දත්ත අසාමාන්‍යයි : දෛනික ආසාදිතයින් 4304 ක්.සමස්තය හරියටම 390,000ක් වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    ඊයේ (22) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4304ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 4282 දෙනෙකු සහ විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් 22 දෙනෙකු වශයෙනි.

    මෙය මෙරටින් නිල වශයෙන් නිවේදනය කෙරුණු වැඩිම දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද වේ.

    මේත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 390,000ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    මේ අතර පෙරේදා දිනයේදී 55123ක් දක්වා ඉහළ ගොස් තිබුණු සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේදී 40475ක් දක්වා පහත වැටී තිබේ. එනම් ඊයේ දිනය තුළ සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන 18769ක් විය යුතුය. මෙම සංඛ්‍යා දත්ත පැහැදිලිවම පෙන්නුම් කරන්නේ යම් අසාමාන්‍ය ආකාරයකි.

    1.jpg


    2.jpg
     
    • Like
    • Haha
    Reactions: Die-hard and AEG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    රෙද්දටද බන් උබල තාම ඕක බලන්නෙ මුන් ඩේට වෙනස් කරනව කියල දැන දැන. මුන් කුණු ටික පාපිස්ස යටට දානව විතරයි
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    කොහොමත් මේ සතියේ වැඩි කරලා දානවා,ලබන සතියේ අග වෙද්දී ඕක අඩු වෙනවා.ඊට පස්සෙ කියයි අපි තමා හොදටම කලේ