දත් කිබුල!ඔබ දෙවියෙකි.
කතාව මෙන්න මේකයි,ගිය සුමනේ මට පොඩි කරදරයකට මුණ දෙන්න සිද්ද උනා.මම සම්පුර්ණ ස්ටෝරි එක මෙතන කියන්නේ නැහැ මොකද එක ඊට පස්සේ එතුමාට තියන වැඩ කටයුතු එක්ක ඒ වගේ දේවලුත් කරන්න කාලය හොයාගන්න එක අමාරු වගේම,එතුමාගේ රාජකාරිය හා සම්බන්ද එතික්ස් වලට ප්රශ්නයක් වෙන නිසා,කොහොමහරි ඊයේ දවල් ඉදල වැඩේ කරගන්නේ කොහොමද කියන එක ලොකු බරක් උනා වගේම අනිවාරෙන් කරගන්න එකත් උවමනා උනා.මම හවස එතුමාට කතා කරලා සීන් එක පැහැදිලි කලට පස්සේ කිසිම පැකිලීමකින් තොරව උවමනා සහයෝගය ලබාදෙන්න පොරොන්දු උනා.කොහොමහරි වැඩේ නම් ගොඩ ගිය.කස්ටියකට හිතෙන්න පුළුවන් කිබුල ගරිල්ලා මාර්කටින් කරන ඩයල් එකක් කියල.නැහැ!මුව අදුරන එළකිරියේ කොල්ලෝ මූ ගැන හොදින් දනිති,මේ ටික උබේ ත්රෙඩ් එකක දානවට වැඩිය අලුතෙන්ම ත්රෙඩ් එකක් දාන්න ඕන කියල මට හිතුන,උබ නම් නියම මනුස්සයෙක්.තවත් විදියකින් කිව්වොත් සිරාම හිත හොද කොල්ලෙක්.ස්තුතියි මචන්!





















