දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්‍ෂිණ අධිවේගයයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උතුර දකුණ නැගෙනහිර හා බටහිර අධිවේගී මාර්ග හරහා එකතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුවක් තිබෙනවා ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (kenichi yokoyama) මහතාට පවසයි.

    දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් (Dr Chen Chen) ඇමති ජොන්ස්ටන්ට කියයි.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා සමග සාකච්ඡාවක් පසුගියදා මහාමාර්ග අමාත්‍යාංශදී පැවැත්විණි.

    මෙහිදී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, මාර්ග ආරක්ෂාව,තදබදය කලමණාකරණ වැඩසටහනක් අළුතින් ආරම්භ කිරීම හා තවත් මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති සංවර්ධනය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.අධිවේගී මාර්ග පිලිබදව ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසූ අවස්ථාවේදී ඊට පිලිතුරු ලබාදුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ උතුර දකුණ නැගෙනහිර හා බටහිර අධිවේගී මාර්ග හරහා එකතු කිරීම තුලින් රට තවදුරටත් සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනයාම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එක් බලාපොරොත්තුවක් බවයි.ඒ වගේම ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු තුලින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටිබලයක් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය

    ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් (Chen Chen) මහතා මෙහිදී අදහස් පලකරමින් කියා සිටියේ දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බවයි.තවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ වර්තමාන ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ ඉල්ලීමකට අනුව ආරම්භ කල ප්‍රමුඛතා මාර්ග (I Road) ව්‍යාපෘතිය ඉතා සාර්ථක බවත් බංග්ලාදේශය හා ඉන්දියාවේ ග්‍රාමීය මාර්ග සදහා භාවිතා කරන්නේද එම( I Road) මොඩලය බවත් ආචාර්‍ය චෙන් චෙන් වැඩි දුරටත් පවසන ලදී.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහනේ ප්‍රගතිය හා පැල මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන්ගේ පැසසුමට ලක්විය.

    තවද ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන වරාය පිවිසුම් මාර්ගයේ ප්‍රමාදය පිලිබදව සාකච්ඡා කෙරුණු අතර එම ප්‍රමාදයන් වැලක්වීම සදහා අවශ්‍ය තීන්දු තීරණ හා කටයුතු සම්පාදනය කර ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතාට පැවසීය.

    ශ්‍රීලංකාවේ මාර්ග සංවර්ධන ප්‍රගතිය වර්තමානයේ ඉතාමත්ම ඉහළ බැවින් ඉදිරියේදී ආසියානු බැංකුවේ සහාය ලබාදීමට ඉතා කැමැත්තෙන් සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදී.

    මහාමාර්ග අමාත්‍යාංශයේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokayama) මහතා සමග පැවති සාකච්ඡාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් මහතා ඇතුළු නියෝජිතයින් සහභාගී විය.
     
    • Haha
    Reactions: Identity

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113

    වවනවත්ත නෙමෙයිද හොදම පාර

    241380453_2990430477897116_8673197147675080088_n.jpg

     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    නැතුව නැතුව හොදම එක නොවි තියෙයියෑ..මේ දුප්පත් රටේ ඕක තිබ්බට ගාස්තු හරියට ජපානේ වගේ.. කොහොමද හම්බකිරිල්ල? 🤭
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    south asia - nepal, india, pakistan , maldives , sri lanka.
    me gobba countries tiken ititn number 1 wena eka maha loku wadakda.