකාශනය කිරීමට පැහැදි සිටින්නේ තමාගේ එකානේ කියන පදනම මතය.... ඒ චැනලයට අනුව මහින්ද යනු ලෝකයේ සිටි දරුණුම ජනාධිපතිවරයාය.... ගමේ හරමානිස් කාරයා නැට්ටට බී වෙරි වී මහින්දට බැන්නොත් ඒක දවසේ ප්‍රවෘත්තිය ලෙස පළ කිරීමට වුවත් ඒ චැනලය සූදානම්ය... ඒ චැනලයට අනුව මෛතී‍්‍ර යනු මතු බුදු වීමට නියමිත මෛතී‍්‍ර බුදුන් මෙන් රහසින්වත් පව් නොකරන ඩයලයකි.... ඒ චැනලයේම රනිල් යනු වැඩ බැරි ටාසන් කෙනෙකි... රනිල්ගේ කට වැරදි වචනයක් පිට වෙනකං ඉව අල්ලමින් සිටින්නේ දිගින් දිගටම පහර ගැසීමටය... විනාඩි 20 ක පමණ කාලයක් ප්රවෘත්ති විකාශයකට වෙන්කර ඇති මේ චැනලයේ පටුන රාමායණය වගේ පතරංගයකි.... ඩිවලොපිං නිව්ස්, මුල්පුරවැසි පුවත් ආදි ලෙස මෙගා කන්ටෙන්ස්ය... හැබැයි කරනුයේ තනිකරම මඩ ගැසීම්ය.... හෙඞ්ලයින්ස්වලින් කියන දේ ඊළග ප්රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න කියන තරමට මඩ ගැසීම කළමනාකරණය කරගන්නට බැරිය...
දැනට අවුරුදු ගාණකට පෙර ගගක පා වුණු බිළිඳෙකුගේ වීඩියෝ දර්ශනයක් සති ගණන් පෙන්වමින් හිරිකිත මාධ්‍ය කෙරුවාවක් පෙන්වූ චැනලයත් තවමත් ප්රවෘත්ති විකාශනය කරනුයේ කතන්දර ආතා කතන්දර කියන මොඩලයෙනි.
මේකෙත් උඹ කියන අරමුණම තමයි තියෙන්නේ.... අපි මාධ්‍යයෙන් තොරතුරු ගන්න කොට සල්ලඩයක් (වැලි හලන දැලක්* භාවිතා කරන්න ඕන... සිරස, හිරු, දෙරණ ඔය මොන එකේ කියන ප්‍රවෘත්තිත් සල්ලඩයට දාල හලල ගන්න ඕන.... ඒකට පුංචි මග පෙන්වීමක් මම කලා... මම අදහන දේ තමයි මොනවත් නොකර සිටිනවාට වඩා පුංචි දෙයක් හරි කරන්න උත්සහා ගන්න ඕන කියන එකයි... එදා මෙදාතුර මට ලැබිල තියෙන ප්‍රතිචාර අනුව ඒ පුංචි දේ මම කරල තියෙනවා කියල විශ්වාස කරනවා....
ඔබ වැන්නවුන් උතුම් කොට සලකන තුප්පහි ධනවාදයේ ම අතුරු ඵලයක් තමයි ඕක.. ලංකාවෙ විතරක් නෙවෙයි ධනවාදයේ පරිහානිය සිදු වේගෙන යන මුලු ලෝකෙම මාධ්‍ය සංස්කෘතිය වර්තමානයේ පවතින පෞද්ගලික න්‍යාය පත්‍ර සංස්කෘතියට හැඩ ගැහෙන්න පටන් අරන් දැන් සෑහෙන කල්.. ඒත් අවුල තියෙන්නෙ ඒක තේරුම් ගන්න නොහැකි වෙන තරමටම මාධ්‍ය විසින් සාමාන්‍ය පොදු ජනතාව මත් කරල තියෙන එකයි..