මේ පාර තොටවත්ත ගේම ගොඩ දාල දෙයි වගේ.
නෑ බන් ඔය කරන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියලා කපන එක. තොටවත්තයා මම දන්න විදියට රාජපක්ෂ විරෝධී. දැන් ඉන්න ආණ්ඩුවත් ප්‍රෝ රාජපක්ශ. දැන් ආගම්වාදී, ජාතිවාදි රැළි අරන් කැම්පේන් එකක් පිච් කරන්න කිසිම ආණ්ඩුවකට ලේසි නෑ. උන් එහෙම ගේමක් ගහන් එනකොටම මොකෙක් හරි යූ ටියුබ් කාරයෙක් ඒක ලීක් කරනවා.
මේ දවස් වල සිංහලයොන්ගේ බොලඳ පාට් එකක් තියනවා සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න. මේක නරක නෑ. හොඳ දෙයක්. ආගමෙන් කවුරුවත් බෙදන්න ඕන නෑ. ආගම් විවේචනය කලා කියලා මිනිස්සු බෙදෙන්නෙත් නෑ. දැන් ලංකාවේ සබ්ජෙක්ට් එක අදාල නෑ, මුස්ලිම් එකෙක්ව උඩ තියලා තමුන් ජාතිවාදී නෑ කියලා පෙන්නන්න ආසාවක් තියන සෙට් එකක් ඉන්නවා. මුස්ලිම් විතරක් නෙවෙයි, වෙනදා මහින්දලා ප්‍රොමෝට් කරලා ගහපු හැම මතයකින්ම ගුටි කාපු උන් පස්සෙ ගිහින් රැඩිකල් කියලා ලකුණු දාගන්න මෝඩ සෙට් එකක් ඉන්නවා. E.g:13ට මහින්දලා විරුද්ධ වුන නිසා 13 හරි කියලා හිතනවා වෙන 13 ගැන මුකුත් නොදැන. මෙන්න මේ වගේ දේවල් ටිකක් එකතු කරන් මහින්දලගෙ කැම්පේන් එකට විරුද්ධ උන් ටිකට ගහලා, මහින්දලා ඉස්සෙල්ලා විරුද්ධව වුන හිටපු මත ටිකම අරන් ආයේ රැඩිකල් විදියකින් එන්න ට්‍රයි එකක් දෙන්නෙ ඔය. හරියට බලපන් වෙනදා ඔහොම මුස්ලිම් උන් ටිකක් නඩු දැම්ම නම් ඉස්සෙල්ලම රෙදි උස්සන් එන්නෙ ඩෑන් ප්‍රියසාද්, බලංගොඩ කස්සප, ගලබොඩයයි. උන් ඕකට මීක් නැ. සමහරවිට ටික දවසකින් උනුත් රෙදි උස්සන් එයි, අපි ආගම් විරෝධී නෑ, අපි විරුද්ධ උනේ අන්තවාදීන්ට, මේ වගේ ආගම් වලට අපහාස කරන උන්ට අපිත් විරුද්ධයි කියාගන.
මෙතන තව විදියකින් මුන් ට්‍රයි කරන්නේ පරණ සමාජ සම්මත වලට විරුද්ධව මේ දවස් වල රට වෙනස් වෙන්න ඕන කියලා හිතන මිනිස්සුන්ගෙ අයිඩියා ටිකෙන්, පරණ මිනිස්සුන්ට හිත රිදෙන විදියෙ පොඩි පොයින්ට් ටිකක් පෙන්නලා, "මෙන්න බලපන් වෙනසක් ඉල්ලන උන් කියන කතා" වගේ පොයින්ට් එකක් හදලා, මිනිස්සුන්ටම කියලා "අපිට සිස්ටම් චේන්ජ් එකක් ඕන නෑ, සිස්ටම් චේන්ජ් උනොත් අපිට අපහාස වෙයි, හිටපු විදියටම වෙනස් නොවී ඉමු" කියන තැනට මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන එක.