ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එතකොට බුදු රජානන් වහන්සේ කවර ලෙසකින්වත් වචන භාවිතා නොකරද අන් අය තුල චතුරාර්යය සත්යය ඥාණය ඇති කලේ? බුදු රජානන් වහන්සේ චතුරාර්ය සතයය ඥාණය ගැන විස්තර කර නැත්ද? ඔබ දක්වන ලද භික්ෂූව කවර කාරණාවකටද දෙසන්නේ? ඔබ ඒ දේශනාවන් අන් අයට දක්වන්නේ ඒ ඔබේ ක්‍රියාව කිසිම ඵලක් නැතැයි යන අදහසින්ද?

    බුදුරජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇති කලේ ධර්මය දේශනා කරලද නැත්නම් තමන් සතු ඥාන ආදිය ගැන දේශනා කරලද ? අවශ්‍ය වන්නේ නිවැරදි ධර්මය මිස ඥාන ආදිය ගැන දැනගැනීම නොවෙයි.

    මුන් වහන්සේ ධර්මය දේශනා කරන්නෙත් සත්වයන් නිවන් දැක්වීම පිනිස මිස අන් යමක් සඳහා නොවෙයි.ඒ සඳහා ධර්මය දේශනා කරනවා මිස තමන් සතු ඥාන ආදිය ගැන දේශනා කිරීමක් උන්වහන්සේ විසින් සිදු කෙරෙන්නේ නැහැ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    එවැනි උත්තමයෙක් හඳුනගන්න චතුරාර්ය සත්‍ය අවබෝද කරගෙන ඉන්නම අවශ්‍ය නෑ. සසරෙ ප්‍රගුන කරපු දහම් ඇස ඇති අයෙකුට එඇනි කෙනෙක් පහසුවෙන් හඳුනගන්න පුලුවන්.නමුත් ඒ බාහිර ස්වරූපයෙන් නෙමෙයි. උන්වහන්සෙ දේශනා කරන දේ අනුවයි හඳුනගත හැක්කේ.

    ඔබතුමාට සසරෙ ප්‍රගුන කරපු දහම් ඇසක් තියෙනව කියල දැන්ගත්තේ කොහොමද? පෙරවිසුකඳ පිලිවෙල දන්නා නුවන ඔබතුමාට තියෙනවාද?

    අපොයි ඔව් උන්නන්සේ දේශනාකොරන එවායින් අපිට තේරෙනවා උන්නාන්සේට තියෙන්න සයිකෝසියාව (psychosis). මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරන්න.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුදුරජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇති කලේ ධර්මය දේශනා කරලද නැත්නම් තමන් සතු ඥාන ආදිය ගැන දේශනා කරලද ? අවශ්‍ය වන්නේ නිවැරදි ධර්මය මිස ඥාන ආදිය ගැන දැනගැනීම නොවෙයි.

    මුන් වහන්සේ ධර්මය දේශනා කරන්නෙත් සත්වයන් නිවන් දැක්වීම පිනිස මිස අන් යමක් සඳහා නොවෙයි.ඒ සඳහා ධර්මය දේශනා කරනවා මිස තමන් සතු ඥාන ආදිය ගැන දේශනා කිරීමක් උන්වහන්සේ විසින් සිදු කෙරෙන්නේ නැහැ.

    එතකොට දුක්ඛේ ඥානං ආදී ලෙස පවසා ඇති චතුරාර්යය සත්‍ය ඥානය ආදිය බුදු රජානන් වහන්සේ විසින් නොපවසා ඇතැයි ඔබ පවසනවාද? ආර්යය අෂ්ඨාංගික මාර්ගය යන්නත් ඥානයක්ම ලෙස ඇතිකරගත යුතු කාරණාවක් (චතුරාර්යය සත්‍ය ඥානයේ හතරවන ඥානය) විස්තර ලෙසින් පවසා ඇතැයි යන්න ඔබ නොපිළිගන්නවාද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එතකොට දුක්ඛේ ඥානං ආදී ලෙස පවසා ඇති චතුරාර්යය සත්‍ය ඥානය ආදිය බුදු රජානන් වහන්සේ විසින් නොපවසා ඇතැයි ඔබ පවසනවාද? ආර්යය අෂ්ඨාංගික මාර්ගය යන්නත් ඥානයක්ම ලෙස ඇතිකරගත යුතු කාරණාවක් (චතුරාර්යය සත්‍ය ඥානයේ හතරවන ඥානය) විස්තර ලෙසින් පවසා ඇතැයි යන්න ඔබ නොපිළිගන්නවාද?

    ඥාන ගැන කල හැක්කේ විස්තර කිරීමක් පමණයි.ඥාණ යනු ධර්ම මාර්ගයේ ගමන් කර ලබාගත යුතු දෙයක් මිස ඒ ගැන කතා කර කර දේශනා කර සිටිමින් ලබා ගත හැකි දෙයක් නොවෙයි. එම ඥාන ලබාගැනීමට නම් ධර්ම මාර්ගය අනුගමනය කල යුතුයි. බුහුන් වහන්සේ කලෙත් ඒ ගැන විස්තර කිරීමක් පමනයි.

    මේකෙ කියල තියෙන දේ බලන්න.නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඥාන ගැන කල හැක්කේ විස්තර කිරීමක් පමණයි.ඥාණ යනු ධර්ම මාර්ගයේ ගමන් කර ලබාගත යුතු දෙයක් මිස ඒ ගැන කතා කර කර දේශනා කර සිටිමින් ලබා ගත හැකි දෙයක් නොවෙයි. එම ඥාන ලබාගැනීමට නම් ධර්ම මාර්ගය අනුගමනය කල යුතුයි. බුහුන් වහන්සේ කලෙත් ඒ ගැන විස්තර කිරීමක් පමනයි.

    එහෙම නම් ඔබට ඇති ධර්ම ඥානය විස්තර කල හැකි ආකාරයේ දෙයක් වෙන්න ඕනෑ. ඒ නිසා ඒ ඔබට ඇති යැයි ඔබ පවසන සහ විස්තර කල හැකි යැයි ඔබම පවසන ඔබේ ධර්ම ඥානය ගැන විස්තර කරන්න.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඥාන ගැන කල හැක්කේ විස්තර කිරීමක් පමණයි.ඥාණ යනු ධර්ම මාර්ගයේ ගමන් කර ලබාගත යුතු දෙයක් මිස ඒ ගැන කතා කර කර දේශනා කර සිටිමින් ලබා ගත හැකි දෙයක් නොවෙයි. එම ඥාන ලබාගැනීමට නම් ධර්ම මාර්ගය අනුගමනය කල යුතුයි. බුහුන් වහන්සේ කලෙත් ඒ ගැන විස්තර කිරීමක් පමනයි.

    මේකෙ කියල තියෙන දේ බලන්න.නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි.

    ඉතින් ඔබට අනුව ඥානයන් වචන වලින් කියන්න බැහැ. ඒ එක්කම ඔබට අනුව බුදු රජානන් වහන්සේ එවන් වචන වලින් කියන්න බැරි නමුත් එවන් ඥානයන් විස්තර කර තිබෙනවා. මේ ඔබ සතු ධර්ම ඥානය ගැන ඉඟියක් වෙන්න පුළුවන්.

    ඊට අමතරව ඔබට අනුව බුදු රජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇති කලේ ධර්මය දේශනා කරලා මිසක් තමන් සතු ඥාන ආදිය ගැන දේශනා කරල නොවෙයි. මම දන්නා පරිදි නම් නිවන් අවබෝධ කරවන මාර්ගය පමනක් ගත්තත් එය චතුරාර්ය සත්‍යයටම ඇතුලත් හතරවන ඥානය. ඔබට අනුව බුදු රජානන් වහන්සේ ඥාන ආදිය ගැන දේශනා කරලා නැති නිසා ඔබට අනුව බුදු රජානන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කරලත් නැහැ. මම දන්නා පරිදි බුදු රජානන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉදන් චතුරාර්ය සත්‍යය දේශනා කර තිබෙනවා. ඉතින් මෙවන් අරුත් ඇති දේ පැවසීමත් ඔබ සතු ධර්ම ඥානය ගැන ඉඟියක් වෙන්න පුළුවන්.

    ඊට අමතරව ඔබට අනුව බුදු රජානන් වහන්සේ ඥානයන් ගැන දේශනා කර නැතත් විස්තර කර තිබෙනවා. මේත් ඔබ සතු ධර්ම ඥානය ගැන ඉඟියක් වෙන්න පුළුවන්.

    ඊට අමතරව ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු ධර්ම ඥානය (දහම් ඇස ලෙසිනුත් ඔබ එය හදුන්වනවා) ගැන විස්තර විමසීමේදී සංඝ භේදය ගැන වීඩියෝවකුත් දක්වනවා. ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු ධර්ම ඥානය ලෙස ඔබ සඳහන් කරන කාරනාව එම වීඩියෝවේ විස්තර වන සංඝ භේදය සමඟ සැසදෙනවාද? මෙතනම ඉහතින් මම දක්වා ඇති ජේද වල කරුණු වලට අනුව එවන් සැසදීමක් ඇති බවක් තමයි පෙනෙන්නේ. වැරදිනම් නිවැරදි කරන්න.

    විස්තර කල හැකි ස්වරූපයේ දෙයක් යැයි ඔබම පවසන ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු ධර්ම ඥානය ගැන විස්තර කරන්න.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඥාන ගැන කල හැක්කේ විස්තර කිරීමක් පමණයි.
    කරුණාකර ඔබට ඇති ඒ ධර්ම ඥානය විස්තර කරන්න. දැන් කීපවතාවක්ම ඉල්ලීම් කරල තිබෙනවා නේ skylark.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණං" කියල බුදුරජානන් වහන්සෙ දේශනා කලේ ධර්මය ශ්‍රවනය කිරීම තුලින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ලබාගතයුතු ඥානයයි.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1)
    උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ.
    උන් වහන්සේ සොවන් උනේ මෙම කුමන කාලයේද කිය ඔබ දන්නවාද?

    2)
    සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණං" කියල බුදුරජානන් වහන්සෙ දේශනා කලේ ධර්මය ශ්‍රවනය කිරීම තුලින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ලබාගතයුතු ඥානයයි.

    තවත් කෙනෙක් මාර්ග පල ලාබෙ කෙනෙක් කියා පවසීමට ධර්මය ශ්‍රවන පමනක් කිසිසීත්ම තිබීම සුදුසු කමක් වෙන්නෙ නෑහ. කෙනෙක් මාර්ගපල ලාබී කියල දන ගන්න පුලුවන් බුදු කෙනෙක්ට හො රහත් කෙනෙක්ට පමනය්. අඩුම තරමේ ඔබ දනන්වද සොවන් යන්නෙන් අදහන් කරන්නේ කුමක්ද කියා?
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    1)
    උන් වහන්සේ සොවන් උනේ මෙම කුමන කාලයේද කිය ඔබ දන්නවාද?

    2)

    තවත් කෙනෙක් මාර්ග පල ලාබෙ කෙනෙක් කියා පවසීමට ධර්මය ශ්‍රවන පමනක් කිසිසීත්ම තිබීම සුදුසු කමක් වෙන්නෙ නෑහ. කෙනෙක් මාර්ගපල ලාබී කියල දන ගන්න පුලුවන් බුදු කෙනෙක්ට හො රහත් කෙනෙක්ට පමනය්. අඩුම තරමේ ඔබ දනන්වද සොවන් යන්නෙන් අදහන් කරන්නේ කුමක්ද කියා?

    1 බුද්ධ කාලයේ. උන්වහන්සේගේ බුද්ධ කාලයේ ජීවන චරිතය ගැන ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්.පොඩි ලමයෙක් පවා දන්න චරිතයක්.එම චරිතය මග පල ලැබූ බව කවුරුත් දන්නවා.හැබැයි ඒ කවුද කියලනම් අහන්න එපා.

    2 උන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්න වලට පිලිතුරු ලබාදීමේදී උන්වහන්සේ කෙලින්ම ඒ බව නොපැවසුවත් යම් ධර්මඥාණයක් ඇති පුද්ගලයෙකුට උන්වහන්සේ ව්‍යංගාකාරයෙන් පවසන යම් යම් කරුණු මත උන්වහන්සේගේ මගඵල පිලිබඳව යම් නිගමනයකට පැමිණෙන එක එතරම් අපහසු වෙන්නෙ නෑ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ වසර එක්දහස් අටසීයක පමන කාලයක් තිස්සේ වැලලීතිබූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත මතුවන කාලයයි. ඒ සමගම බුදුන්ට සම්බන්ද සත්‍ය ස්තානද මතුවෙමින් පවතී.මේ සියල්ල සිදුවන්නේ ධර්මතාවයටම අනුවමයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණං" කියල බුදුරජානන් වහන්සෙ දේශනා කලේ ධර්මය ශ්‍රවනය කිරීම තුලින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ලබාගතයුතු ඥානයයි.

    දැන් ඔබ පවසන දේට අනුව බුදු රජානන් වහන්සේ ඥාණ ගැන දේශනා කර තිබෙනවා. නමුත් පෙර ඔබ පැවසුවා බුදු රජානන් වහන්සේ ඥාණ ආදිය ගැන දේශනා කර නැති බව.

    ඒ නිසා ඔබ දැන් පවසන දේ නිවැරදි නම් පෙර පැවසූ දේ වැරදියී. පෙර පැවසූ දේ නිවැරදි නම් දැන් පවසන දේ වැරදියී.

    ඉතින් මෙසේ ඇති විට ඔබ ඒකාන්තයෙන්ම බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කර තිබෙනවා. පහසු කෙනෙනුටයෑ ඔබ මේ ඒකාන්තයෙන්ම අභූත ලෙස චෝදනා කර තිබෙන්නේ? එතෙකින්ම ඔබ ඒකාන්තයෙන්ම සංඝ භේදකයෙක්ද වෙනවා.

    තවත් ආකාරයකින් කියුවොත් ඔබ කියන්නේ කුමක්දැයි ඔබවත් දන්නේ නැහැ.

    ඉතින් sgrdk1 සංඝ භේදකය, දැන් ඔබ ""සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණං" කියල බුදුරජානන් වහන්සෙ දේශනා කලේ ධර්මය ශ්‍රවනය කිරීම තුලින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ලබාගතයුතු ඥානයයි." ලෙස පවසනවා. මේ ඔබ ඇසූ දේට අදාල නැති හුදෙක් බුදු රජානන් වහන්සේ පැවසූ යමක් සිංහලට පරිවර්තනය කිරීමක්ද කලේ?

    නැත්නම් sgrdk1 සංඝ භේදකය, මේ ඔබ පැවසූ ඔබ තුල ඇතැයි ඔබ කියන ධර්ම ඥාණය ගැනමද සුතමයේ ඥාණං ලෙස කියන්නේ? පෙරත් ඔබ පැවසුවා ඥානයන් ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ලබා ගන්න ඕනෑ බව. ඉතින් ඔබ යමකට ධර්ම ඥානය යැයි කීවාද, දහම් ඇස ලෙසින් එයම හැඳින්වුවාද, දැන් සුතමයේ ඥාණං ලෙසින් එයම හඳුන්වනවාද, එය ඔබට ඇතැයි ඔබ පවසනවාද, එය විස්තර කල හැකියැයි ඔබම පවසනවාද, කුමක්ද ඒ ධර්ම ඥානය?

    අභූත සම්මා සම්බුද්ධ චෝදකය, sgrdk1 සංඝ භේදකය, ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු යැයි ඔබම පවසන විස්තර කල හැකි යැයි ඔබම පවසන දහම් ඇස ලෙසින්ද ඔබ හඳුන්වන, සමහරක් විට සුතමයේ ඥාණං ලෙසින්ද ඔබ හඳුන්වනවා ඇති ධර්ම ඥානය විස්තර කරන්න.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1 බුද්ධ කාලයේ. උන්වහන්සේගේ බුද්ධ කාලයේ ජීවන චරිතය ගැන ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්.පොඩි ලමයෙක් පවා දන්න චරිතයක්.එම චරිතය මග පල ලැබූ බව කවුරුත් දන්නවා.හැබැයි ඒ කවුද කියලනම් අහන්න එපා.

    .

    1)බුද්ධ කාලයේ මග පල ලැබූවා නම් මෙපමන කාලයක් කොහේද හිටියෙ?

    2)
    2 උන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්න වලට පිලිතුරු ලබාදීමේදී උන්වහන්සේ කෙලින්ම ඒ බව නොපැවසුවත් යම් ධර්මඥාණයක් ඇති පුද්ගලයෙකුට උන්වහන්සේ ව්‍යංගාකාරයෙන් පවසන යම් යම් කරුණු මත උන්වහන්සේගේ මගඵල පිලිබඳව යම් නිගමනයකට පැමිණෙන එක එතරම් අපහසු වෙන්නෙ නෑ
    උන් වහන්සේ සොවන් යයි ඔබ පවසන්නෙ කුමන කරුනු නිසද නිශ්චිතවම පවසන්න පුලුවන්ද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දැන් ඔබ පවසන දේට අනුව බුදු රජානන් වහන්සේ ඥාණ ගැන දේශනා කර තිබෙනවා. නමුත් පෙර ඔබ පැවසුවා බුදු රජානන් වහන්සේ ඥාණ ආදිය ගැන දේශනා කර නැති බව.

    ඒ නිසා ඔබ දැන් පවසන දේ නිවැරදි නම් පෙර පැවසූ දේ වැරදියී. පෙර පැවසූ දේ නිවැරදි නම් දැන් පවසන දේ වැරදියී.

    ඉතින් මෙසේ ඇති විට ඔබ ඒකාන්තයෙන්ම බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කර තිබෙනවා. පහසු කෙනෙනුටයෑ ඔබ මේ ඒකාන්තයෙන්ම අභූත ලෙස චෝදනා කර තිබෙන්නේ? එතෙකින්ම ඔබ ඒකාන්තයෙන්ම සංඝ භේදකයෙක්ද වෙනවා.

    තවත් ආකාරයකින් කියුවොත් ඔබ කියන්නේ කුමක්දැයි ඔබවත් දන්නේ නැහැ.

    ඉතින් sgrdk1 සංඝ භේදකය, දැන් ඔබ ""සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණං" කියල බුදුරජානන් වහන්සෙ දේශනා කලේ ධර්මය ශ්‍රවනය කිරීම තුලින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ලබාගතයුතු ඥානයයි." ලෙස පවසනවා. මේ ඔබ ඇසූ දේට අදාල නැති හුදෙක් බුදු රජානන් වහන්සේ පැවසූ යමක් සිංහලට පරිවර්තනය කිරීමක්ද කලේ?

    නැත්නම් sgrdk1 සංඝ භේදකය, මේ ඔබ පැවසූ ඔබ තුල ඇතැයි ඔබ කියන ධර්ම ඥාණය ගැනමද සුතමයේ ඥාණං ලෙස කියන්නේ? පෙරත් ඔබ පැවසුවා ඥානයන් ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ලබා ගන්න ඕනෑ බව. ඉතින් ඔබ යමකට ධර්ම ඥානය යැයි කීවාද, දහම් ඇස ලෙසින් එයම හැඳින්වුවාද, දැන් සුතමයේ ඥාණං ලෙසින් එයම හඳුන්වනවාද, එය ඔබට ඇතැයි ඔබ පවසනවාද, එය විස්තර කල හැකියැයි ඔබම පවසනවාද, කුමක්ද ඒ ධර්ම ඥානය?

    අභූත සම්මා සම්බුද්ධ චෝදකය, sgrdk1 සංඝ භේදකය, ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු යැයි ඔබම පවසන විස්තර කල හැකි යැයි ඔබම පවසන දහම් ඇස ලෙසින්ද ඔබ හඳුන්වන, සමහරක් විට සුතමයේ ඥාණං ලෙසින්ද ඔබ හඳුන්වනවා ඇති ධර්ම ඥානය විස්තර කරන්න.

    ඔබ මට ලබාදීමට උත්සාහ කර ඇති ගෞරව නාම මට අනවශ්‍යයි.ඒවා ඔබම බාරගන්න.

    "බුදුරජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇති කලේ ධර්මය දේශනා කරලද නැත්නම් තමන් සතු ඥාන ආදිය ගැන දේශනා කරලද ? අවශ්‍ය වන්නේ නිවැරදි ධර්මය මිස ඥාන ආදිය ගැන දැනගැනීම නොවෙයි."

    මම කරපු මේ ප්‍රකාශය ඔබ වැරදි ලෙස වටහාගෙන සිටින බවයි පෙනෙන්නේ. බුදුන් සතු ඥාන ශක්තීන් ගැන කෙනෙක් කොපමණ දැන සිටියත් ඉන් ඔහුට ධර්මාවබෝධය ලැබෙන්නෙ නෑ. ධර්මය ශ්‍රවණය කිරීම තුලින් ඇතිකරගන්නා ඥාණයෙන් ධර්ම මාර්ගයේ ගමන්කිරීමෙන් පමණයි ධර්මාවබෝධය ලබාගතහ හැක්කේ.

    මම මෙහි කියල තියෙන්නෙ බුදුන් තම ඥාණ ආදිය ගැන දේශනා නොකළ කියල නෙමෙයි. බුදුරජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇතිකලේ තම ඥාණ ගැන දේශනා කිරීමෙන් නොවන බවයි මම මෙතන කිව්වෙ.ඥාණ ගැන දැනගෙන හිටියට කමක් නෑ.ඒත් ඒව ගැන දැනගෙන ඉන්න එක නිවන් මගට අත්‍යවශ්‍ය නෑ.

    උදාහරණයක් කියනවනම් සුනීත සෝපාක ආදීන් නිවන් දැක්කෙ බුදුරජානන් වහන්සේගෙ කවර ඥාණයක් ගැන දැනගෙනද ?

    බුද්ධ දේශනා සිංහලට පරිවර්තනය කරන එක වැරදියි කියල මම කොතනකවත් කියල නෑ. මම කියල තියෙන්නෙ පරිවර්තනය කරපු ආකාරය වැරදියි කියල විතරයි.

    සෝතාවධානමයේ පඥ්ඥා සුතමයේ ඥාණං කියන එකේ තේරුම මම කියල තියනව.ඒ ගැන ඊට වැඩිය දෙයක් වචනයෙන් තේරුම් කරන්න පුලුවන්ද කියල කියන්න මම දන්නෙ නෑ ?

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    1)බුද්ධ කාලයේ මග පල ලැබූවා නම් මෙපමන කාලයක් කොහේද හිටියෙ?

    2)
    උන් වහන්සේ සොවන් යයි ඔබ පවසන්නෙ කුමන කරුනු නිසද නිශ්චිතවම පවසන්න පුලුවන්ද?

    1 ඒක ඉතින් කියන්න දන්නෙ උන්වහන්සෙම තමයි

    2 උන් වහන්සේ සිව්පිලිසිඹියාපත් අරිහතුන් වහන්සේ නමක්.ඒ කියන්නෙ තමන් අවබෝධ කරගත් ධර්මය අනෙක් අයටත් අවබෝධ කරවීමට සමත් , ධර්මය මනාව දේශනා කල හැකි අරිහතුන් වහන්සේ නමක්.ශුශ්ක විදර්ශක අරිහතුන් වහන්සේලා අනෙක් අයට වැටහෙන ආකාරයට ධර්මය දේශනා කරන්න සමත් වෙන්නෙ නෑ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    මම මෙහි කියල තියෙන්නෙ බුදුන් තම ඥාණ ආදිය ගැන දේශනා නොකළ කියල නෙමෙයි. බුදුරජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇතිකලේ තම ඥාණ ගැන දේශනා කිරීමෙන් නොවන බවයි මම මෙතන කිව්වෙ.ඥාණ ගැන දැනගෙන හිටියට කමක් නෑ.ඒත් ඒව ගැන දැනගෙන ඉන්න එක නිවන් මගට අත්‍යවශ්‍ය නෑ.

    ඉතින් ඔබට අනුව චතුරාර්යය සත්‍යය ඥාණයන්ගේ හතරවන ඥාණය වන මාර්ග ඥාණය ගැන දැනගෙන ඉන්න එක නිවන් මගට අත්‍යවශ්‍ය නැද්ද? බුදු රජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇති කලේ මාර්ග ඥාණය ගැන දේශනා නොකරද?

    සෝතාවධානමයේ පඥ්ඥා සුතමයේ ඥාණං කියන එකේ තේරුම මම කියල තියනව.ඒ ගැන ඊට වැඩිය දෙයක් වචනයෙන් තේරුම් කරන්න පුලුවන්ද කියල කියන්න මම දන්නෙ නෑ ?

    පෙරත් ඔබ පැවසුවානේ ඥාණයක් වචන වලින් කියන්න බැරි බව. නමුත් ඔබට අනුව ඥාණයක් විස්තර කරන්න පුළුවන්නේ. අනික් එම ඥාණය ඔබට තියෙනවා කියලත් ඔබම කියනවා.

    ඉතින් ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු යැයි ඔබම පවසන විස්තර කල හැකි යැයි ඔබම පවසන දහම් ඇස ලෙසින්ද ඔබ හඳුන්වන, සමහරක් විට සුතමයේ ඥාණං ලෙසින්ද ඔබ හඳුන්වනවා ඇති ධර්ම ඥානය විස්තර කරන්න ඔබට බැහැද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතින් ඔබට අනුව චතුරාර්යය සත්‍යය ඥාණයන්ගේ හතරවන ඥාණය වන මාර්ග ඥාණය ගැන දැනගෙන ඉන්න එක නිවන් මගට අත්‍යවශ්‍ය නැද්ද? බුදු රජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇති කලේ මාර්ග ඥාණය ගැන දේශනා නොකරද?

    පෙරත් ඔබ පැවසුවානේ ඥාණයක් වචන වලින් කියන්න බැරි බව. නමුත් ඔබට අනුව ඥාණයක් විස්තර කරන්න පුළුවන්නේ. අනික් එම ඥාණය ඔබට තියෙනවා කියලත් ඔබම කියනවා.

    ඉතින් ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු යැයි ඔබම පවසන විස්තර කල හැකි යැයි ඔබම පවසන දහම් ඇස ලෙසින්ද ඔබ හඳුන්වන, සමහරක් විට සුතමයේ ඥාණං ලෙසින්ද ඔබ හඳුන්වනවා ඇති ධර්ම ඥානය විස්තර කරන්න ඔබට බැහැද?

    කිසිම ඥාණයක් ගැන දැනගෙන ඉන්න එක නිවන් මගට අත්‍යවශ්‍ය නෑ.සැරියුත් හාමුදුරුවන්ට බාහිය දාරුචීරියට බුදුන් වහන්සේ ඔය කියන ඥාණ ගැන අබමල් රේණුවකවත් විස්තරයක් කරල නෙමෙයි ඔවුන් මගඵල ලැබුවෙ.

    නිවන කියන්නෙ ඵලයක් උනාට ඒ ඵලය ලබාගන්නට යම් මාර්ගයක් අනුගමනය කල යුතු වෙනව.බුදු පසේ බුදු උත්තමයින් වහන්සේලා ඒ මාර්ගය තමන් විසින්ම සොයා ගනු ලබනව.අනෙක් පුද්ගලයින් එම මාර්ගය වෙනත් කෙනෙකුගෙන් අසා දැන ගත යුතු වෙනව .මේ අසා දැන ගැනීම තුලින් ඔවුන්ට මේ මාර්ගයේ ගමන් කල යුතු ආකාරය පිලිබඳව වැටහීමක් ඇතිවෙනව.එනම් මේ මාර්ගයේ ගමන් කලහොත් නිර්වාන ඵලය ලබාගත හැකි බවට වූ ස්තිර වූ අන් කිසිවෙකුට වෙනස් කල නොහැකි වූ ප්‍රත්‍යක්ශ දැනීමක් ඇතිවෙනව.මේ අවබෝධය දර්ම ශ්‍රවනය නිසා ඇතිවූ නිසා එය සෝතාවදානමයේ පඥ්ඥා සුතමයේ ඥාණං ලෙස හඳුන්වනව.මේ සුතමයේ ඥාණය ලබාගන්නෙ නැතුව නිවන් මග ගමන් කරන බෑ.

    සුතමයේ ඥාණය ලැබූ කෙනා ධර්මයේ අධර්මයේ වෙනස හොඳින් දන්නව.කෙලෙස් සහිත බව, නික්ලේශී බව වෙන් වෙන්ව හඳුනගන්න තරම් ශක්තියක් ඔහුට ලැබෙනව. ඒ නිසා අරිය උත්තමයින්ව හඳුනගන්න ඔහුට හැකි වෙනව.සමහරවිට ත්‍රිපිටකය කටපාඩම් කෙනෙකුට උනත් මේ තත්වයට පත්වන්න නොහැකි වෙන්න පුලුවන්.ත්‍රිපිටකය ගැන ඉතා අල්ප දැනුමක් ඇති අයෙකු වුවත් ඉහත කියූ දේවල් වන කල්යාණමිත්‍ර සේවනය , සද්ධර්ම ශ්‍රවනය ,පරතෝගෝශික ප්‍රත්ය සපුරාගෙන ඇත්නම් ඔහු නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙනව.
     
    කවුරුවත් ඔබෙන් නිවන් මග යන හැටි අහන්න මෙතෙන්ට ඇවිත් නැහැ.

    බුදුන්වහන්සේගේ ඥාන ගැන දැනගන්න එක නෙවෙයි ඔබට අන් අයගේ මාර්ග පල ගැන දැන ගන්න, සහතික වෙන්න පුලුවන් ඥානය ගැනයි අහන්නේ. බොරුවට නැති ප්‍රස්න ඇදල අරන් පැනල යන්න එපා.

    කරුණාකරලා විස්තර කරන්න, අන් කෙනෙකුගේ මාර්ගපල ගැන සක්සුදක්සේ දැනගැනීමට ඔබට ඇති ඥානය කුමක්දයි කියා. ඔබෙන් දැන් කීවරක් ඉල්ලීම් කර තිබේද?
     
    Last edited: