තෙල් හමුවූ මන්නාරම් මුහුදේ කෙයාන් දෙවන පි
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ කළ පළමු කැණීමෙන්ම ගෑස් හා ඛනිජ තෙල් නිධියක් සොයාගත් බව ප්‍රකාශ කළ කෙයාන් ලංකා සමාගම මන්නාරම් මුහුදේ දෙවන කැණීමද ආරම්භ කරයි.
කෙයාන් ඉන්දියා සමාගමට අනුබද්ධ මෙම සමාගම පසුගියදා පැවසුවේ මන්නාරම් මුහුදේ මීටර් 3000 ක් පමණ ගැඹුරේ මීටර් 25 ක හයිඩ්‍රොකාබන් නිධියක් තිබෙන බවයි.
කෙයාන් සමාගම දෙවන තෙල් ලිඳ කැණීම ආරම්භ කර තිබෙන්නේ ඔක්තෝම්බර් 04 වනදා වන අතර 2012 මුල් කාලයේදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙන මෙම ඛනිජ තෙල් ගවේෂණ වැඩසටහන යටතේ තෙල් ලිං තුනක් කැණීමට සමාගම අදහස් කර ඇත.