තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන &#3524

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන &#3524

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන හෙළිනොවූ රහස්

    දේහය පිළිබඳ වෘත්තාන්තය හා වර්තමාන හෙළිදරව්ව

    lanka+e+gossip+news7.jpg


    රාහුල හිමි අපවත්වීමට පෙර උන්වහන්සේ ඉතා වටිනා ඖෂධයක් පාවිච්චි කළ බවත්, එම ඖෂධයේ බලයෙන් උන්වහන්සේගේ සිරුර දින කෝටියක් නරක් නොවී තබාගත හැකි බවත්, එම සිරුර පෘතුගීසීන් විසින් රැගෙන යනු ලැබූ බවත් අද 'ගෝවේ ශාන්ත සේවියර් ' තුමාගේ යැයි ප‍්‍රදර්ශනය කරන දේහය වෙන කාගේවත් නොව රාහුල හිමියන්ගේම යැයි සිංහලයන් තරයේ විශ්වාස කරයි.

    ඇත්ත වශයෙන්ම ගෝවේහි, ජේසු ජන්ම බැසිලිකා නම් පල්ලියෙහි දාසයවැනි ශත වර්ෂයේ විසූ ශාන්ත සේවියර්ගේ යැයි විශ්වාස කෙරෙන දේහයක් ඇති අතර, වාර්තාවලට අනුව මෙම දේහය කිසි දිනක 'එම්බාම්' කර නොමැති අතර බොහෝ කලක් ඉතාම හොඳ තත්ත්වයේ පැවත දැන් කෙමෙන් කෙමෙන් දිරාපත්වීමට පටන්ගෙන ඇති බව පැවසේ.

    කතෝලික බැතිමත්හු මෙම දේහය ශාන්ත සේවියර් නමැති, 1552 නොවැම්බර් මස 20 වැනි දින චීන වෙරළබඩ ආසන්න දුපතක් වන ”සැන්ක්ෂන්” නමැති දුපතේ දී මියගිය, "සංචාරක පූජක" තුමාගේ දේහය යැයි පවසති.

    ශාන්ත සේවියර් පූජකතුමා සම්බන්ධයෙන් ලියූ පොත පත අනුව ඔහුගේ ඉතිහාසය සැකෙවින් මෙසේ ය.

    ප‍්‍රැන්සිස් සේවියර් උපත ලැබුවේ 1506 අපේ‍්‍රල් මස 7 වැනි දින ස්පාඤ්ඤයේ නවාරා යන පෙදෙසෙහි ය. 1537 ජුනි මස 24 වැනි දින ඔහු රෝමයේදී පූජකයකු බවට පත්වූ අතර පාප් වහන්සේ ඔහු දුරස්ත නැගෙනහිර දිශාවේ තම නියෝජිත/පණිවිඩකරු ලෙස පත්කර හැරියේ ය. එතැන් පටන් ප‍්‍රැන්සිස් පියතුමා බොහෝ දුර සංචාරය කරමින් ශුද්ධ වූ බයිබලය උගන්වමින්, ගෝවේ තම මූලස්ථානය කර ගනිමින් ආගමික කටයුතුවල නිරත විය. ඒ කටයුතු නිසාම ඔහුට "සංචාරක පූජකතුමා" යැයි නමක් ද පටබැඳිනි. අවසාන කාලයේ ඔහු ජපානයට ගිය අතර, වර්ෂ 1552 දී චීනයට ගියවිට අසනීපයට පත්වී "සැක්න්ෂන්" දුපතෙහි 46 වියෙහි දී අභාවප‍්‍රාප්ත විය.


    lanka+e+gossip+news1.jpg


    1931 දෙසැම්බර් 1දින නිකුත් කරනු ලැබූ 'කැතලික් මැසෙන්ජර්' නම් පුවත්පතෙහි මෙම දේහය පිළිබඳ පහත දැක්වෙන පරිදි විස්තර සඳහන් වෙයි

    එම විස්තර ලබාගෙන ඇත්තේ ටි‍්‍රචිපොලෙහි පූජක කැස්ටස් පියතුමා විසින් සම්පාදනය කරන ලද "කෘති‍්‍රම එම්බාම්කරණයෙන් තොරව මළ සිරුර නරක් නොවී සකස් කිරීම" යන කෘතිය ආශ‍්‍රයෙනි.

    ප‍්‍රැන්සිස් පියතුමාගේ දේහය සැන්ක්ෂන් දුපතේ සිකුරාදා සිට ඉරිදා දක්වා තබා, රළු මිනී පෙට්ටියක බහා එහි විශාල ප‍්‍රමාණයක් හුණු දමා (සිරුර නරක්වීමේ කි‍්‍රයාවලිය වේගවත් කිරීමට) කුඩා කන්දක් යට වළලනු ලැබී ය.

    අනතුරුව මාස දෙකහමාරකට පසුව එනම් 1553 පෙබරවාරි 13 වන දින සැන්ක්ෂන් සිට මලක්කාවට නෞකා යාත‍්‍රා කිරීමේ කාලය පැමිණ ඇති බැවින් පියතුමාගේ ඇට කටු ඉන්දියාවට යැවීමට සැළම්කොට මිනීවළ විවෘත කරන ලදී.

    මිනී පෙට්ටිය විවෘත කොට හුණු ඉවත් කළ විට සිරුර ඉතාම හොඳ තත්ත්වයෙන් තිබෙනු නිරීක්ෂණය කරන ලදී. එසේම මිහිරි සුවඳක් ද ඉන් වහනය වන්නට පටන්ගෙන තිබිණ. එය සනාථ කිරීම සඳහා කකුලේ කලවයට තුවාල කළ විට පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. සිරුර යළි පෙට්ටියට දමා හුණුවලින් ආවරණය කොට "සැන්ටාක්‍රෝසෙ" යන නෞකාවට පටවන ලදී.​

    lanka+e+gossip+news9.jpg


    1553 මාර්තු 27 වැනි දින සැන්ටාක්‍රෝසෙ නෞකාව මලක්කාවට සේන්දු වූ අතර එම මිනී පෙට්ටිය ඉතාම අලංකාර වර්ණවත් උත්සවයකින් "අවර්ලේඩි ඩි මොන්ටෝ" යන පල්ලියට ගෙන යන ලදී. මිනීපෙට්ටිය විවෘත කොට යළිත් දේහය ඉතාම හොඳින් තිබෙන බැව් නිරීක්ෂණය කොට (පැළඳු ඇඳුම් ද සහිතව) නැවත වරක් පල්ලියේ භූමියේ භූමදාන කරන ලදී.

    දේහය මෙවර භූමදාන කළ අයුරු විස්තර කර ඇත්තේ මෙසේ ය.

    "දේහය ඉවතට ගෙන ඝන රෙද්දකින් ඔතා, තෙත බරිත වූ පසෙහි, මිනී පෙට්ටියක් ද නොමැතිව, හිසට කුඩා මෙට්ටයක් තබා මුහුණ කුඩා රෙදි කැබැල්ලකින් ආවරණය කොට බහාලන ලදී. මිනීවළ දේහයට වඩා ටිකක් කුඩා වූ බැවින් එය බලෙන් ඇතුළට ඔබා පස් දමා තදකරන ලදී. මේ අවස්ථාවේ දී සිරුරෙහි බෙල්ල කැඞී තුවාලයක් සිදුවී රුධිරය පිට වූ අතර එයින් මිහිරි සුවඳක් ද වහනය වන්නට පටන් ගති.

    එම වසරේම අගෝස්තු මස "සේවියර් පියතුමාගේ" හොඳ මිතුරකු වූ ජෝන් ඞී බර්ස් නමැති පියතුමා මලක්කාවට පැමිණ දේහයට ගෞරවනීය භූමදානයක් දෙනු පිණිස එය යළි ගොඩගන්නා ලදී. එතරම් අගෞරව ලෙස කිසිදු ආරක්ෂාවක් නොමැතිව තෙත බරිත පස් ගොඩක මාස 5 ක පමණ කාලයක් තිබූ සිරුර කිසිසේත්ම නරක් නොවී තිබෙනු ඔහුට නිරීක්ෂණය විය. එසේම ඔහු පහත සඳහන් ලෙස සිරුරේ තුවාල ද සටහන් කරගති.

    "පස් දමා තද කරන විට තියුණු ගලක කොනක් වැදීම නිසා මුහුණේ වම් පැත්තේ ගැඹුරු තුවාලයක් ඇතිවී ඇති අතර නාසය තැලී හීරී ඇත. මුහුණු ආවරණය කළ රෙදි කැබැල්ල සහ හිසට තැබූ කුඩා මෙට්ටය ලෙයින් නැහැවී ඇත. ශරීරය ඇතුළේ සිදු වී ඇති තුවාලය නිසා රුධිරය මුවින් පිටවී ඇත.” යනුවෙනි.

    අනතුරුව පියතුමා සිරුර ඉන්දියාවට යැවීමට සැළසුම් සූදානම් කරන ලදී. ඒ සඳහා සේවියර්ගේ ධනවත් මිතුරකු වූ ඩියාගෝ පෙරේරා උදව් වීය.

    ඉතා හොඳ අලංකාර මිනී පෙට්ටියක් සාදා එහි තැන්පත්කොට ඉන්දියාවට යැවීමට යාත‍්‍රාවක් එනතුරු බලා සිටියහ. දින 18 කට පසුව එනම් 1553 සැප්තැම්බර් මස යාත‍්‍රාව මලක්කාවෙන් පිටත්වූ අතර 1554 දී මාර්තු මස 15 වැනි දින එය ගෝවේට ළඟා විය. දේහය රාජකීය ගෞරවයෙන් පිළිගෙන ගරු කටයුතු අලංකාර ඇඳුම් අන්දවා උත්සවශ්‍රීයෙන් ශාන්ත පෝල් ඉපැරණි පල්ලිය වෙත ගෙන යන ලදී.


    lanka+e+gossip+news19.JPG


    එහි දින 3ක් බැතිමතුන්ගේ ගෞරවය සඳහා තබන ලදී. මෙහිදී ඉතා උසස් දෝන ඉසබෙලා ටී කැරොන් නමැති රාජකීය කාන්තාව දේහයේ පාදය සිඹින මුවාවෙන් පාදයේ කුඩා ඇඟිල්ල මුවින් හපා වෙන් කර ඇත. එවිට රුධිරය ගලා ඒමට පටන්ගති. ජනතාවගේ බුහුමන් අවසානයේ මිනී පෙට්ටිය වසා දමන ලදී.

    ශාන්ත සේවියර් පියතුමාගේ දේහය පිළිබඳව ලියා ඇති බොහෝ පොත්පත් සහ පුවත්පත්වල සඳහන්ව ඇති විස්තර එනම් ඔහු චීනයේ සැන්ක්ෂන්වල මිය ගිය දින සිට ගෝවේට ගෙන එනතුරු සිදු වූ සිදුවීම් දක්වා ඇත්තේ ඒ අයුරිනි.


    දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා

    දැනට තිබෙන වාර්තා අනුව මෙම දේහය පිළිබඳව වෘත්තීමය නිපුණත්වයෙන් යුත් වෛද්‍යවරුන් වරින් වර පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ පිළිබඳව වාර්තා පහත සඳහන් පරිදි වේ.

    වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝගේ මරණ පරීක්ෂණ

    lanka+e+gossip+news17.jpg


    වර්ෂ 1558 නොවැම්බර් මස වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝ විසින් දේහය පරීක්ෂා කොට ඇති අතර ඔවුහු දිවුරුම් මත ඉදිරිපත් කර ඇති වාර්තාවන් මෙසේ ය.

    "වයිස්රෝයි සාමිවරයාගේ නිල වෛද්‍යවරයා වන වෛද්‍ය කොස්මස් සරාවියෙන් වන මා විසින් ප‍්‍රැන්සිස් පියතුමන්ගේ (ශාන්ත ප‍්‍රැන්සිස් පියතුමා යැයි සඳහන් කර නොමැත්තේ ඔහු ඒ වනවිට ශාන්තුවරයෙක් ලෙස පත්කර නොමැති නිසායි) දේහය ගෝවේ නගරයේ දී පරීක්ෂා කර බැලීමි.

    සිරුරේ හැම කොටසක්ම පරීක්ෂා කොට බැලූ අතර උදරය ඔබා බැලීමේ දී අතුනුබහන් ඉතා හොඳ තත්ත්වයේ තිබෙන බැව් අවබෝධ කොට ගතිමි.

    සිරුර එම්බාම් නොකොට නරක් නොවීමට කෘති‍්‍රම ලෙස ශරීරයට කිසිවක් ඇතුළු නොකොට මෙම තත්ත්වය පවතී.මා සිරුරේ වම් පැත්තේ හදවත පෙදෙසහි සිදුරක් හෝ තුවාලයක් වැනි දෙයක් දැක ජේසුස් වහන්සේගේ ගිහි සහෝදරයින් දෙදෙනෙකුට ඔවුන්ගේ ඇඟිලි ඒ තුළට දමන ලෙස කියූ අතර එසේ ඇඟිලි දැමූ පසු එකෙණෙහිම පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති.

    මා ඒ රුධිරය ආඝ‍්‍රාණය කළමුත් එහි කිසිදු දුඟඳක් නොවී ය. පාද සහ සිරුරේ අනික් කොටස් මාංශ ඇතුළුව ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර මෙම සුරක්ෂිතභාවය රසායනික හෝ වෛදික මාර්ගයකින් පැහැදිලි කළ නොහැක. 1556 නොවැ 18 වන දින ගෝවේහි දී වෘත්තිමය දිව්රුම් දීමක් මත සහතික කොට ප‍්‍රකාශ කරමි."

    ”දොස්තර රිබේරියෝ වන මා, මෙම පූජනීය දේහය රිසි සේ පරීක්ෂා කළෙමි. පාද සිට දණහිස් දක්වා සහ දෙඅත් ද පරීක්ෂා කළ අතර සම්පූර්ණ සිරුර මාංශ පේශින්වලින් වැසී, ස්වභාවික වර්ණයෙන් යුතුව හොඳින් සුරැකි තිබුණි.මාංශ ඉතා මෘදු සහ තෙත් ගතියෙන් යුක්ත විය. වම් පාදයේ දණ හිස මත පිටතින් ඇඟිල්ලක තරමේ එක පහරකින් සිදු වූ තුවාලයක් වූ අතර, පිට වූ පසු කාලයක් තිබීමෙන් කළු පැහැ ගන් වූ ලේ පැල්ලම් තුවාලය වටේට දක්නට ලැබිණ.

    උදරයේ ද වම් පැත්තේ තුවාලයක් වන් කුඩා සිදුරක් දුටුවෙමි. එම සිදුර තුළින් මා ඇඟිල්ලක් දැමූ අතර පළමුව එහි රික්තයක් වූ නමුත් තවදුරටත් එබීමේ දී වියළි ගිය අතුනුබහන් ස්පර්ශකිරීමට හැකි විය. මම කොපමණ යටට අත දැමුවත් කිසිම දුර්ගන්ධයක් මට නොදැනුණි. හිස යට කුඩා මෙට්ටයේ ද, දණහිස් මත මෙන් දීර්ඝ කාලීනව පිට වූ රුධිරයේ පැල්ලම් දක්නට ලැබුණි. මේ සියල්ල මා 1556 දෙසැම්බර් 1 වන දින නිරීක්‍ෂණය කළෙමි."


    lanka+e+gossip+news159.jpg

    වෛද්‍ය ලැලිසියානෝ රාමොස්ගේ වෛද්‍ය පරීක්‍ෂණය:

    lanka+e+gossip+news1769.jpg


    මේරි රැජිණගේ අණ පරිදි 1782 ජනවාරි 1 වන දින දේහය පිළිබඳ තවත් පරීක්‍ෂණයක් පවත්වන ලදී. එය නිරීක්‍ෂණය කිරීමට ආණ්ඩුකාරතුමා, කපිතාන් ජනරාල්වරයා. පරිපාලන නිලධාරී සහ ගෝවේහි පූජක අධිකාරියේ බලධාරීන් පැමිණ සිටි අතර පසු දින පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කරන ලදී.

    අති අභිමානවත්, ආණ්ඩුකාර ෆෙඞ්රික් ගිල්ගර්ම් ඩි සොයිසා සාමිවරයාණෙනි. උතුම් වූ රැජිනගේ අණපරිදි පූජනීය දේහය කුමන තත්ත්වයේ තිබේද යන්න පරීක්‍ෂාකිරීමට එය බහාලූ පෙට්ටිය විවෘත කළ අතර එම දේහයට අදාළ පූජනීය සළු අන්දවා තිබිණ.හිස සුරක්ෂිතව තිබූ අතර හිසකෙස් කුඩා ප‍්‍රමාණයක් හිස් කබලේ තිබිණ. මුහුණ දකුණු පැත්ත සීරීමකට අමතරව මනාව සුරක්ෂිතව තිබූ අතර, හොඳ වර්ණයෙන් ද, සමින් ද වැසී තිබුණි. කන් දෙකම හොඳ තත්ත්වයේ තිබූ අතර, එකක් නෑර දත් සියල්ලම තිබුණි.

    වම්අත සමින් වැසී ස්වභාවික වර්ණයෙන් යුක්ත වූ අතර දකුණු අත දක්නට නොවීය. ජේසුස් ෆාහේරාගේ කාලයේ මෙම අත කපා රෝමයට ගෙන යන ලදැයි ජනප‍්‍රවාදයක් වේ. ශරීරයේ අනෙකුත් අවයව පරීක්‍ෂාකිරීමේ දී අතුණුබහන් නොමැති බැව් නිරීක්‍ෂණය කරන ලදී.

    කලවායන්හි සම ගැල වී යමින් තිබූ නමුත් පාදයන්හි සම තිබූ අතර එය ඉලිප්පී පෙනෙන්නට තිබුණි. පාදවල එක් ඇඟිල්ලක් නැතිව අන් සියලූම ඇඟිලි සහ එහි නියපොතු ද විය. පාදයේ එක් ඇඟිල්ලක් නොතිබූ අතර එය එක්තරා භක්තිමත් කාන්තාවක් විසින් ඩැහැ ගන්නා ලදුව දැන් එය ජනරාල්වරයාගේ නිවාසයේ තිබේ.

    රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් රචිත "තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ" නම් කෘතිය ඇසුරෙණි.


    වීඩියෝ පහතින් නරබන්න





    මෙය මගේ නිර්මානයක් නොවන අතර...ලිපියට ලැබෙන සියළු ගෞරවය මෙහි කතෘ තුමා වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා වෙත ලැබිය යුතුය.අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් කොටන්න..රී පෝස්ට් එකක් නම් සමා වෙන්න ..

    මම කොපි කලේ මෙතනින්..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කියන්නේ මේ මෘතශරීරය රාහුල හාමුදුරුවන්ගේ කියන එක බොරුවක් ද?කොහොම වුනත් වැදගත් ලිපියක්,බෙදා ගත්තට බොහොම ස්තූතියි.:)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහාචාර්ය නලින් ද සිල්වා, ඔහුගේ මේ දේශනයේදී කියනවා, අර නාථ දෙවියන් හා සම්බන්ධ වෙන කාන්තාව හරහා ඔහු, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දිව්‍ය ආත්මය සමග කතා කළා කියල...පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න.මහාචාර්යතුමා කියනවා, රාහුල හාමුදුරුවෝ, ඔහුව මේ මගේ පරණ මිත්‍රයා කියල අදුන ගත්තා කියලත්....1:01:45 time එකේ ඉදල අහන්න..



    මේ තියෙන්නේ හරියටම ඒ කතාව කියන අදාළ තැන..


    http://youtu.be/hB3Mjsxi8e0?t=1h1m44s
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යාලුවනේ, ඔය උඩ තියෙන video එක ගැන මොකද හිතන්නේ? ඒ කතාව ඇත්තක් වෙන්න පුලුවන්ද?