දඟකාර_චූටි_දුව_ළමිස්සියක්_වෙලා
ඔබත් තුරුණු වියේ එළිපත්තට පැමිණි දියණියක සිටින මවක නම් නවයොවුන් දියණිය කෙරෙහි ඔබේ සිතුම් පැතුම් හා හැසිරීම් කවරා කාර ද?මේ පැනයට පිළිතුරු වශයෙන් පොතක් ලිවීමට තරම් කරුණු කාරණා ඔබ සතුව ඇතුවාට සැකනෑ. නවයොවුන් වියට එළඹීමත් සමඟ ම, කුඩා කල සුරතලයට එහෙ මෙහෙ දුව පැන්න පුංචි කෙල්ල ඇගේ සුපුරුදු ගති පැවතුම්, ඇඳුම් - පැළඳුම් පමණක් නොව ඇසුරුකරන යහළු යෙහෙළියන් ද වෙනස්කරගෙන ඇතැයි ඔබ පවසනු ඇත. මේ තත්ත්වය යටතේ ඔබ මඳක් කලබලයට පත් ව වෙනදාට වඩා දියණිය ගැන විමසිලිමත් වන්නට, ඇගේ වැඩකටයුතු ගැන හාරා අවුස්සමින් සොයා බලන්නට යයි නම් මවක වශයෙන් එහි ඒ හැටි අරුමයක් ද නැත.නමුත් එය සීමාව ඉක්මවා යන්නේ නම්? අනිවාර්යයෙන් ම එය මව සහ දියණිය අතර නොහොද නෝක්කාඩුවකට මුල පිරීමක් විය හැකියි.
මෙවැනි නො හොඳ නෝක්කාඩු සහ සිත් රිදවීම් මවත් තරුණ දියණියත් අතර පැවතිය යුතු සමීප සබඳතාව, දයාබර ඇසුර පළුදු වීම දක්වා වර්ධනය වේ නම් සැබෑවට ම එය ඔබේ යොවුන් මල් කැකුළට අහිතකර ලෙසට බලපානු ඇත. එසේ නම් නව යෞවනයට එබිකම් කරනු පළමු අවදියේ, එනම් ගැටවර වියේ පසුවන දියණිවරුන් විෂයෙහි දයාබර මවුවරුන් වශයෙන් ඔබේ හැසරීම හා ගති පැවැත්ම කෙලෙස සකස්විය යුතුද?මේ පැනයට සුප්‍රකට ඉන්දියානු මනෝ චිකිත්සකයකු, සමාජීය සබඳතා පිළිබඳ උදේශක වරයකු මෙන් ම ගත්කතුවරයකු ද වන ආචාර්ය විජේ නාගස්වාමි මහතා, ජනප්‍රිය ඉන්දියානු සඟරාවකට ලිපියක් ලියමින් පිළිතුරු සපයයි. අප දැන් ඔබට එකින් එකට ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ එම ලිපියෙන් ආචාර්ය නාගස්වාමි මහතා විසින් විග්රහ කරන්නට යෙදුණු නව යෞවනයේ ගති ලක්ෂණයි. එසේ ම දයාබර මවක වශයෙන් ඔබ විසින් ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරයත් ඔහු විසින් සරලව පැහැදිලි කර තිබේ.
නව යොවුන් විය යනු ආවේගශීලී මෙන්ම කලහකාරී කාල පරිච්ඡේදයකි.මෙය සබෑවකි. ගැටවර වියේ හෝමෝන කි‍්‍රයාකාරීත්වයත් සමඟ ම මේ කලහකාරි බව මතුව එයි. මේ තත්ත්වය වටහා ගැනීමට ඔබ මනෝවිද්‍යාඥවරියක ම විය යුතු නැත. මවක වශයෙන් ඔබ සතු අත්දැකීම් හා ඔබ පසුකළ ඔබේ නවයොවුන් වියේ අත්දැකීම්, අද ඔබේ දුවනිය ගේ හැඟීීම් තේරුම් ගැනීමට ඔබට උපකාර වනු ඇත. මේ වටහා ගැනීමම පමණක්, තරුණ දියණියට තදින් තරවටු කිරීමෙන් හා බැන වැදීමෙන් ඔබව වළකාලනු ඇත.තරුණ වියේ ඇතිවන හෝමෝන කි‍්‍රයාකාරීත්වයේ ප්‍රතිඵලය විරුද්ධ ලිංගිකයන් කරා ඇදී යාමට පමණක් නොවේ.බොහෝ මවුවරුන් සිතන්නේ තම දියණි වරුන් යොවුන් වියට එළඹීමත් සමඟ ම තරුණ පිරිමි ළමයින් කෙරෙහි වඩාත් ආකර්ශණය වන බවයි. එක් අතකින් බැලූවට එහි ඒ හැටි අසත්යතායක් ද නැත. මන්දයත් සැබවින් ම යොවුන් ගැහැනු දැරිවියන් ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ මුල්තැනට සිටින්නේ විරුද්ධ ලිංගිකයන්ම වන බැවිනි. නමුත් එය එම වයසේ සිදුවන හෝමෝන කි‍්‍රයාකාරීත්වයේ එක් ප්‍රතිඵලයක් පමණකි.
මීට අමතරව තම අනාගතයට අදාළ බොහෝ තීරණ ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ ද? මේ සමයේදියි. අනාගතයේ දී තමා නියැලෙන ක්ෂේත්රය, ඒ අනුව හැදෑරිය යුතු විෂය ධාරාවන් ආදිය තනිව ම තීරණය කිරීමට යොවුන් දුවනිය කැමති වෙයි. ඒ අතරතුර තම අනාගත සහකරු තෝරාගැනීමට ද ඇය ඉදිරිපත් වේ නම් එහි එතරම් පුදුමයට කාරණාවක් ද නැත. කරුණු නිසි ලෙස වටහා දීමෙන් පුංචි යෞවනිය අනුවණ තීරණ ගැනීමෙන් වළකා ලීමට ඔබට හැකියාව ඇත. මවක වශයෙන් ඔබ සතු වගකීම වන්නේ ද එයයි.තමන් වටා ඇති ආරක්ෂක බැමි පුපුරුවා ලීමට මාන බලන වයසකි නව යෞවන විය.ඔබත් පාසලට, පෞද්ගලික උපකාරක පන්තියට යන එන දුවනියට ආරක්ෂක වැටකඩුළු බඳින, ඈ පසුපස නිතර යන එන මවක විය හැකිය. සිය දියණිය රැක ගැනීම තමන්ගේ වගකීම බව ඔබ පවසනු ඇත. නමුත් ඒ වෙනුවෙන් තරුණ දියණිය ගේ නිදහස හැම අතින් ම සීමා කිරීම නුවණැති කාර්යයක්දැයි නැවත සිතා බැලීම වටී.කොයියම් හෝ මොහොතක දී ඔබේ ආරක්ෂක වැටකඩුළුවලට දියණිය නොවැරැදිම විරුද්්ධවනු ඇත.
ඊට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර වලට ද පිළිතුරු දීමට ඈ සූදානමින් සිටී. එසේ හෙයින් මෙවැනි අත්‍යවශ්‍ය මත ගැටුම්වලින් වැළැකී ඔබ සහ දියණිය අතර සුහදතාව රැකගනිමින් ඇයට යම් පමණක සාධාරණ නිදහසක් දීම වටී.යොවුන් දියණිය ඔබෙන් අපේක්ෂා කරන්නේ මිතුරු ඇසුරක් නොවේ. මවකගේ ආරක්ෂාවකි.බොහෝ මවුවරුන් සිතන්නේ නව යොවුන් දියණිය සමඟ මිතුරියක සෙ ඇසුරු කිරීම ඵලදායක බවයි. නමුත් මේ ක්‍රමය සාර්ථක වන්නේ ඉතා අතළොස්සකට පමණි. ඔබේ දියණියට ඇසුරු කිරීමට මිතුරියන් සොයා ගැනීමට අපහසු නැත. ඔබත් මිතුරියක වුවහොත් ඇයට මවක කොයින්ද?එසේ හෙයින් ඔබේ දියණිය ගේ චරිත වර්ධනය සඳහා වඩාත් ඵලදායක වන්නේ යෙහෙළියක ලෙසින් ඇයට ළංවී ඔබ පිළිබඳ දයාබර මවක ගේ ප්‍රතිරූපය ඇගේ සිත තුළ ගොඩනැංවීමයි. එවිට දියණියට ඇවැසි මඟ පෙන්වීම හා අවවාද අනුශාසනා ලබා දීමට ඔබට පහසු වනු ඇත. මවක ලෙසින් ඔබේ යුතුකම මෙන් ම වගකීම ද වන්නේ එයයි.
නිලූෂා නිරංජලා
දඟකාර චූටි දුව ළමිස්සියක් වෙලා