ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටී.
මහ බැංකුව ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකිරීමත්, තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කිරීමත් මත, මෙම තත්වය වඩාත් උග්‍ර වී තිබේ.
ඩොලර් හිඟය හේතුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැවක් වරායේ හිර වී ඇතැයි වාර්තා වේ.
මේ තත්වය හමුවේ රට තුළ ඩීසල් ඇත්තේ සීමිත දින කිහිපයකට පමණක් බවද බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක නැවක් වරායට පැමිණ ඇති අතර ,එහි ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බැවින් පෙට්‍රල් තවත් සති කිහිපයකට ප්‍රමාණවත් වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි .
එසේ වුවද මින් ඉදිරියට ඉන්ධන ඇණවුම් කිරීමට හෝ වරායට පැමිණ ඇති ඩීසල් නැවෙන් ඉන්ධන ගොඩ බෑමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ.
තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි තිහක ට ආසන්න ණය මුදලක් ලැබීමට ඇති අතර,ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි දහදාහක මුදලක්ද ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 6300 ක මුදලක් ද ලැබීමට ඇත.
මේ තත්වය තත්වය තුළ ඉදිරි කාලයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යංශය කියයි.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල්වල මේ වන විට ඉන්ධන හිඟයක් ද ඇතවී තිබෙන බව වාර්තා වෙයි.
මේ අතර ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමට ද සීමා කර ඇත.
Source: https://www.lankadeepa.lk/news/තෙල්-සංස්ථාවට-ණය-දීම-බැංකුවලට-තහනම්/101-608531
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.
මේ ආකාරයට ණයදී බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමාට බාරගත නොහැකි බවද කබ්රාල් මහතා රජයට වැඩිදුරටත් දැනුම්දී ඇත.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබාදීම දිගටම කරන්නැයි රාජ්‍ය බැංකුවලට ඇතැම් පාර්ශව කාලයක සිට විවිධ බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසති.
" ඒ බලපෑම්වලට යටවී කටයුතු කළ කාලය දැන් ඉවරයි. මින් ඉදිරියට නම් ණය දෙන්නම බැහැ. තවදුරටත් ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් තියෙනවා" යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මේ සම්බන්ධයෙන් අප බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ ඛනිජ තෙල් සංස්ථාව ණය ගැනීමේ උපරිම සීමාවට පැමිණ ඇති බවයි.
මේ විදියට ගියොත් ඉදිරියේදී තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තෙල් මත පනවා ඇති බදු ඉවත් කිරීම ප්‍රශ්නයට දැනට තිබෙන එකම විසඳුම බවත් ඔහු සඳහන් කළේය.
තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

තෙල් සංස්ථාවට ණය දීම බැංකුවලට තහනම්