ධර්මය වැසීමේ පාපකර්මයට අවසාන කාලයේදී ඇස් අන්ද උනා. මරණින් පසුවත් එහි ඵල විපාක උරුම වී තිබෙනව
ඔබට අනිත් පුද්ගලයන්ගෙ මරණින් මතු ජීවිතය ගැනත් කියන්න පුලුවන් වගේ. ඒ ගැනත් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි.
ධර්මය වැසීමේ පාපකර්මයට අවසාන කාලයේදී ඇස් අන්ද උනා. මරණින් පසුවත් එහි ඵල විපාක උරුම වී තිබෙනව
කවුරුවත් ඔබෙන් නිවන් මග යන හැටි අහන්න මෙතෙන්ට ඇවිත් නැහැ.
බුදුන්වහන්සේගේ ඥාන ගැන දැනගන්න එක නෙවෙයි ඔබට අන් අයගේ මාර්ග පල ගැන දැන ගන්න, සහතික වෙන්න පුලුවන් ඥානය ගැනයි අහන්නේ. බොරුවට නැති ප්‍රස්න ඇදල අරන් පැනල යන්න එපා.
කරුණාකරලා විස්තර කරන්න, අන් කෙනෙකුගේ මාර්ගපල ගැන සක්සුදක්සේ දැනගැනීමට ඔබට ඇති ඥානය කුමක්දයි කියා. ඔබෙන් දැන් කීවරක් ඉල්ලීම් කර තිබේද?
කිසිම ඥාණයක් ගැන දැනගෙන ඉන්න එක නිවන් මගට අත්‍යවශ්‍ය නෑ.සැරියුත් හාමුදුරුවන්ට බාහිය දාරුචීරියට බුදුන් වහන්සේ ඔය කියන ඥාණ ගැන අබමල් රේණුවකවත් විස්තරයක් කරල නෙමෙයි ඔවුන් මගඵල ලැබුවෙ.
සුතමයේ ඥාණය ලැබූ කෙනා ධර්මයේ අධර්මයේ වෙනස හොඳින් දන්නව.කෙලෙස් සහිත බව, නික්ලේශී බව වෙන් වෙන්ව හඳුනගන්න තරම් ශක්තියක් ඔහුට ලැබෙනව. ඒ නිසා අරිය උත්තමයින්ව හඳුනගන්න ඔහුට හැකි වෙනව.සමහරවිට ත්‍රිපිටකය කටපාඩම් කෙනෙකුට උනත් මේ තත්වයට පත්වන්න නොහැකි වෙන්න පුලුවන්.ත්‍රිපිටකය ගැන ඉතා අල්ප දැනුමක් ඇති අයෙකු වුවත් ඉහත කියූ දේවල් වන කල්‍යාණමිත්‍ර සේවනය , සද්ධර්ම ශ්‍රවනය ,පරතෝගෝශික ප්‍රත්‍ය සපුරාගෙන ඇත්නම් ඔහු නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙනව.
බුදු රජානන් වහන්සේ අවබෝධ කල චතුරාර්ය සත්‍යයේ හතරවන ඥාණය මාර්ග ඥානය නමිනුත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නමිනුත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප,... සම්මා සමාධි ලෙසින් බෙදා වෙන් කර විස්තර කර තිබෙනවා. දැන් ඔබ පවසන පරිදි මේ ගැන කිසිම දෙයක් දැනගන්නේ නැතිව මාර්ගඵල ලබන්න පුළුවන්. ඔබේ මේ ධර්මය අධර්මයක් ලෙසයි අපට වැටහෙන්නේ. අපට වැටහෙන්නේ ඔබ බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති දේ නොදෙසා ඇතැයි යට ගහනවා. මෙයින්ම ඔබ සම්මා සම්බුදු වරයෙකුට අභූතයෙන් චෝදනා කරනවා.
බාහිය දාරුචීරියට සැකෙවන් විස්තර කල චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ඇති කර ගැනීම ගැන වූ ඒ චතුරාර්ය සත්‍ය ඥානයම උපකාරයෙන් මිස වෙන කුමකින්ද ඔහු මඟ ඵල ලැබුවේ? මෙතෙකිනුත් ඔබ අධර්මයක්ම පවසන අයෙක් ලෙසයි අප දකින්නේ. මෙසේ පැවසීමෙන් ඔබ බුදු රජානන් වහන්සේගේ ඇති ගුණයක් නැති ලෙස පැවසීමයි කර ඇත්තේ.
ඉතින් ඉහත පරිදි බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද දෙය වචන හරභයෙන් යට ගහන, එයින්ම සම්මා සම්බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන, සංඝ බේදයට තුඩු දෙන කටයුතු කරන, බුදු රජානන් වහන්සේගේ ඇති ගුණයන් මකන ඔබ ධර්මයේ, අධර්මයේ වෙනස දන්නවා යැයි අපි කෙසේ දකින්නද? මේ නිසා ඔබම පවසන සුතමය ඥාණය ඔබ තුල නැති බවයි මට පෙනෙන්නේ.
ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඥාණය යනු ඔබ සතු අන් අයෙකුගේ කෙලෙස් සහිත බව, නික්ලේශී බව වෙන් වෙන්ව හඳුනගන්න තරම් ශක්තියක් නම් ඔබට පර සිත් දැන ගැනීමේ ඥාණය පවතිනවාද? නැත්නම් ඔබ මේ පවසන ශක්තිය ඔබට තියෙනවානම් කවර ඉන්ද්‍රීයකින්ද ඔබ එය ග්රහනය කර ගන්නේ? ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද, මනෙන්ද නැත්නම් වෙන ඉන්ද්‍රීයකින්ද?
ඔබ බෞද්ධයෙක්ද ?


කවුරුවත් ඔබෙන් නිවන් මග යන හැටි අහන්න මෙතෙන්ට ඇවිත් නැහැ.
බුදුන්වහන්සේගේ ඥාන ගැන දැනගන්න එක නෙවෙයි ඔබට අන් අයගේ මාර්ග පල ගැන දැන ගන්න, සහතික වෙන්න පුලුවන් ඥානය ගැනයි අහන්නේ. බොරුවට නැති ප්‍රස්න ඇදල අරන් පැනල යන්න එපා.
කරුණාකරලා විස්තර කරන්න, අන් කෙනෙකුගේ මාර්ගපල ගැන සක්සුදක්සේ දැනගැනීමට ඔබට ඇති ඥානය කුමක්දයි කියා. ඔබෙන් දැන් කීවරක් ඉල්ලීම් කර තිබේද?
සියලු ඥාණයන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ලැබෙන ඵල මිස මාර්ගයන් නොවේ.බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම ඵල ලබාගන්නා මාර්ගය මිස ඵල ගැන නොවේ. ( උන්වහන්සේ ඥාණැ ගැන නොයෙක් වර ව්ස්තර කර ඇති බව සැබෑය. නමුත් ඒ හුදෙක් එම ඥාණ ඇති බවත් ඒවා ලබාගත යුතු බවත් පෙන්වීමටත්ය )
ඵල ගැන දැන සිටියත් නොසිටියත් අදාල මාර්ගයේ ගමන් කරන විට ඒවා නිතැතින්ම ලැබෙ
ඔබ බෞද්ධයෙක්ද ?
මගේ පැටිකිරියෙන් ඔබට වැඩක් නැහැනේ.ඔබ බෞද්ධයෙක්ද ?
1)
2)
තවත් කෙනෙක් මාර්ග පල ලාබෙ කෙනෙක් කියා පවසීමට ධර්මය ශ්‍රවන පමනක් කිසිසීත්ම තිබීම සුදුසු කමක් වෙන්නෙ නෑහ. කෙනෙක් මාර්ගපල ලාබී කියල දන ගන්න පුලුවන් බුදු කෙනෙක්ට හො රහත් කෙනෙක්ට පමනය්. අඩුම තරමේ ඔබ දනන්වද සොවන් යන්නෙන් අදහන් කරන්නේ කුමක්ද කියා?
පොඩි නීවැරැදී කිරීමක් කරන්නම්
කෙනෙක් මාර්ගපල ලාබීද කියල ස්ථිරවම කියන්න පුලුවන් බුදු කෙනෙක්ට පමණයි
වෙන කෙනෙකුට කරන්න පුළුවන් අනුමානයක් පමණයි
https://balawegaya.wordpress.com/2011/04/11/ථෙරවාද-බෞද්ධ-ග්රන්ථ-එකත/
මමත් කාලයක් තිස්සෙම බැලුවෙ මේ පොත් තමයි. මගෙ දෙමව්පියන්ට බලන්නත් ඔය පොත් ඔක්කොම වගේ මම ගෙනත් දීල තියෙනව. දන්න අඳුනන අයට බලන්න දීලත් තියෙනව. නමුත් දැන් මම මේ පොත් සම්පූර්නයෙන්ම අයින් කරලයි තියෙන්නෙ.එහෙම කලේ මතුපිටින් නියම ධර්මය විදිහට පෙනුනත් මේ පොත් වලින් බුද්ධ දේශනාව විකෘති වෙලා නිවන වැසී යන බව දැනගත් නිසයි.
මේ පොත් ලියල ධර්මය විකෘති කරපු අය අද ඉන්න තැන් දන්නවනම් ඔයාල මේ පොත් කියවනව තියා අල්ලන්නෙවත් නැතිවෙයි.එහෙම වෙලාතියෙන්නෙ ධර්මය විකෘති කරන එක දැන කලත් නොදැන කලත් ආනන්තරීය පාප කර්මයක් වන නිසයි. ( මේක කිව්වහම මගෙ රෙප් කපයි. ඒත් බෞද්ධයින් අපායෙන් බේරගන්න එක මට රෙප් වලට වඩා ගොඩක් වටින නිසයි මේක කිව්වෙ )