කෝටි 3000ක රඟහලක් විවෘතවේ.
මහින්ද රාජපක්ෂ රඟහල
2011 දෙසැම්බර් 03 වෙනි සෙනසුරාදා, 09:38 Sri Lanka Mirror Editor
Srilankamirror - චීන රජයේ පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 3,000කට අධික වියදමින් ඉදි කර ඇති ‘නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මේ මස 15 වැනිදා විවෘත කෙරේ.
චීන ජනරජය වෙනුවෙන් එරට ඉහළ පෙළේ ප්‍රභූන් පිරිසක් ද එම රඟහලේදී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකදී එබව අනාවරණය කළේය.
මහල් හතකින් යුත් මේ රඟහල අංග සම්පූර්ණ නෘත්‍ය ශාලාවක්, එළිමහන් රංග ශාලාවක්, ප්‍රදර්ශන ශාලා දෙකක්, නාට්‍ය සඳහා පෙර සූදානම් වීමේ කාමර 13ක් ඇතුළු අති නවීන පහසුකම් සහිත ඉහළම තාක්ෂණයෙන් යුක්තව නිර්මාණය කරන ලද්දකි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව නිර්මාණය කැර ඇති මේ රඟහල ලෝකයේ ඇති අති නවීන රංග ශාලා අතළොස්සට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
මෙහි ඇති ප්‍රධාන රංග ශාලාව ආසන 1288කින් සමන්විත ය. රංග පීඨය කොටස් තුනකින් යුක්ත වන අතර ස්වයංක්‍රීයව ඉහළට හා පහළට ගමන් කරවිය හැකි කොටස් තුනකින් එය සමන්විතය. ඔපෙරා නෘත්‍ය ශාලාවක ස්වරූපය ගන්නා මෙහි මුළු විශාලත්වය වර්ග මීටර් 690කි.
'නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල' විවෘත කැරෙන ලබන 15වැනිදා මෙම රංග ශාලාවෙහි විශේෂ නෘත්‍ය ප්‍රසංගයක් ද පැවැත්වේ. සංගීත සන්ධ්වනියක ස්වරූපය ගන්නා මෙහි කතා තේමාවෙන් අතීතයේදී චීනයේ සිට සේද මාවත ඔස්සේ පෙරදිගට පැමිණි ෆාහියන් භික්ෂුවගේ ලංකාගමනය නිරූපණය කෙරේ. මෙහි අධ්‍යක්ෂණය ප්‍රවීණ නාට්‍ය ශිල්පී ජයන්ත චන්ද්‍රසිරිගෙනි. සංගීත නිර්මාණයෙන් ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ හා නර්තන අංග නිර්මාණයෙන් චන්න විජේවර්ධන කලාකරුවෝ දායක වෙති.

Last edited: