ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ධර්මය වැසීමේ පාපකර්මයට අවසාන කාලයේදී ඇස් අන්ද උනා. මරණින් පසුවත් එහි ඵල විපාක උරුම වී තිබෙනව

    ඔබට අනිත් පුද්ගලයන්ගෙ මරණින් මතු ජීවිතය ගැනත් කියන්න පුලුවන් වගේ. ඒ ගැනත් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    කවුරුවත් ඔබෙන් නිවන් මග යන හැටි අහන්න මෙතෙන්ට ඇවිත් නැහැ.

    බුදුන්වහන්සේගේ ඥාන ගැන දැනගන්න එක නෙවෙයි ඔබට අන් අයගේ මාර්ග පල ගැන දැන ගන්න, සහතික වෙන්න පුලුවන් ඥානය ගැනයි අහන්නේ. බොරුවට නැති ප්‍රස්න ඇදල අරන් පැනල යන්න එපා.

    කරුණාකරලා විස්තර කරන්න, අන් කෙනෙකුගේ මාර්ගපල ගැන සක්සුදක්සේ දැනගැනීමට ඔබට ඇති ඥානය කුමක්දයි කියා. ඔබෙන් දැන් කීවරක් ඉල්ලීම් කර තිබේද?

    ඔබ බෞද්ධයෙක්ද ?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    කිසිම ඥාණයක් ගැන දැනගෙන ඉන්න එක නිවන් මගට අත්‍යවශ්‍ය නෑ.සැරියුත් හාමුදුරුවන්ට බාහිය දාරුචීරියට බුදුන් වහන්සේ ඔය කියන ඥාණ ගැන අබමල් රේණුවකවත් විස්තරයක් කරල නෙමෙයි ඔවුන් මගඵල ලැබුවෙ.

    බුදු රජානන් වහන්සේ අවබෝධ කල චතුරාර්ය සත්‍යයේ හතරවන ඥාණය මාර්ග ඥානය නමිනුත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නමිනුත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප,... සම්මා සමාධි ලෙසින් බෙදා වෙන් කර විස්තර කර තිබෙනවා. දැන් ඔබ පවසන පරිදි මේ ගැන කිසිම දෙයක් දැනගන්නේ නැතිව මාර්ගඵල ලබන්න පුළුවන්. ඔබේ මේ ධර්මය අධර්මයක් ලෙසයි අපට වැටහෙන්නේ. අපට වැටහෙන්නේ ඔබ බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති දේ නොදෙසා ඇතැයි යට ගහනවා. මෙයින්ම ඔබ සම්මා සම්බුදු වරයෙකුට අභූතයෙන් චෝදනා කරනවා.

    බාහිය දාරුචීරියට සැකෙවන් විස්තර කල චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ඇති කර ගැනීම ගැන වූ ඒ චතුරාර්ය සත්‍ය ඥානයම උපකාරයෙන් මිස වෙන කුමකින්ද ඔහු මඟ ඵල ලැබුවේ? මෙතෙකිනුත් ඔබ අධර්මයක්ම පවසන අයෙක් ලෙසයි අප දකින්නේ. මෙසේ පැවසීමෙන් ඔබ බුදු රජානන් වහන්සේගේ ඇති ගුණයක් නැති ලෙස පැවසීමයි කර ඇත්තේ.

    සුතමයේ ඥාණය ලැබූ කෙනා ධර්මයේ අධර්මයේ වෙනස හොඳින් දන්නව.කෙලෙස් සහිත බව, නික්ලේශී බව වෙන් වෙන්ව හඳුනගන්න තරම් ශක්තියක් ඔහුට ලැබෙනව. ඒ නිසා අරිය උත්තමයින්ව හඳුනගන්න ඔහුට හැකි වෙනව.සමහරවිට ත්‍රිපිටකය කටපාඩම් කෙනෙකුට උනත් මේ තත්වයට පත්වන්න නොහැකි වෙන්න පුලුවන්.ත්‍රිපිටකය ගැන ඉතා අල්ප දැනුමක් ඇති අයෙකු වුවත් ඉහත කියූ දේවල් වන කල්යාණමිත්‍ර සේවනය , සද්ධර්ම ශ්‍රවනය ,පරතෝගෝශික ප්‍රත්ය සපුරාගෙන ඇත්නම් ඔහු නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙනව.

    ඉතින් ඉහත පරිදි බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද දෙය වචන හරභයෙන් යට ගහන, එයින්ම සම්මා සම්බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන, සංඝ බේදයට තුඩු දෙන කටයුතු කරන, බුදු රජානන් වහන්සේගේ ඇති ගුණයන් මකන ඔබ ධර්මයේ, අධර්මයේ වෙනස දන්නවා යැයි අපි කෙසේ දකින්නද? මේ නිසා ඔබම පවසන සුතමය ඥාණය ඔබ තුල නැති බවයි මට පෙනෙන්නේ.

    ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඥාණය යනු ඔබ සතු අන් අයෙකුගේ කෙලෙස් සහිත බව, නික්ලේශී බව වෙන් වෙන්ව හඳුනගන්න තරම් ශක්තියක් නම් ඔබට පර සිත් දැන ගැනීමේ ඥාණය පවතිනවාද? නැත්නම් ඔබ මේ පවසන ශක්තිය ඔබට තියෙනවානම් කවර ඉන්ද්‍රීයකින්ද ඔබ එය ග්‍රහනය කර ගන්නේ? ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද, මනෙන්ද නැත්නම් වෙන ඉන්ද්‍රීයකින්ද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    බුදු රජානන් වහන්සේ අවබෝධ කල චතුරාර්ය සත්‍යයේ හතරවන ඥාණය මාර්ග ඥානය නමිනුත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නමිනුත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප,... සම්මා සමාධි ලෙසින් බෙදා වෙන් කර විස්තර කර තිබෙනවා. දැන් ඔබ පවසන පරිදි මේ ගැන කිසිම දෙයක් දැනගන්නේ නැතිව මාර්ගඵල ලබන්න පුළුවන්. ඔබේ මේ ධර්මය අධර්මයක් ලෙසයි අපට වැටහෙන්නේ. අපට වැටහෙන්නේ ඔබ බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති දේ නොදෙසා ඇතැයි යට ගහනවා. මෙයින්ම ඔබ සම්මා සම්බුදු වරයෙකුට අභූතයෙන් චෝදනා කරනවා.

    බාහිය දාරුචීරියට සැකෙවන් විස්තර කල චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ඇති කර ගැනීම ගැන වූ ඒ චතුරාර්ය සත්‍ය ඥානයම උපකාරයෙන් මිස වෙන කුමකින්ද ඔහු මඟ ඵල ලැබුවේ? මෙතෙකිනුත් ඔබ අධර්මයක්ම පවසන අයෙක් ලෙසයි අප දකින්නේ. මෙසේ පැවසීමෙන් ඔබ බුදු රජානන් වහන්සේගේ ඇති ගුණයක් නැති ලෙස පැවසීමයි කර ඇත්තේ.

    ඉතින් ඉහත පරිදි බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද දෙය වචන හරභයෙන් යට ගහන, එයින්ම සම්මා සම්බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන, සංඝ බේදයට තුඩු දෙන කටයුතු කරන, බුදු රජානන් වහන්සේගේ ඇති ගුණයන් මකන ඔබ ධර්මයේ, අධර්මයේ වෙනස දන්නවා යැයි අපි කෙසේ දකින්නද? මේ නිසා ඔබම පවසන සුතමය ඥාණය ඔබ තුල නැති බවයි මට පෙනෙන්නේ.

    ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඥාණය යනු ඔබ සතු අන් අයෙකුගේ කෙලෙස් සහිත බව, නික්ලේශී බව වෙන් වෙන්ව හඳුනගන්න තරම් ශක්තියක් නම් ඔබට පර සිත් දැන ගැනීමේ ඥාණය පවතිනවාද? නැත්නම් ඔබ මේ පවසන ශක්තිය ඔබට තියෙනවානම් කවර ඉන්ද්‍රීයකින්ද ඔබ එය ග්‍රහනය කර ගන්නේ? ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද, මනෙන්ද නැත්නම් වෙන ඉන්ද්‍රීයකින්ද?

    සියලු ඥාණයන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ලැබෙන ඵල මිස මාර්ගයන් නොවේ.බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම ඵල ලබාගන්නා මාර්ගය මිස ඵල ගැන නොවේ. ( උන්වහන්සේ ඥාණැ ගැන නොයෙක් වර ව්ස්තර කර ඇති බව සැබෑය. නමුත් ඒ හුදෙක් එම ඥාණ ඇති බවත් ඒවා ලබාගත යුතු බවත් පෙන්වීමටත්ය )

    ඔබ මාර්ගයත් ඵලයත් යන දෙක පටලවාගෙන සිටින බව පෙනේ.චතුරාර්‍ය සත්‍යය ඥාණයත් ඵලයක් මිස මාර්ගයක් නොවේ.ඵල ගැන දැන සිටියත් නොසිටියත් අදාල මාර්ගයේ ගමන් කරන විට ඒවා නිතැතින්ම ලැබෙ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔබ බෞද්ධයෙක්ද ?

    බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවයට පාත්‍රවූ රේරුකානේ හිමියන්ගේ මරණින් මතු ජීවිතය ගැනත් කියන්නට හැකි ඥානයක් ඇති, මාර්ගපල ලැබූවන් සක් සුදක් සේ හඳුනාගන්නට හැකි සුවිශේෂි (එහෙත් විස්තර කරන්නට නොහැකි) ඥානයක් ඇති ඔබට Exmuslim ahmed බෞද්ධ ද යන්න කිව නොහැකි වීම අරුමයකි! :lol:
    :lol:

    කවුරුවත් ඔබෙන් නිවන් මග යන හැටි අහන්න මෙතෙන්ට ඇවිත් නැහැ.

    බුදුන්වහන්සේගේ ඥාන ගැන දැනගන්න එක නෙවෙයි ඔබට අන් අයගේ මාර්ග පල ගැන දැන ගන්න, සහතික වෙන්න පුලුවන් ඥානය ගැනයි අහන්නේ. බොරුවට නැති ප්‍රස්න ඇදල අරන් පැනල යන්න එපා.

    කරුණාකරලා විස්තර කරන්න, අන් කෙනෙකුගේ මාර්ගපල ගැන සක්සුදක්සේ දැනගැනීමට ඔබට ඇති ඥානය කුමක්දයි කියා. ඔබෙන් දැන් කීවරක් ඉල්ලීම් කර තිබේද?
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සියලු ඥාණයන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ලැබෙන ඵල මිස මාර්ගයන් නොවේ.බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම ඵල ලබාගන්නා මාර්ගය මිස ඵල ගැන නොවේ. ( උන්වහන්සේ ඥාණැ ගැන නොයෙක් වර ව්ස්තර කර ඇති බව සැබෑය. නමුත් ඒ හුදෙක් එම ඥාණ ඇති බවත් ඒවා ලබාගත යුතු බවත් පෙන්වීමටත්ය )

    බුදු රජානන් වහන්සේ චතුරාර්යය සත්‍යය අවබෝධ කරණ විට එහි සිව්වන ඥාණය ලෙසින් මාර්ග සත්‍යය අවබෝධ කලා. මෙය සත්‍යය ඥාණ, කෘත්‍ය ඥාණ, කෘත ඥාණ ලෙසින් ආකාර ලෙසින් දක්වා තිබෙනවා. මේ සිව්වන ආර්යය සත්‍යයට අනුරූප සත්‍යය ඥාණය ඇති කර ගැනීම යනු "මාර්ගය මෙයයි" යන ඥාණය ඇති කර ගැනීම. මෙහි ඥාණය කුමක්ද? මෙහි ඥාණය යනු "මාර්ගය මෙයයි" යන අවබෝධය.

    ඉතින් මෙම "මාර්ගය මෙයයි" ලෙස අවබෝධ කරගන්නා ලද මාර්ගය බුදු රජානන් වහන්සේ විසින් මැදුම් පිළිවෙත, ආර්යය අෂ්ඨාංගික මාර්ගය, නිවන් මඟ ආදී ලෙස විස්තර කර තිබෙනවා. "මාර්ගය මෙයයි" යන ඥාණය ඇති කර ගැනීම ඵලයක්. "මාර්ගය මෙයයි" ලෙස එම ඥාණයෙන් අවබෝධ කරන ලද දෙය අන් අයට දේශනා කිරීම එම ඵලය ගැන විස්තරයක්. ඉතින් බුදු රජානන් වහන්සේ මාර්ගය දේශනා කරා කියන්නේ තමන් ලැබූ "මාර්ගය මෙයයි" යන ඥානය පිළිබද, ඵලය පිළිබද විස්තරයක්. එය එසේ නොවෙන්න, බුදු රජානන් වහන්සේ අවබෝධ කරන ලද "මාර්ගය මෙයයි" කියා කියන්න මාර්ගයක් ගැන ශ්‍රාවකයින් දන්නේ නැහැ. බුදු රජානන් වහන්සේ "මාර්ගය මෙයයි" කියා තමාම ඇති කරගත් ඥානය ගැන, ඵලය ගැන දේශනා කර තිබෙන නිසාම ශ්‍රාවකයින් "මාර්ගය මෙයයි" කියා කියන්න මාර්ගයක් දන්නවා.

    මේ නිසා ඔබ "බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම ඵල ලබාගන්නා මාර්ගය මිස ඵල ගැන නොවේ." යැයි කීමත් සිව්වන ආර්යය සත්‍යට අනුව අධර්මයක්මයි. මොකද බුදු රජානන් වහන්සේ මාර්ගය ගැන දේශණා කලා කියන්නේ ඉහත දැක්වූ පරිදි තමන් අවබෝධ කරන ලද සිව්වන ආර්යය සත්‍යය, තමන් ලැබූ ඥාණය, තමන් ලැබූ ඵලය ගැන කීමක්ම නිසා. මේ හේතුවෙන් මෙතනත් ඔබ සම්මා සම්බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා. ඔබ නිවන් මඟ වසනවා, සංඝ බේදයට කටයුතු කරනවා. මේ නිසා ඔබම පවසන සුතමය ඥාණය ඔබ තුල නැහැනේ?

    ඵල ගැන දැන සිටියත් නොසිටියත් අදාල මාර්ගයේ ගමන් කරන විට ඒවා නිතැතින්ම ලැබෙ

    ඒකේ යම් ඇත්තක් තිබෙනවා. මොකද මාර්ගය නොදැන අදාල මාර්ගයේ ගමන් කර ඵල ලබා ගැනීම සම්මා සම්බුදුවරුන්ගේත්, පසේ බුදුවරුන්ගේත් ආකාරයක්. නමුත් සම්මා සම්බුදුවරුන් පිහිටුවන ශාසනයේ ශ්‍රාවකයින් බුදු රජානන් වහන්සේ විස්තර කරන මාර්ගය ගැන (එනම් සිව්වන සත්‍යය ඥාණ ඵලය ගැන විස්තරය) දැන ගෙනම තමයි ඵල ලබන්නේ. මොකද එහෙම නොවෙන්න ශ්‍රාවකයින් දන්න මාර්ගයක් නැති නිසා. ඒනිසා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ පිහිටුවන ලද ශාසනය ගැන "ඵල ගැන දැන සිටියත් නොසිටියත් අදාල මාර්ගයේ ගමන් කරන විට ඒවා නිතැතින්ම ලැබෙ." යැයි කිවාම එය යම් ශ්‍රාවකයෙක් පිළිගත්තොත් ඒ පිළිගන්නා පුද්ගලයාට අගතියක්මයි වෙන්නේ. මෙසේ අධර්මයන් ධර්මයන් යැයි පවසන, සම්මා සම්බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන, නිවන් මඟ වසන, සංඝ භේදයට කටයුතු කරන ඔබ වැනි අයට කවර නම් ඔබම පවසන සුතමය ඥාණයක්ද?

    ඉතින් ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු යැයි ඔබම පවසන විස්තර කල හැකි යැයි ඔබම පවසන දහම් ඇස ලෙසින්ද ඔබ හඳුන්වන ධර්ම ඥානය විස්තර කරන්න ඔබට බැරිද? මේ හැකියාව ඔබට ඇත්නම් එය ඔබේ සුතමය ඥාණය නිසානම් වෙන්න බැහැ. මොකද ඔබ පවසන සුතමය ඥාණය ඔබටම නැති බව පෙනෙන නිසා. කුමක්ද ඔබේ මේ ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු යැයි ඔබම පවසන විස්තර කල හැකි යැයි ඔබම පවසන දහම් ඇස ලෙසින්ද ඔබ හඳුන්වන ධර්ම ඥානය?
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔබ බෞද්ධයෙක්ද ?

    උත්තරයක් නොදුන් නිසා මම නැවතත් අහන්න කැමතියී. කවර හේතුවක් නිසාද මේසේ ඇසුවේ?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔබ බෞද්ධයෙක්ද ?
    මගේ පැටිකිරියෙන් ඔබට වැඩක් නැහැනේ.
    බුදු හාමුදුරුවෝවත් මෙහෙම ප්‍රශ්න කරලා නැහැ කාගෙන්වත්, මහා කරුණාවෙන් නොදන්න පෘතග්ජනයන්ට උත්තර දේශනා කලා මිසක්.

    කරුණාකර ප්‍රශ්නවලට පිලිගත හැකි උත්තර දෙන්න.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    1)

    2)

    තවත් කෙනෙක් මාර්ග පල ලාබෙ කෙනෙක් කියා පවසීමට ධර්මය ශ්‍රවන පමනක් කිසිසීත්ම තිබීම සුදුසු කමක් වෙන්නෙ නෑහ. කෙනෙක් මාර්ගපල ලාබී කියල දන ගන්න පුලුවන් බුදු කෙනෙක්ට හො රහත් කෙනෙක්ට පමනය්. අඩුම තරමේ ඔබ දනන්වද සොවන් යන්නෙන් අදහන් කරන්නේ කුමක්ද කියා?

    පොඩි නීවැරැදී කිරීමක් කරන්නම්
    කෙනෙක් මාර්ගපල ලාබීද කියල ස්ථිරවම කියන්න පුලුවන් බුදු කෙනෙක්ට පමණයි
    වෙන කෙනෙකුට කරන්න පුළුවන් අනුමානයක් පමණයි
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පොඩි නීවැරැදී කිරීමක් කරන්නම්
    කෙනෙක් මාර්ගපල ලාබීද කියල ස්ථිරවම කියන්න පුලුවන් බුදු කෙනෙක්ට පමණයි
    වෙන කෙනෙකුට කරන්න පුළුවන් අනුමානයක් පමණයි

    පින්වත් thilinatta,

    "කෙනෙක් මාර්ගපල ලාබීද කියල ස්ථිරවම කියන්න පුලුවන් බුදු කෙනෙක්ට පමණයි" යන කරුණ ඔබ දැනගත් මූලාශ්‍රය ගැන දන්වන්න හැකිද?

    ඔබේම යම් ඥානයක් නිසාද මෙය පවසන ලද්දේ, නැත්නම් ඔබම සූත්‍ර හා විනය විමසීමෙන් මේ අදහස නිවැරදි බව දැක ද පවසන ලද්දේ, නැත්නම් සූත්‍රයක හෝ විනය විස්තරයක මෙය මෙලෙසම දුටුවානම් ඒ තැන හෝ තැන් දක්වන්න පුළුවන්ද, නැත්නම් මෙය වෙන අයෙක් කියන ලද්දක් නම් ඒ කීවේ කවුරුන්ද, කාටද, කවර තැනකදීද, කවර කරුණක් අරභයා ඇති වූ කතාවකදීද? ඔබට හැකි පමණින්, හරියටම මතක් කර ගැනීමට අපහසු නම් මතක් කර ගැනීමට හැකි පමණින් විස්තර දන්වන්න.

    Skylark
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    https://balawegaya.wordpress.com/2011/04/11/ථෙරවාද-බෞද්ධ-ග්‍රන්ථ-එකත/

    මමත් කාලයක් තිස්සෙම බැලුවෙ මේ පොත් තමයි. මගෙ දෙමව්පියන්ට බලන්නත් ඔය පොත් ඔක්කොම වගේ මම ගෙනත් දීල තියෙනව. දන්න අඳුනන අයට බලන්න දීලත් තියෙනව. නමුත් දැන් මම මේ පොත් සම්පූර්නයෙන්ම අයින් කරලයි තියෙන්නෙ.එහෙම කලේ මතුපිටින් නියම ධර්මය විදිහට පෙනුනත් මේ පොත් වලින් බුද්ධ දේශනාව විකෘති වෙලා නිවන වැසී යන බව දැනගත් නිසයි.

    මේ පොත් ලියල ධර්මය විකෘති කරපු අය අද ඉන්න තැන් දන්නවනම් ඔයාල මේ පොත් කියවනව තියා අල්ලන්නෙවත් නැතිවෙයි.එහෙම වෙලාතියෙන්නෙ ධර්මය විකෘති කරන එක දැන කලත් නොදැන කලත් ආනන්තරීය පාප කර්මයක් වන නිසයි. ( මේක කිව්වහම මගෙ රෙප් කපයි. ඒත් බෞද්ධයින් අපායෙන් බේරගන්න එක මට රෙප් වලට වඩා ගොඩක් වටින නිසයි මේක කිව්වෙ )

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නොදන්න දේ කරන්නට ගොස් අමාරුවේ වැටුන රේරුකානේ චන්දිවිමල හිමියන්, අද උන්වහන්සේ ඒ පාපය ගෙවමින් සිටිනවා.

    21034742_1662758753765505_3888963312649000352_n.jpg