තෙනලි රාමා

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අපේ රටේ ජනශ්‍රැතියට මිහිරි අඩුවැඩිය එක් කළ අන්දරේ ට සමාන චරිතය ලෝකයේ තවත් රටවලින් ද හමුවේ. දහසය වැනි ශත වර්ෂයේ ඉන්දියාවේ විජයනගර් රාජධානියේ රජකම් කළ ක්‍රිෂ්ණදේව් රායි රජුගේ පුරෝහිත බමුණා ද එවැනි කෙනෙකි. මේ පෙරෙවි බමුණාගේ නම “තෙනලි රාමා” ය. තෙනලිරාමා, ක්‍රිෂ්ණ ලෙස ද හැඳින්වේ. තෙනලි රාමා ඥාණවන්තකමටත්, උපහාස රසයටත් උපන් හපනෙකි. බිනීමේ දක්ෂයෙකි. තෙලිඟු චිත්‍රපට ගණනාවකට ඔහුගේ රසකතා සහ චරිතය වස්තු බීජ විය.



    වම්බටු කෑ හැටි





    ක්‍රිෂ්ණදේව් රායි රජු තමන්ගේ පුරෝහිත මණ්ඩලයට ප්‍රණීත භෝජන සංග්‍රහ පවත්වන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. වරක් ඔහු පවත්වපු එවැනි භෝජන සංග්‍රහයක රසම රස වම්බටු බැදුමක් තිබුණා. තෙනලිරාමා වම්බටු කන්න බොහොම පෙරේතයි. රජ ගෙදර භෝජනාගාරයේ දී රාජකීය වම්බටු බොජුනෙ, රස බැලුව ඔහුට තමන්ගේ හාමිනේගේ අතින් ඒ වම්බටු භෝජනය හදාගන්න කල් ඉවසීමක් නැහැ. එදා හවස තෙනලි ගෙදර ගියේ රාජකීය උද්‍යානයෙන් වම්බටු කිහිපයක් හොරකම් කරගෙන.
    වම්බටු බැදුම තෙනලිගෙ ගෙදර කුස්සියේ රජ බොජුනටත් වඩා රසවත් ලෙස හැදුණා. දැන් තෙනලිට එහි රස බලන කල් සුනංගු වෙන්නත් බැරි ගානයි. එහෙත් ලොකු ප්‍රශ්නයක්. තෙනලිරාමා පුතාගේ කටින් මේ ගැන රජතුමාට කියවෙන්න බැරි නෑ. එහෙම වුණොත් විසුම් හමාරයි. තෙනලි මේකට උපායක් යෙදුවා.
    රෑ බෝ වුණා ම තෙනලිරාමා පුතා ළඟට ගියා. පුතා හොඳට ම නිදි. ඔහු පුතාගේ ඇඟට වතුර බාල්දියක් හැලුවා. “ඔතන ඉන්න එපා. පුතාගේ ඇඟට හොඳට ම හිරිකඩ වැදිලා. යමු යමු ඇතුළට ගිහින් නිදාගනිමු” එහෙම කිව්ව තෙනලිරාමා, පුතා ව ඇහැරවගෙන ගේ ඇතුළට එක්කරගෙන ගියා. නිදාගන්න කලින් රසම රස වම්බටු භෝජනයේ රස බලන්නත් පුතාට අවස්ථාව ලබා දුන්නා.
    ඊළඟ දවසෙ රජගෙදර එක ම ගාලගෝට්ටියක්. රජතුමාගෙ උයනෙන් වම්බටු හොරකම් කරන්න තරම් නිර්භීත වුණේ කවු ද? මෙහෙම දෙයක් කරන්න තරම් බයනැති එකම කෙනා තෙනලි රාමා විතරක් බව ක්‍රිෂ්ණදේව් රායි රජ්ජුරුවො දන්නවා. ඒත් තෙනලි කපටියා. ඔහුගෙ කටින් නම් කවදාවත් ඇත්ත. එළිවෙන්නෙ නෑ. හැබැයි පොඩි ළමයි බොරු කියන්නෙ නැති බව හැමකෙනෙක්ම දන්නා දෙයක්නෙ. ඒ නිසා රජතුමා තෙනලිගෙ පුතාව රාජ සභාවට කැඳෙව්වා.
    “ඊයේ ඔය ළමයාග ගෙදර වම්බටු එහෙම කෑමට ඉව්ව ද?” රජතුමා ඇහුවා.
    “එහෙමයි රජතුමනි, ඊයේ රෑ අනෝරා වැස්සක් වහිද්දි තාත්ත මාව ඇහැරවගෙන එක්කරගෙන ගිහින් වම්බටු කන්න දුන්නා.” තෙනලිගෙ පුතා කිව්වා.
    “මොනවා...?” රජතුමා පුදුම වුණා.” මං හිතන්නේ මේ ළමයා හීනයක් දැකලා වගේ... ඊයේ රෑ වැස්සෙ නෑනෙ..” රජතුමා හිස කසමින් කල්පනා කළා.

     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    තනි ප්‍රශ්නය



    දිනක් ක්‍රිෂ්ණදේව් රායි රජු බැහැ දැකීමට දුරබැහැර දේශයකින් මහා උගතෙක් පැමිණියා. ඔහු රජුගේ පුරෝහිත මණ්ඩලයට අභියෝග කළා. මම ඔබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඔබලා කැමති තනි අමාරු ප්‍රශ්නයකට ද? නැතිනම් ලෙහෙසි ප්‍රශ්න සීයකටද?
    මේ අභියෝගය අනෙක් බමුණන්ට භාරදීමට රජු පැකිළුණා. ඒ නිසා ඔහු තෝරා ගත්තේ තෙනලිරාමාවයි. තෙනලි කෝකටත් කියා තනි අමාරු ප්‍රශ්නය තෝරා ගත්තා.
    විදේශයෙන් පැමිණි උගතා මෙහෙම ඇහුවා. “ඔබ මට කියන්න මුලින් ම මේ ලෝකයට බිහිවුණේ බිත්තරය ද කිකිළිය ද?
    කිකිළිනේ.... ඕක අහන්නත් දෙයක්යැ... ඕකද ඔබේ මහලොකු ප්‍රශ්නය? තෙනලිරාමා කිසි ගාණක් නැතිව උත්තර දුන්නා.
    “හහ් එහෙමද හිතන්නේ...? ඇයි මොකක්ද ඒකට හේතුව...?” උගතා පුරාජේරුවෙන් ඇසුවා.
    “මේ උන්නැහේ... මම උත්තර දෙන්නේ එක ප්‍රශ්නයකට විතරයි කියලා කලින්ම කිව්ව නේද?”
    ඒක තමයි තෙනලිරාමාගෙ පිළිතුර වුණේ.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    හොරුන්ගෙන් වැඩ ගනී



    “තෙනලිරාමා රාජ සභාවේ ලොකු බලවතෙක් නිසා ඔහු ළඟ හුගක් ධනය ඇති.” නගරයේ හොර මුළක් හිතුවා. එදා රෑ තෙනලිගෙ ගේ බිඳින්න හිතාගෙන ඔවුන් වත්තේ හැංගිලා හිටියා.
    කොයි වෙලාවක හරි තමන්ගේ ගේ බිඳින්න ඉඩ තියෙන බව තෙනලිත් දැනගෙන හිටියා. ඔහු එදා රෑ භාර්යාවට මෙහෙම කිව්වා.
    “මේ ඇහුණාද? දැන් මේ හැමතැනම හොරු. ඔය රත්තරන් බඩු ටික පොදි බැඳලා මට දුන්නා නම්.. ළිඳේවත් හංගන්න ඕනේ.”
    ඊට පස්සේ ගෙට ගිය තෙනලිරාමා ආපහු ඇවිත් ළිඳ ළඟට ගිහින් ලොකු පොදියක් ළිඳට දැම්මා. හොරු මැදියම් රැයේ ළිඳ වටේ රැස්වුණා. දැන් ඔවුන් හඬ නොනැගෙන විදිහට ගජරාමෙට ළිඳ ඉහිනවා. වත්ත පුරා ම වතුර ගලාගෙන යනවා. පහුවදා හිමිදිරිය වෙනකල් ම මේ වැඩේ කෙරුණා. ඒත් ළිඳේ වතුර තවම හිඳුණෙ නෑ.
    හිමිදිරි උදේ ම අවදිවුණු තෙනලිරාමා, ඇඟමැලි කඩමින් ළිඳ දිහාවට ගියා. “කොහොම හරි එළවළු පාත්ති ටිකටයි මල්පාත්ති ටිකටයි ඔය යස අගේට වතුර ටික වැටිලා තියෙන්නේ...”
    ජීවිතේ පළවෙනි වතාවට හොරු එදා පණ එපා කියලා දිව්වේ හිස් අතින් වගේ ම ලැජ්ජාවෙන්.
     
    • Like
    Reactions: great ace