
මට කියන්න තියෙන්නේ ආගමෙන් මිනිස්සු මනින්න බෑ, ස්ලාම් වල ත්රස්ත වැකි තිබ්බා කියලා හැම මුස්ලිම් කෙනාම ත්රස්තවාදියෝ නෙවෙයි. මොහොමඩ් පොඩි කෙල්ලෝ දුෂණය කරා කියලා හැම මුස්ලිම් කෙනාම පොඩි කෙල්ලෝ දූෂණය කරන්නේ නෑ, මං පහරන්නේ නෑ, ගෙවල් බිදින්නේ නෑ, සොරකම් කරන්නේ නෑ, මිනිමරන්නේ නෑ. කරන කොටසක් ඉන්නවා තමයි, නමුත් කොටසක් කරා කියලා හැමෝවම ඒ කොටසට දාලා බනින එක වැරදියි. පුද්ගලයාව මැනිය හැක්කේ ක්රියාවෙන් සහා චේතනාවෙන් පමණයි. හොද යහපත් බුද්ධිමත් ගුණයහපත් මිනිස්සු ඕනෙම ආගමක/ජාතියක ඉන්නවා, ඉතින් ඒ වගේ පුද්ගලයන් අදුනගෙන ඇසුරු කරන්න. ඒකට තමයි කියන්නේ පණ්ඩිතානංච සේවනං කියලා. බෞද්ධයෙක් වුන පළියට සිල්වතෙක් වත්, මුස්ලිම් වුන පළියට ත්රස්තවාදියෙක් වත්, දෙමළ වුන පළියට LTTE වත් වෙන්නේ නෑ. මම හිතන්නේ ඒක තමයි අද කාලේ ඉන්න ගොඩක් දෙනා අවබෝධකරගන්න අමතක කරලා තියෙන්නේ. අපි මේක අවබෝධකරගත්ත දාට තමයි සැබෑ ලෝක සාමය උදාවෙන්නේ.