තෙල් ඕන නම් ඩිපෝසිට් ඵකක් දෙන්න - ඉන්දියාව..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා ඉන්දියාව විසින් අත්තිකාරම් මුදලක් ඉල්ලා ඇති බව Bloomberg වෙබ් අඩවිය සඳහන් කරනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දුන් ණය පහසුකම අවසන් වීමත් සමඟ මෙම දැනුම්දීම කර ඇතැයි එහි සඳහන් වන්නේ ඉන්දීය ආරංචි මාර්ග උපුටමින්. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිලට ගැනීමට විදෙස් සංචිත නොමැති වීම මත ඉන්දියාව ශ්‍රී ලංකාවට තවදුරටත් ණයට ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇති බවයි ඔවුන් පවසන්නේ.

    මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මුදල් ගෙවීමට නියමිතව ඇති ඉන්ධන නෞකා කිහිපයක් මුදල් ගෙවා අවසන්වන තුරු රඳවා තබා ගැනීමට ද කටයුතු කර ඇතැයි එම වෙබ් අඩවිය කියනවා. මීළඟට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පැවසෙන ඉන්ධන නෞකා හතරද අත්තිකාරම් මුදල් ගෙවීමක් ලැබුණු බවට තහවුරු කිරීමක් ලැබෙන තෙක් බලා සිටින බවත් එහි සඳහන් වෙනවා.

    “බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ට්වීට් කරන ලද ලංකා පෙට්‍රෝලියම් හි භාණ්ඩ ප්‍රවාහන කාලසටහනේ දැක්වෙන්නේ රාජ්‍ය පිරිපහදු සමාගමක් වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් වෙතින් අවම වශයෙන් පෙට්‍රල් සහ ඩීසල් නැව්ගත කිරීම් හතරක්වත් අත්තිකාරම් ගෙවීම තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉන්දියාව දැනටමත් ආහාර, ඖෂධ සහ ඉන්ධන සඳහා පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.5 කට අධික ආධාර ලබා දී ඇත.

    විදේශ විනිමය සංචිත ක්ෂය වී ඇති ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයක් සඳහා ඉන්දියාවෙන් අලුත් අනුමැතියක් බලාපොරොත්තු විය. රජය අලුත් සැපයුම් ලබා ගැනීම සඳහා කටාර් වෙත නියෝජිතයන් යවා ඇති අතර රුසියාවෙන් තෙල් ද සොයමින් සිටී” යි Bloomberg අඩවිය සඳහන් කරනවා.
    #Bloomberg #economiccrisis #fuelcrisis
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඉන්දියාව දැනටමත් ආහාර, ඖෂධ සහ ඉන්ධන සඳහා පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.5 කට අධික ආධාර ලබා දී ඇත.


    ණය ? ආධාර ?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,989
    12,334
    113
    Behind u :p
    ඩේසි ආච්ච්ට කිව්වනම් මැනික් මල්ලක් දෙනව තෙල් ගේන්න 😁