තුවක්කු_වර්ග

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්කු


    800px-M240G-0167-2004-01.jpg


    මධ්‍යම මැෂින් තුවක්කු [MMG] රයිෆල් විශ්කම්භය සතු සම්පූර්ණ බලයම භාවිතාවන ස්වයංක්‍රීය අවියක්වන අතර කුඩා ස්වයංක්‍රීය අවියකට වඩා ප්‍රහාරයක ශක්තියකින් යුක්තය. එහෙත් මෙම MMG අවිය බයිපොඩ් (bipod) ආධාරකයක් සමග භාවිත කල හැක. සාමාන්‍යයෙන් මෙම අවියක් රාත්තල් 15 ත් 40 ත් අතර බරකින් යුක්තය.

    එසේම මෙම කුඩා සහ මධ්‍යම අවි දෙකම “බයිපොඩ්” ආධාරකයක සහාය ලබා ගත හැකි අතර විශාල මැෂින් තුවක්කු බර ආධාරක යොදාගනී. තවද, විශාල අවිය හැසිරවීමට කණ්ඩායමක් අවශ්‍යවන අතර මධ්‍යම ප්‍රමාණයේ අවිය හැසිරවීමට සොල්දාදුවකු හෝ දෙදෙනෙක් පමණක් සෑහේ. කුඩා ප්‍රමාණයේ අවිය මාරු කළ නොහැකි තුවක්කු කාණූවක් සහිතව නිපදවනු ලබන අතර මධ්‍යම අවිය තරමක් බර තුවක්කු කාණුවකින් යුක්තවන අතර තුවක්කු කාණුව මාරුකළ හැකි ලෙස නිපදවනු ලබයි.


    සැහැල්ලු මැෂින් තුවක්කු

    M249mg.jpg
    Bren1.jpg


    0.303 බ්‍රෙන්ඩ් තුවක්කුව බ්‍රිතාන්‍ය හා පොදු රාජ්‍ය මණ්ඩලීය LMG ; 1938 සිට 1991 දක්වා පැරණි ස්වරූපයෙන් සේවයේ යෙදවුණි.

    සැහැල්ලු මැෂින් තුවක්කු යනු තනි සොල්දාදුවෙක් ‍විසින් හෝ ඇතැම් විට ආධාරක සහිතව ගෙන යන වෙනත් සමකාලීන මැෂින් තුවක්කුවලට වඩා බරින් අඩු තුවක්කු වර්ගයකි. මධ්‍යම මැෂින් තුවක්කුවලට වඩා වඩාත් සැහැල්ලු හා සුසංහිත වන අතර කුටීරවලට වඩාත් කුඩා මාත්‍රා ලෙස බෙදී ඇත.

    සාමාන්‍යයෙන් මැෂින් තුවක්කුවක් ආධාරක ආයුධයක් ලෙස භාවිතයට අදහස් කොට ඇති අතර එහිදී එය අඛණ්ඩ ස්වයං ප්‍රහාරක මාලාවක් ඇති කරන අතර එය සාමාන්‍ය පාබල සොල්දාදුවන් විසින් රැගෙන යන ගිනි අවි වලට වඩා විශාල වේ. එහි බර අධික වන අතර පතොරම් පරිභෝජනය ද ඉහලය.

    සැහැල්ලු මැෂින් තුවක්කුවක් උකුලේ තබා හෝ ඇවිද යන අතරතුර ප්‍රහාරයට යෙදවිය ඇති අතර සාමාන්‍යයෙන් වෙඩි තබන්නේ බිම දිගා වී සිටින පිහිටුමේ සිටය. ඒ විශේෂයෙන්ම Bipod භාවිතා කරන විටය. අතීත මැෂින් තුවක්කු (ස්වයංක්‍රීය රයිෆලවලින් ව්‍යුත්පන්න වූ M1918 Browning Automatic Rifle වැනි තුවක්කු) ඇතැම්විට මැගසින් පිරවුම් ලෙස භාවිතා විය. රුසියානු RPK වැනි LMG යනු පැවති ප්‍රහාරක රයිෆල් සැලසුම්වල නවීකරණයන්ය. අනුවර්තනයන් සාමාන්‍යයෙන් විශාල මැගසිනයන් අන්තර්ගත කර ගන්නා අතර අධිතාපනය වැලැක්වීමට බර අධික බැරලයක් යොදා ගන්නා අතර වෙඩි තැබීම දරා සිටීමට Bipod වැනි වඩාත් ශක්තිමත් ආධාරකයක් යොදා ගනී. නූතන මැෂින් තුවක්කු සැලසුම් කොට ඇත්තේ කුඩා අංශු විදීමේ වැඩි වාර ගණනක් සඳහා වන අතර ඇතැම්විට විදුම් පටියක් භාවිතා කෙරේ. එමඟින් යළි පිරවුමකින් තොරව වැඩි කාලයක් වෙඩි තැබීමට ඉඩ සැලසේ. FN MINIMI වැනි නූතන මැෂින් තුවක්කු විදුම් පටියක් ආකාරයට හෝ ගැලවිය හැකි පෙට්ටි ආකාරයේ මැගසිනයක් ආකාරයට පහර දිය හැකිය.සැහැල්ලු මැෂින් තුවක්කු භට ඛණ්ඩයේ ස්වයංක්‍රීය ආයුධ ලෙස නිරතුරුව භාවිතා කෙරේ.



    විශාල මැෂින් තුවක්කු (කාල තුවක්කු)


    M2_machine_gun.jpg


    58 kg ක බරකින් යුක්ත M2 වර්ගයේ මැෂින් තුවක්කුව සහ තෙපාද ආධාරකය

    විශාල මැෂින් තුවක්කුවක් යනු විශාල විෂ්කම්භයක් සහිත ප්‍රබල අවියක්වන නමුත් කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්කුවක් ආධාරක සහිතව භාවිතයේදී ද ඉහත කී අයුරින් හැඳින්වේ. මෙම සියළු අවි සතුව 1800 තරම් ඈත කාලයක සිට පවතින දීර්ඝ ඉතිහාසයක් සතු වේ. එදා පටන් මෙම අවි විවිධාකාරයේ වෙනස්කම් සහිතව වර්තමානය තුළ ද භාවිතා කෙරේ.
    ඉතා පැරණි මැෂින් තුවක්කුවක් සේ සැලකෙන “මැක්සිම්” අවිය ඊට හොඳම උදාහරණයක් වන අතර “තෙපාද” ආධාරකයක් හෝ රෝධ සහිත ආධාරකයක් යොද‍ා ගනිමින් භාවිතයට ගන්නා එය හැසිරවීමට කණ්ඩායමක් අවශ්‍යය වේ. විශාල කාල තුවක්කුවකට M2 අවිය හොඳම නිදසුනක් වේ. විෂ්කම්භය 13mm සිට 15mm තෙක් නිපදවා ඇති අවි ස්වයංක්‍රීය කාලතුවක්කු වේ.




    රොකට් ප්‍රචාලන ග්‍රේනේඩ​


    Rpg-7.jpg


    RPG අවි ගුවන්යානා නාශක අවියක් ලෙස තරමක් දුරට ප්‍රයෝජනවත් වෙයි. සාමාන්‍යයෙන් මේවා භාවිතයෙන් ගුවනේ එක තැන රැදී සිටින හෝ ගොඩබ‍ාන හෙලිකොප්ටර් යානයකට සැගවී සිට ප්‍රහාර එල්ල කළ හැක. ඇෆ්ගනිස්ථාන මුජාහිදීන් ගරිල්ලන් හෙලිකොප්ටර්වලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා සුදුසු වන පරිදි RPG අවි නවීකරණය කර පිළියෙළ කළා. එහිදි ඔහු RPG ප්‍රචාලක සිලින්ඩරයේ පිටුපස කොටසට වක්‍ර හැඩයට සකස් කළ පයිප්ප කොටසක් එක් කිරීම මගින් පසු පසට එල්ල වන පිපුරුම් බලය හැරවීමක් කරනු ලබයි.

    මේමගින් RPG අවියක් බිම වැතිරී සිට ගුවන්යානයක් වෙත ඉහළට එල්ලකිරීමේ හැකියාව ලැබේ. මෙම නවීකරණය හේතුවෙන් අවිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ක්‍රියාකර වන්නා අණාවරණය වීමේ හැකියාව අවම වන අතර උණුසුම් වායූන් මගින් ක්‍රියාකරවන්නාට හානිවීමේ අවදානම ද අවමවේ. මුදිහිදීන්වරු RPG අවි වල පවතින තත්පර 4.5 මුහුර්තනය මෙම අවිය සතුරු ගුවන්යානාවලට වෙඩිතබන තුවක්කු සමුහයක් ලෙස ක්‍රියාකර වීම සඳහා යොදා ගනී. මෙසේ එකවර RPG කිහිපයක් එල්ල කිරීම මගින් ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව ඉහළ නංවා ගනී.

    මේ කාලය තුළදී සෝවියට් හෙලිකොප්ටර් යානා ගොඩබෑම් ප්‍රදේශයන් තුළදී RPG මගින් එල්ල වන අවධානම මගහරවා ගැනීම සඳහා ගොඩ බෑමට ප්‍රථම අවට ප්‍රදේශ සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සිදු කළහ. තවද ඇෆ්ගන් ගරිල්ලන් නිවැරදි සූදානම සහ තක්සේරුව වළකනු පිණිස එකවරකට එක්ව ගමන් කරන හෙලිකොප්ටර් යානා සංඛ්‍යාව වෙනස් කිරීමට පුරුදුව සිටියහ. මෙම තත්ත්වයට මුහුණ දීම පිණිස මුජයදීන්වරු පොළව තුළට හාරා සකස් කළ ඉහළින් ආවරණය වූ ප්‍රහාරක පිහිටුම් සකස් කළ අතර එවිට එයට මුහුණදීම සඳහා සෝවියට් හමුදා සේනාංක තම ගොඩබෑම් ප්‍රදේශ අවට ආරක්ෂිත තත්ත්වයට පත් කිරීම සඳහා ඒවා අවට ඉන්ධන වායු බෝම්බ හෙළීම ආරම්භ කළහ. කෙසේ නමුත් එක්සත් ජනපදය මගින් ලබාදුන් ස්ටින්ගර් වර්ගයේ (Stinger) බිම සිට අහසට එල්ල කෙරෙන (SAM) මිසයිල ලැබීමත් සමග ඇෆ්ගන්වරු RPG අවි භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීම අත්හැර දැමූහ.

    1993 වසරේ සෝමාලියාවේ මොගඩිෂු සටනෙහිදී එක්සත් ජනපදයට අහිමි වූ බ්ලැක් හෝක් (Black Hawk) හෙලිකොප්ටර්යානා යුගලම විනාශ කරන ලද්දේ RPG – 7 වර්ගයේ අවි මගිනි. ඉරාකයේ දී සහ දෙවැනි ඇෆ්ගනිස්ථාන සටන් ව්‍යාපාරයෙහි ඒකාබද්ධ හමුදා හෙලිකොප්ටර් යානාවලට එරෙහිව RPG අවි භාවිතා වූ අතර එමගින් මිශ්‍ර ප්‍රතිඵල ලැබුණි.
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ස්නයිපර් තුවක්කු


    800px-M-40A3.jpg



    එක්සත් ජනපද මැරයින් හමුදා නිළධාරීන් සඳහා නිකුත් කරන M40 ස්නයිපර් තුවක්කුව



    800px-G22_ohne_Schalldaempfer.jpg


    Accuracy International මගින් නිෂ්පාදනය කරන Arctic Warfare ස්නයිපර් තුවක්කු කාණ්ඩය බ්‍රිතාන්‍ය සහ ජර්මනිය ඇතුළු බොහෝ රටවල හමුදාවන් සඳහා සාමාන්‍යයෙන් නිකුත් කෙරෙන ස්නයිපර් තුවක්කු කාණ්ඩය වෙයි. (ඡායාරූපයේ දැක්වෙන්නේ ජර්මන් හමුදාවට අයත් තුවක්කුවකි)



    හමුදා සහ නීති ආරක්ෂක භාවිතයන්හීදි අනෙකුත් සාමාන්‍ය තුවක්කුවලට සාපේක්ෂව වඩාත් විශාල පරාසයක් තුළ ඉතා නිරවද්‍ය ලෙස වෙඩි පහර එල්ලකිරීම සඳහා භාවිතා වන තුවක්කු හැදින්වීම සඳහා ස්නයිපර් තුවක්කු යන යෙදුම බහුලව භාවිතා වේ. සාමාන්‍ය ස්නයිපර් තුවක්කුවක් නිර්මාණය කෙරෙනුයේ උපරිම නිරවද්‍යතාවක් ලබාගත හැකි වන පරිදිය. සාමාන්‍යයෙන් එයට දුර දක්නයක් සවිකර ඇත. එමෙන්ම එය සකස් කෙරෙනුයේ හමුදාමය centrefire cartridge සඳහා ගැළපෙන පරිදි වේ. බොහෝ විට ජනමාධ්‍යයන් තුළ මිනිසුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කෙරෙන දුර දක්නයක් සවිකර නිරවද්‍යතාව ඉහළ නැංවූ ඕනෑම තුවක්කුවක් හැඳින්වීම සඳහා ස්නයිපර් තුවක්කුව යන යෙදුම භා‍විතා වේ.

    ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවෙයි. ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Snipe නම් කුරුළු වර්ගය ඇසුරෙන් නිර්මාණය වූවකි. කෙසේ නමුත් ස්නයිපර් තුවක්කුව වඩාත් නූතන නිර්මාණයකි. තාක්ෂණයේ දියුණුවත් සමග එනම් වඩාත් දියුණු දුරදක්න සහ වඩාත් නිරවද්‍ය නිෂ්පාදන ක්‍රමවේද කරලියට පැමීණීමත් සමග සාමාන්‍ය පාබල හමුදා අවිවලට වඩා දිග දුර ක්‍රියාත්මක වන අවි භාවිත කරමින් ඉතා නිවැරදි වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් විශේෂයෙන් පුහුණු කළ සොල්දාදුවන් යොදා ගැනීමේ හැකියාව හමුදාවන්ට හිමි විය. සාමාන්‍ය රයිෆලයක් (සාමාන්‍ය බොල්ට් ක්‍රියාකාරිත්වයෙන් යුතු රයිෆලයක්) වුවද දුරදක්නයක් සවිකළ විට ස්නයිපර් රයිෆලයක් බවට පත්වෙයි.


    නිරවද්‍යතාව


    0.5 , 1සහ 3 MOA මිනිස් කවන්දයට මීටර් 800 (වමෙන් ) හා මිනිස් හිසට මීටර්100ක් (දකුණින්) සාමාන්‍ය ජනප්‍රිය මතයට එකඟ නොවූත් ස්නයිෆනර් රයිෆල වලට අසාමාන්‍ය නිරවද්‍යතාවක් තිබීමට අවශ්‍ය නොවේ.විශේෂයෙන්ම සිවිල් ක්‍රීඩා රයිෆල් හා සැසදීමේදී එම රයිෆල් ස්නයිෆල් රයිෆල් වලට වඩා නිරවද්‍ය වේ.නමුත් ස්නයිෆර් රයිෆල් වලට හා හමුදාවේ රයිෆල් වලට වඩා නිරවද්‍යතාවෙන් වැඩි හා සමාන වේ. සාමාන්‍යයෙන් හමුදාවේන නිකුත් කරන බැටල් රයිෆලයක (Battlerifle) හෝ ඇසෝල්ට් රයිෆලයක (Assaultrifle) හි MOA (Minute of Arc)මට්ටම වන්නේ 3 සිට 6 අතර අගයන්ය.සාමාන්‍යයෙන් හමුදා ස්නයිෆර් රයිෆලයක නිරවද්‍යතාව MOA මට්ටම් වලින් 0.5 සිට 2 දක්වා අගයන් ගනී.

    එමෙන්ම පොලිසිය මගින් නිකුත් කරන ස්නයිෆර් අවියක MOA මට්ටම් 0.25 සිට 1.5 දක්වා වේ.කෙසේ වෙතත් සන්සන්දනාත්මකව ගත් කළ තරග වලට යොදා ගන්නා ඉලක්ක රයිෆලයක නිරවද්‍යතාව මට්මම 0.1 MOA දක්වා වේ.

    එක්සත් ජනපද හමුදාවේ සම්මතයන්ට අනුව සාමාන්‍යවයන් නිකුත් කර ස්නයිෆර් රයිෆලයකට MOA මට්ටම් 1ක නිරවද්‍යතාවයක් බලාපොරොත්තු වේ. ඒ අඩු වියදම් හා කටුක පරිසර වලදී දක්වන විශ්වසනීය භාවය ක්‍රියාත්මක කිරීමේ පහසුව හා නඩත්තු කිරීමේ පහසුව වැනි කරුණු වලට නිරවද්‍යතාවය කැපකළ යුතු බැවිනි.මෙවැනි මට්ටමක නිරවද්‍යතාවක් යන්න දළ වශයෙන් යාර 800ක දුරක සිට වෙඩි තැබූ විට අඟල් 8ක විචල්‍යතාවයක් උණ්ඩය ඝට්ටනය ස්ථානයේ පැවතීමයි. මෙය එකී දුර සිට මනුෂ්‍ය රෑපයකට ඉතා ඉහළ සම්භාවිතාවයක් ලෙස සැළකේ. පොලිස් රයිෆලයකට නිරවද්‍යතාව සම්මත බහුල ලෙස නොපැවතුනත් ඒවා බොහෝ විට 1.5 MOA අගයක සිට 0.5 MOA වැනි ඉහළ නිරවද්‍යතා අගයක් දක්වා විහිදේ.එසේම කලාතුරකින් 0.25 MOA තරම් නිරවද්‍ය වන මිළ අධික රයිෆල් මාදිලිද දක්නට ඇත.

    සාමාන්‍යයෙන් පොලීසිය මුහුණ පාන ත්තවයන් 1 MOA අගයක නිවැරදි තාවයක් හොඳින්ම සෑහේ.එසේ වන්නේ පොලීසිය රයිෆල් කුඩා දුර පරාසයන්ට යොදා ගන්නා නිසාය යාර 100 හෝඊට අඩු 30කදී සාපේක්ෂව අඩු නිරවද්‍යතාවයත් පවතින එනම් 1 MOA වැනි අගයක් පවතින රයිෆලයකට පවා නොනවත්තා අගලක ඉලක්කයන්ට පහර දිය හැකිවිය යුතුය එක අගලක් යනු දළ වශයෙන් මනුෂ්‍ය මහපට ඇඟිල්ලේ ප්‍රමානය වේ. එය පොලිස් සැඟවුණු වෙඩික් කරැවන් විසින් ඉක්මන් මරණයක් ළඟා කර දීමට ඉලක්ක කරන මොළ මූළය (Brainsten) වඩා කුඩා වේ.


    උපරිම ඵලදායි පරාසය


    Ekj3outo3jrwlk.JPG



    පොලිස් සිනයිෆර් රයිෆල් මෙන් නොව හමුදා සිනයිෆර් තම ඉලක්කයට හැකි ඈතින්ම පිහිටවනු ලැබේ.එවිට සැඟවුණු වෙඩික්කරු සොයා ගැනීමට අපහසු විම වැනි විශාල පරාසය නිසා වන වාසි වැඩිවේ. කෙසේ වෙතත් මැෂින් තුවක්කු ,බැටල් රයිෆල් ප්‍රති ස්නයිෆර් රයිෆල් වලට‍ ස්නයිෆර් රයිෆලයේ පරාසයට සම වීමට හෝ එය අභිබවා යෑමට හැක.පවතින හමුදා ස්නයිෆර් රයිෆල වලින් ප්‍රසිද්ධතම (භාවිතයේ පවතින සංඛ්‍යාවන් අනුව ) ඒවායේ කුටීර සකසා ඇත්තේ 308 කුටීර පතරොම් වලට‍ය.එනම් 7.62 x51mm සහ 7.62x54mm R වලටය.

    මෙම ශේණියේ ස්නයිෆර් රයිෆර් මීට සමාන පරාස සහිත හමුදාවේ පවතින වෙනත් අවි පවා තරග කළ යුතු නිසා ඒවා අවිකල්පයෙන්ම සිටින ස්ථානය සැඟවෙන සේ දක්ෂ ක්‍ෂේත්‍ර කුසලතාවයෙන් හිමි විය යුතු වේ.

    සුවිශේෂී හමුදා ස්නයිෆර් රයිෆල වල නූනත ප්‍රවනතාවය වන්නේ විශාල පරාසයක් ලබා ගත හැකි වන සේ විශාල තුවක්කු විශ්කම්භ සහිාත වීමයි.මේවාට උදාහරණ සලස පුද්ගල නාශක 0.338 Hapuo Macgnam පතරොම් වන යුද්ධ අවි 0.50 BING 14.5x114mm වේ. මේවා සැගවුණු වෙඩික් කරුවන්ට දරන්නට වඩා අවධානම අවම කරන අතර මෙම අවි වලට සමාන අවි නොදරන සතුරන් හමුවේ සැඟවීමට ස්ථානයක් සෙවීමට ගත කරන කාලයද අඩු කරයි.

    විකිපීඩියා ඇසුරිනි
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අදනම් තුවක්කු දවසක් වගේ මේ දෙවෙනි ත්‍රෙඩ් එක තුවක්කු ගැන කියවන:rofl:

    නියමය ත්‍රෙඩ් එකක් මචන්:D
    rep +++
     
    Last edited: