අපේ රටේ ජනශ්‍රැතියට මිහිරි අඩුවැඩිය එක් කළ අන්දරේ ට සමාන චරිතය ලෝකයේ තවත් රටවලින් ද හමුවේ. දහසය වැනි ශත වර්ෂයේ ඉන්දියාවේ විජයනගර් රාජධානියේ රජකම් කළ ක්‍රිෂ්ණදේව් රායි රජුගේ පුරෝහිත බමුණා ද එවැනි කෙනෙකි. මේ පෙරෙවි බමුණාගේ නම “තෙනලි රාමා” ය. තෙනලිරාමා, ක්රිෂ්ණ ලෙස ද හැඳින්වේ. තෙනලි රාමා ඥාණවන්තකමටත්, උපහාස රසයටත් උපන් හපනෙකි. බිනීමේ දක්ෂයෙකි. තෙලිඟු චිත්‍රපට ගණනාවකට ඔහුගේ රසකතා සහ චරිතය වස්තු බීජ විය.
වම්බටු කෑ හැටි
ක්‍රිෂ්ණදේව් රායි රජු තමන්ගේ පුරෝහිත මණ්ඩලයට ප්‍රණීත භෝජන සංග්‍රහ පවත්වන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. වරක් ඔහු පවත්වපු එවැනි භෝජන සංග්රහයක රසම රස වම්බටු බැදුමක් තිබුණා. තෙනලිරාමා වම්බටු කන්න බොහොම පෙරේතයි. රජ ගෙදර භෝජනාගාරයේ දී රාජකීය වම්බටු බොජුනෙ, රස බැලුව ඔහුට තමන්ගේ හාමිනේගේ අතින් ඒ වම්බටු භෝජනය හදාගන්න කල් ඉවසීමක් නැහැ. එදා හවස තෙනලි ගෙදර ගියේ රාජකීය උද්‍යානයෙන් වම්බටු කිහිපයක් හොරකම් කරගෙන.
වම්බටු බැදුම තෙනලිගෙ ගෙදර කුස්සියේ රජ බොජුනටත් වඩා රසවත් ලෙස හැදුණා. දැන් තෙනලිට එහි රස බලන කල් සුනංගු වෙන්නත් බැරි ගානයි. එහෙත් ලොකු ප්‍රශ්නයක්. තෙනලිරාමා පුතාගේ කටින් මේ ගැන රජතුමාට කියවෙන්න බැරි නෑ. එහෙම වුණොත් විසුම් හමාරයි. තෙනලි මේකට උපායක් යෙදුවා.
රෑ බෝ වුණා ම තෙනලිරාමා පුතා ළඟට ගියා. පුතා හොඳට ම නිදි. ඔහු පුතාගේ ඇඟට වතුර බාල්දියක් හැලුවා. “ඔතන ඉන්න එපා. පුතාගේ ඇඟට හොඳට ම හිරිකඩ වැදිලා. යමු යමු ඇතුළට ගිහින් නිදාගනිමු” එහෙම කිව්ව තෙනලිරාමා, පුතා ව ඇහැරවගෙන ගේ ඇතුළට එක්කරගෙන ගියා. නිදාගන්න කලින් රසම රස වම්බටු භෝජනයේ රස බලන්නත් පුතාට අවස්ථාව ලබා දුන්නා.
ඊළඟ දවසෙ රජගෙදර එක ම ගාලගෝට්ටියක්. රජතුමාගෙ උයනෙන් වම්බටු හොරකම් කරන්න තරම් නිර්භීත වුණේ කවු ද? මෙහෙම දෙයක් කරන්න තරම් බයනැති එකම කෙනා තෙනලි රාමා විතරක් බව ක්‍රිෂ්ණදේව් රායි රජ්ජුරුවො දන්නවා. ඒත් තෙනලි කපටියා. ඔහුගෙ කටින් නම් කවදාවත් ඇත්ත. එළිවෙන්නෙ නෑ. හැබැයි පොඩි ළමයි බොරු කියන්නෙ නැති බව හැමකෙනෙක්ම දන්නා දෙයක්නෙ. ඒ නිසා රජතුමා තෙනලිගෙ පුතාව රාජ සභාවට කැඳෙව්වා.
“ඊයේ ඔය ළමයාග ගෙදර වම්බටු එහෙම කෑමට ඉව්ව ද?” රජතුමා ඇහුවා.
“එහෙමයි රජතුමනි, ඊයේ රෑ අනෝරා වැස්සක් වහිද්දි තාත්ත මාව ඇහැරවගෙන එක්කරගෙන ගිහින් වම්බටු කන්න දුන්නා.” තෙනලිගෙ පුතා කිව්වා.
“මොනවා...?” රජතුමා පුදුම වුණා.” මං හිතන්නේ මේ ළමයා හීනයක් දැකලා වගේ... ඊයේ රෑ වැස්සෙ නෑනෙ..” රජතුමා හිස කසමින් කල්පනා කළා.