ලේසියෙන්ම දත් ටික සුදු කරගන්න ක්‍රමයක්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ලේසියෙන්ම දත් ටික සුදු කරගන්න ක්‍රමයක්

සිනහව ලස්සන වෙන්න නම් අනිවාර්යෙන්ම සුදු වන් දත් දෙපලක් තියෙන්න ඕනේ. :D දත් පිරිසිදුව තියාගන්න අපි හැමදාම දත් මදිනවා ඒ වුනත් සමහර වෙලාවට කොච්චර මැද්දත් දත් කහ පැහැ වෙලා තියෙන්න පුළුවන්. :baffled: ඉතින් මේකට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒකට යොදාගන්නේ කෙසෙල් ලෙල්ල. සමහරවිට දැනටමත් ඔයාලා මේ ගැන දන්නවා ඇති. :yes:

කෙසෙල් ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් අපේ දත් වල ඉලීම තුලින් දත් සුදු වෙනවා. කෙසෙල් ලෙල්ලේ අඩංගු වෙලා තියෙනවා Potassium, Magnesium හා Magnese
කියන පෝෂණ සංගටක. ඉතින් මේ කෙසෙල් ලෙලි වල ඇතුලත පැත්ත දත් වල අතුල්ලන කොට මේ සංගටක ටික දත් වලට උරා ගැනීම සිදු වෙනවා. ඒ තුලින් තමයි දත් ටික සුදු වෙන්නේ. ඒ වගේම මෙහි තියෙන තවත් වාසියක් වන්නේ මේ ක‍්‍රමය මගින් දත් වලට කිසිම සීරීමක් වෙන්නේ නැති එක.

දැන් අපි බලමු මෙය කරන්නේ කොහොමද කියලා…:D:D

මුලින්ම ඉදුණු කෙසෙල් ගෙඩියක් අරන් එකෙන් ගලව ගන්න කෙසෙල් ලෙලි කැබැල්ලක්. හොදින් මතක තියා ගන්න මේ ලෙලි කැබැල්ල ගලවන්න පටන් ගන්න ඕනේ කෙසෙල් ගෙඩිය යට පැත්තේ ඉදන්. ඒ වගේම මේ සදහා එක වරකට අවශ්‍ය වන්නේ කෙසෙල් ගෙඩියකින් කුඩා ලෙලි කැබැල්ලක් පමණක් නිසා ඔබට පුළුවන් එක කෙසෙල් ගෙඩියක් දවස් 4ක් විතර මේ වැඬේ සදහා යොදා ගන්න.


CubIRWm.jpg



හරි දැන් මේ ගැලව ගත්තු ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් දත් වල අතුල්ලන්න. කෙසෙල් ලෙල්ලේ යට පැත්තේ තියෙන ඔක්කොම ටික දත් වලට වදින ගානට හොඳින් අතුල්ලන්න. ටික වෙලාවක් මෙහෙම කරනකොට ඔබට තේරේවි දත් ටික සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි කිසියම් තට්ටුවක් බැදිලා වගේ.


Fjud5Fb.jpg



එතකොට ඔබ මේක නවත්තලා විනාඩි 10ක් ඉන්න ඕනේ මේ කෙසෙල් ලේල්ලෙන් අපේ දත් වලට ගත්තු පෝෂන සංගටක ටික හොදින් දත් වලට වදිනකම්. තොල් දෙක දිව දත්වල නොගෙවන පරිදි මේ කාලය ඔබ ගත කරන්න ඕනේ.


vKWtJZx.jpg



ඊට පස්සේ ඔබේ බුරුසුව අරන් දත් බෙහෙත් හෝ වතුර නැතුව නිකන්ම දත් ටික මදින්න. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර දත් වල බැදිලා තියෙන කෙසෙල් පොත්තේ පෝෂන සංගටක හැම අස්සක් මුල්ලක් නෑරම පතුරුවන එක. ඉන්පසු නැවත වතාවක් දත් බෙහෙත් යොදා ගෙන දත් ටික මදින්න.


qqgpfgW.jpg



එච්චරයි! මේ වැඬේ හැමදාම කරොත් දවස් 14 ක් වගේ පුංචි කාලයක් තුලදී ඔබේ දත් ටික නිවසේදීම සුදු කර ගන්න පුලූවන්. :):)
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හප්පෝ චූටි කාලේ ඉඳලම එපා කරපු දෙයක් තමයි දත් සුද්ද කරන එක..:(
    මේක කරලා බලන්න ඕනේ..:yes:
    ස්තූතියි
    +Rep​
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හප්පෝ චූටි කාලේ ඉඳලම එපා කරපු දෙයක් තමයි දත් සුද්ද කරන එක..:(
    මේක කරලා බලන්න ඕනේ..:yes:
    ස්තූතියි
    +Rep​

    :yes::yes::yes::yes::yes: