.
උදේ 5 ටත් රෑ 7න් පසුවත් AC නොදා කාර් එකේ යා හැකි බව..
හන්දියෙ පාන් කඩේට, එලවළු කඩේට, ෆාමසියට මහ දුරක් නැති බව.
සුපර් මාර්කට් එකට යන අතරතුර බඩු ගැනීමට කොතරම් කුඩා සිල්ලර කඩ තියෙනවා ද යන බව..
පොඩි කඩවල එලවළු රොටී කහට උගුරක් කොතරම් රහද යන බව..
කාර් එකේ ෂටර්ස් ඇරගෙන යනවිට සිසිල් සුළං රැල්ලක් එන බව..
මහ දවල් වුව පාරේ නවත්වාගෙන සිටින විට එන්ජින් එක off කරගෙන සිටිය හැකි බව..
තාමත් මට කිලෝමීටර් 5 ක් 10 ක් බයිසිකල් පැදිය හැකි බව...
දාඩිය දාගෙන ඇවිද wash එකක් දාගත් පසු වෙනදාට වඩා සුවදායි නින්දක් ලැබෙන බව..
ත්‍රිවිලර් එකක් නැතුව කිලෝමීටර් එකක් දෙකක් නැතුව තවමත් පයින් ඇවිදිය හැකි බව...
පයින් යන විට හමුවන දිගු කලකින් හමු වූ අසල්වාසීන් කොතරම් සුහද ද යන බව...
තාමත් දුවලා ගිහින් බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිය හැකි බව..
පාර අයිනෙ කවුරුන් හෝ සිටගෙන සිටින විට කොහාටද යන්නෙ.. යන් නගින්න කියන තරමට තාමත් මගේ මනුස්සකම තවමත් ඉතිරිව ඇති බව..
ජීවිත කාලය තුලදී කාලය, මුදල් වැය කර කොතරම් අනවශ්‍ය ගමන් බිමන් ගොස් ඇත්ද යන බව..
(බස්, කෝච්චි නැතුව මහමග රස්තියාදු වන, දුර ගමන් යන අයගෙ දුෂ්කරතාවය මීට වඩ වෙනස් දූක් මුසු අත්දැකීමක් බව ද මම දනිමි )
අර්බුදය තුලිනුත් ජීවිතය විඳිමි..
අර්බුදය තුලිනුත් ජීවිතය විඳිමි..

