වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    1755205119888.png
     
    • Like
    Reactions: Janatha Jhon

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    okath deela
    ganayonta pukath deepan thawa
    කවුරු හරි කරන හොඳ වැඩකට පොන්න මී හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව අගය කරන්න ඉගෙන ගනින් නාකි හිඟන වෙශිගේ පුතා.
     
    • Dislike
    Reactions: EVC

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    අගය කරමි! මෙවැනි පින් අතේ වැඩක් සංවිධානය කර කරගැනීමට මෙච්චර කාලෙකටත් බැරි වූ බැවින් දුකටද පත්වීමි.

    පින් කරගන්න හැකි වෙන්නත් පින් කරලා තියෙන්න ඕනෑය
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,894
    113
    පෘථිවිය
    මේ කාලයේ බෞද්ධ හාමුදුරුවරු වස් සමාදන් වෙන කාලයනේ. ඉතිං අපිට හිතුනා උන්නාන්සේලා වෙනුවෙන් දහවල් දානය ලබා දෙන්න. පන්සලෙන් අහලා බලද්දී අද දහවල් දානය ගේන්න කිව්වා. තවත් දාන දෙකතුනක් හැමදාම පන්සලට ලැබෙන නිසා සුළුවෙන් ඇති කිව්වා. හත් නමක් තමයි මේ සැරේ වස් සමාදන් වෙලා ඉන්නේ පන්සලේ.

    ඉතිං අපි පිළියෙළ කොට පුජා කරපු දානය තමයි ඔය පහල පින්තුර වල තියෙන්නේ.

    සුදු බත් එකක් හැදුවා.

    1.jpg


    ඊළගට මඥඥෝක්කා තම්බලා කොච්චි සම්බෝල එක්ක මිශ්‍ර කරා.

    2.jpg


    කොච්චි සම්බෝලය

    10.jpg


    කෙලවල්ලා මාළු මිරිසට හැදුවා. ටිකක් සැරට. මේ දවස් වල පෑලියගොඩ මාර්කට් එකේ කෙලවල්ලා කිලෝ එක රුපියල් 1,700 යි. තලපත් 1,800 යි. පොඩි මාළු සාලයෝ රුපියල් 150 යි.

    3.jpg


    චිකන් කරියක්

    5.jpg


    පොලොස් ඇඹුලක්

    4.jpg


    මුරුංගා සහ අර්තාපල් එකට දාලා හොද්දක් හැදුවා

    6.jpg


    මෑ කරල් තෙල් දාලා

    7.jpg


    අඹ ඇඹුලක්

    8.jpg


    කට්ටා කරවල හොද්දක් හැදුවා. මඥඥෝක්කා කන්නත් හොදයි. මේක බකට් එකකට දැම්මේ ගෙනියද්දි හැලෙන්නේ නැතිව තියෙන නිසා.

    9.jpg


    අතුරු පසට කැවුම්, කොමඩු, අලිපේර, ඩෝනට්ස් සහ චෝකොලට්.

    11.jpg


    12.jpg


    13.jpg


    14.jpg


    සෙසු පිරිකර විදියට සීනි, තේ කොල, කිරිපිටි, බෙහෙත් ද්‍රව්‍ය

    15.jpg


    ස්තුතියි.

    -මාගේ වෙනත් ත්‍රෙඩ්-


    1) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    2) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    3) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    4) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    5) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    6) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

    7) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

    8) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්

    9) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

    10) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    11) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

    12) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    13) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
    කරගත්තාවූ පින ගැන සිතා සතුටු වෙන්න
    හැබැයි එකක් දකිනවා
    ලංකාවේ පන්සලකට හෝ දානයක් දෙනකොට හැම කෙනෙක්ම දෙන්නේ එකම විදිහේ කෑම
    වෙනස් විදිහේ කැමක් ලැබෙන්නෙම නැහැ
    පොලොස්, ගොටුකොල, අඹ
    වැරද්දක් කියනවා නෙමේ
    පොඩ්ඩක් වෙනස් විදිහේ කැමත් දෙන්න බලන්න
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    නියමයි අන්කල්. දාන දෙන ගමන් සසර ඉවරයන් කර ගන්න මගඵල ලබාගන්නත් උත්සහ කරන්න.

    අගය කරමි! මෙවැනි පින් අතේ වැඩක් සංවිධානය කර කරගැනීමට මෙච්චර කාලෙකටත් බැරි වූ බැවින් දුකටද පත්වීමි.

    පින් කරගන්න හැකි වෙන්නත් පින් කරලා තියෙන්න ඕනෑය

    තඩි වටලප්පන් එකක් හදලා එවහන් මට. මගඵල ලාබීන්ට දුන්නහම පින් වැඩියි. 😋
    ------ Post added on Aug 15, 2025 at 8:21 AM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,243
    113
    කවුරු හරි කරන හොඳ වැඩකට පොන්න මී හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව අගය කරන්න ඉගෙන ගනින් නාකි හිඟන වෙශිගේ පුතා.
    puka deppan ballo
    oya ganayanta
    හිඟන වෙශිගේ පුතා.
     
    • Dislike
    Reactions: lankalk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    සාදු සාදු,
    (පරණ blog මතකයට එනවා මෙවා දැක්කම)
    නියමයි අන්කල්. දාන දෙන ගමන් සසර ඉවරයන් කර ගන්න මගඵල ලබාගන්නත් උත්සහ කරන්න.



    තඩි වටලප්පන් එකක් හදලා එවහන් මට. මගඵල ලාබීන්ට දුන්නහම පින් වැඩියි. 😋
    ------ Post added on Aug 15, 2025 at 8:21 AM
    හොඳ වැඩක් වගේ. පින්.
    අගය කරමි! මෙවැනි පින් අතේ වැඩක් සංවිධානය කර කරගැනීමට මෙච්චර කාලෙකටත් බැරි වූ බැවින් දුකටද පත්වීමි.

    පින් කරගන්න හැකි වෙන්නත් පින් කරලා තියෙන්න ඕනෑය
    Thank you bros