තෙල් සංස්ථාව අලි අමාරුවක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටී.

    මහ බැංකුව ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකිරීමත්, තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කිරීමත් මත, මෙම තත්වය වඩාත් උග්‍ර වී තිබේ.

    ඩොලර් හිඟය හේතුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැවක් වරායේ හිර වී ඇතැයි වාර්තා වේ.

    මේ තත්වය හමුවේ රට තුළ ඩීසල් ඇත්තේ සීමිත දින කිහිපයකට පමණක් බවද බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක නැවක් වරායට පැමිණ ඇති අතර ,එහි ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බැවින් පෙට්‍රල් තවත් සති කිහිපයකට ප්‍රමාණවත් වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි .

    එසේ වුවද මින් ඉදිරියට ඉන්ධන ඇණවුම් කිරීමට හෝ වරායට පැමිණ ඇති ඩීසල් නැවෙන් ඉන්ධන ගොඩ බෑමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ.

    තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි තිහක ට ආසන්න ණය මුදලක් ලැබීමට ඇති අතර,ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි දහදාහක මුදලක්ද ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 6300 ක මුදලක් ද ලැබීමට ඇත.

    මේ තත්වය තත්වය තුළ ඉදිරි කාලයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යංශය කියයි.

    දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල්වල මේ වන විට ඉන්ධන හිඟයක් ද ඇතවී තිබෙන බව වාර්තා වෙයි.

    මේ අතර ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමට ද සීමා කර ඇත.

    image_19c56c02f7.jpg


    image_303c32ca3e.jpg


    Source: https://www.lankadeepa.lk/news/තෙල්-සංස්ථාවට-ණය-දීම-බැංකුවලට-තහනම්/101-608531

    තෙල් සංස්ථාවට ණය දීම බැංකුවලට තහනම්​


    image_019ab452fc.gif



    ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි.

    මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.

    මේ ආකාරයට ණයදී බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමාට බාරගත නොහැකි බවද කබ්රාල් මහතා රජයට වැඩිදුරටත් දැනුම්දී ඇත.

    මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබාදීම දිගටම කරන්නැයි රාජ්‍ය බැංකුවලට ඇතැම් පාර්ශව කාලයක සිට විවිධ බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසති.

    " ඒ බලපෑම්වලට යටවී කටයුතු කළ කාලය දැන් ඉවරයි. මින් ඉදිරියට නම් ණය දෙන්නම බැහැ. තවදුරටත් ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් තියෙනවා" යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

    මේ සම්බන්ධයෙන් අප බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ ඛනිජ තෙල් සංස්ථාව ණය ගැනීමේ උපරිම සීමාවට පැමිණ ඇති බවයි.

    මේ විදියට ගියොත් ඉදිරියේදී තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තෙල් මත පනවා ඇති බදු ඉවත් කිරීම ප්‍රශ්නයට දැනට තිබෙන එකම විසඳුම බවත් ඔහු සඳහන් කළේ‍ය.

    තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

    Source: https://www.lankadeepa.lk/news/තෙල්-සංස්ථාවට-ණය-දීම-බැංකුවලට-තහනම්/101-608531
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    CPC එක වස්සල ඉන්න හාල්පාරුවො ටික එලියට දායිද... නැත්තම් කාබනික සීන් එක වගේ වෙයිද...
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මේවා පෞද්ගලික සමාගම් වලට දීල රජයෙන් නියාමනය කරනම් හරි.

    රජයට පාඩුත් නැ .පෞද්ගලික සමාගම් ඔහොම පාඩු ලබනකන් නිකන් ඉන්නෙත් නෑ .

    සමාගම් දියුණු වෙනකොට ඒ මිනිසු තව ව්‍යාපාර, ආයෝජන ලංකාවට ගේයි .

    රටත් දියුණුවෙයි. අලුත් තාක්ශණය එහෙමත් ඉක්මනට ආයතන වලට එයි.

    එක අතකට රට දෙන්න ඔන බිස්නස් කාරයෙක්ට.

    අනේ මන්දා මේවා රජයෙ උනාම කොමිස් අරව මේව ගහන්ඩ ලේසිනෙ.එවගෙන් ප්‍රයෝජන තියන මිනිසු ඉන්නකන් මේවා මෙහෙමම දුවයි.

    ඒකනෙ අර කන්තලේද කොහෙද සීනි කර්මාන්තශාලව ලාබ ලබද්දි රජයට පවරගන්ඩ දගලන්නෙ.:eek:

    (අදහසක් පමණි.සන්වාදයට)
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    කවුද යකෝ නයට තෙල් හැහුවේ.. ඔකුන්ගේ තෙල් මන්ද කපන්න තියෙන්නේ.. කරන්ට් කපනවා වගේ...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මේවා පෞද්ගලික සමාගම් වලට දීල රජයෙන් නියාමනය කරනම් හරි.

    රජයට පාඩුත් නැ .පෞද්ගලික සමාගම් ඔහොම පාඩු ලබනකන් නිකන් ඉන්නෙත් නෑ .

    සමාගම් දියුණු වෙනකොට ඒ මිනිසු තව ව්‍යාපාර, ආයෝජන ලංකාවට ගේයි .

    රටත් දියුණුවෙයි. අලුත් තාක්ශණය එහෙමත් ඉක්මනට ආයතන වලට එයි.

    එක අතකට රට දෙන්න ඔන බිස්නස් කාරයෙක්ට.

    අනේ මන්දා මේවා රජයෙ උනාම කොමිස් අරව මේව ගහන්ඩ ලේසිනෙ.එවගෙන් ප්‍රයෝජන තියන මිනිසු ඉන්නකන් මේවා මෙහෙමම දුවයි.

    ඒකනෙ අර කන්තලේද කොහෙද සීනි කර්මාන්තශාලව ලාබ ලබද්දි රජයට පවරගන්ඩ දගලන්නෙ.:eek:

    (අදහසක් පමණි.සන්වාදයට)
    Oya logic eka hariyanne na bro 😛
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    දශක ගානක් කරපු බොරුව ඉවර කරන්න වෙන කාලෙ ළඟටම ඇවිත් වගේ. :love2: ණයට විදුලි බල මණ්ඩලේට තෙල් දීල මෝඩ චූන් එකක් ගත්ත කාලෙ ඉවරයි. උගුරට හොරා බෙහෙත් බිව්වට ඒ ණයත් ගෙවන්නෙ තම තමන්ම තමයි කියලා රටේ මෝඩ හැත්ත දැන්වත් තේරුම් ගනියි.

    ගොබ්බයො ලයිට් එකක් වත් දාගන්න බැරුව ඉද්දි මැති, ඇමතිලා, ධනපතියො උන් පොළීත් එක්ක ගෙවන ණය සල්ලි වලින් සහන මිලට මෙච්චර කල් තෙල්/කරන්ට් එක අරන් ආතල් එකේ ඉඳල කියල තේරෙයි. ඇත්තටම සහන තිබුනෙ කාටද කියල තේරුනාම රිදෙයි හොඳටම. :lol:
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    ක්‍රිකට් මණ්ඩලේට ඕනේ ලංකාව පරද්දන්න

    ආණ්ඩුවට ඕනේ මිනිස්සුන්ව පිඩාවට පත්කරන්න

    වියාපාරිකයන්ට ඕනේ බොරදියේ මාළු බාන්න

    ගොඩක් අයට ඕනේ හොරට රැකියාව කරලා පඩි ගන්න