තෙල්-මිල-අඩු-වෙයිද?
වැඩි අගයකින් අද මිල අඩු කළ හැකි බව මුදල් ඇමතිට කියයි
අද (10) පස්වරුවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ, ඉන්ධන මිල සූත්‍රයට අනුවයි. සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද දිනයේත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ගෙන් විමසීමක් කළා. ඇය ප්‍රකාශ කළේ බොහෝ දුරට අද පස්වරුවේ ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි.
ඉන්ධන මිල සූත්‍රයේදී මෙරට ඉන්ධන මිල තීරණය කරනු ලබන්නේ ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබද සැලකිල්ලට ගනිමින්. ඒ අනුව ලෝක වෙළද පොළේ ඉන්ධන මිග ගණන් පිළිබඳ නෙත් නිවුස් සොයාබැලීමක් කළා.
එහිදී තහවුරු වුණේ අමෙරිකානු වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඉකුත් මාසයට සාපේක්ෂව මේ වනවිට අඩු වී ඇති බවයි. ඉකුත් මැයි මස 10 වැනිදා අමෙරිකානු ඩොලර් 61.66 ක් වූ බොරතෙල් බැරලයක මිල අද වනවිට සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 54.29 ක් ලෙසයි.
බි්රතාන්ය වෙළද පොළේද බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලර් 70.62 ක් වූ බොරතෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 63.62 ක් දක්වා පහත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ ලෝක වෙළද පොළේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සීග්‍රයෙන් පහත වැටී ඇති බවයි. ගතවූ මාසයක කාලයේදි අමෙරිකානු ඩොලරයේ අගයද ස්ථාවරව පැවති බවද පෙන්වා දෙනවා. එබැවින් අද සිදු කරන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල ගණන් වැඩි අගයකින් අඩු කිරීමට හැකියාව ඇති බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දෙන්නේ.
ඉකුත් මස 10 වැනිදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදි මෙරට වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමටයි පියවර ගැණුනේ.

මංගල අඩුකරයි ද?