දත විලිස්සන E නොම්මර

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    දත විලිස්සන E නොම්මර

    ඉස්සර කාලේ එළවළු,පළතුරු,කෑම ජාති සුලභ නිසා කෑම කල්තියා ගැනීමේ ක්‍රම ඕනෙ වුනේ නෑ. ඒත් අපේ ජීවින රටා වෙනස් වීමත් එක්ක කෑම වර්ග කල්තබ ගන්න අවශ්‍ය වෙලා තියනවා.ඉතින් මේ ආහාර රස ගැන්වීමට කල් තබා ගැනීමට වෙළඳ පලට ගැලපෙන ලෙස සකස් කිරීමට පාවිච්චි කරන රස කාරක ගැනයි අද පෝස්ටුව.
    මෙහෙම ආහාර වලට එකතු කරන විවිධ ආකලන (additives) මේ E අංක යටතේ පෙළ ගස්වා තියෙන්නෙ යුරෝපයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ආයතනය මගින්. මෙවන් ආකලන වර්ග කර ඇත්තේ මෙහෙමයි.




    කඩවල් වලින් මිලදී ගන්න සකස් කරන ලද ආහාර වල (Processed Foods) අඩංගු ද්‍රව්‍ය ලිස්ට් එකේ මේ අංක බොහොමයක් දැක ගත හැකියි. ස්වාභාවික මෙන්ම කෘතිම ද්‍රව්‍ය අඩංගු මෙම ආකලන සමහරක් ශරීරයට අහිතකර බලපෑම් ඇතිකරන බව සොයා ගෙන තියනවා. මෙම අහිතකර බලපෑම දක්නට ලැබෙන්නේ අධික ලෙස පරි‍භෝජනයෙන් පමණක් බව පෝස්ටුව කියවන්න ඉස්සෙල්ලා මතක තියා ගන්න.



    රස වෙසින් එන වස බොජුන් සමහරක්




    Tartrazin (E102)
    කහ පැහැ වර්ණකය ලෙස භාවිත කරන E102 සමහර රෝගී තත්ත්ව උද්දීපනය කරන බව සොයාගෙන ඇත. එබැවින් 2010 සිට සමහර E102 වර්ණක ආහාර සඳහා භාවිතය පාලනය කර ඇත.
    ඇදුම, ආමාශ ප්‍රදාහය, වකුගඩු රෝග, පිළිකා ආදී රෝගී තත්ව මෙය භාවිතයෙන් ඇති වීමට ඉඩ ඇති බව සනාථ කොට ඇත.

    Tertiary Butyl Hydro Quinine -TBHQ (E319)
    ප්‍රතිඔක්සිකාරකයක් ලෙස භාවිත වන මෙම රසායනිකය ඇරොමැටික කාබනික සංයෝගයකි. ආහාර කල් තබා ගැනීමට උපකාර වන මෙහි සාන්ද්‍රණය සීමා කොට ඇත්තේ අධික පරිභෝජනයෙන් ජානවලට හානිවිය හැකි බැවිනි. වර්ධන සංකූලතා, ස්නායු ආබාධ, වකුගඩු උදර ආබාධ ඇති කරන බවද සොයාගෙන ඇත. එමෙන්ම පිළිකාකාරක බවද පරීක්ෂණ මගින් හෙළි දරව් වී ඇත.


    Sodium Nitrate (E252)
    ආහාර කල් තබා ගැනීමට, මස් වර්ගවල වර්ණය නොනැසී පවත්වා ගැනීමට භාවිතා වන මෙය ලවණ වර්ගයකි. අධික උෂ්ණත්වයට රත් කිරීමේදී මස් වල ඇති ප්‍රෝටීන සමඟ ක්‍රියා කොට පිළිකා කාරක සංයෝග සාදන බව සොයාගෙන ඇත. අධික පරිභෝජනයෙන් ඇල්ෂයිමර්,පාකින්සන් වැනි ස්නායු රෝග උද්දීපනය කරන බව පරීක්ෂනවලින් සනාථ කොට ඇත.


    Trans Fatty Acid
    එළවළු තෙල් හයිඩ්‍රජනීකරණය වීමේදී ඇතිවන මෙම සංයෝගය කොලෙස්ටරෝල් වැඩි කිරීමට, පිළිකා ඇති කිරීමට හේතු විය හැකි බව සොයාගෙන ඇත. අර්ධ වශයෙන් හයිඩ්‍රජනීකරනය කරන ලද තෙල් වර්ග භාවිත කර නිශ්පාදනය කරන බේකරි නිශ්පාදන කල්තබා ගැනීම පහසු බැවින් මෙම සංයෝගව බහුලව ආහාර වල දක්නට ඇත.


    මීට අමතරව වෙළඳපලින් ආහාර මිලදී ගැනීමේදී පහත සඳහන් E නොම්මර පිළිබඳවත් සැලකිලිමත් වන්න.
    E102, E110,E122,E123,E124,E127,
    E129,E131,E133,E142,E151,E153
    E154,E155,E210,E224,E226,E227,
    E228,E232,E,249,E250,E251,E252,
    E284,E285,E319,E320,E321,E512,
    E621,E942,E954


    ප/ලි.
    2011 දෙසැම්බර් 19-24 දිනවල රාජගිරියේ දේශීය ආයුර්වේද වෛද්‍ය ආයතනයේ පැවැත්වුනු “ආයුර් මෙඩිකා 2011“ දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය බැලීමට මටත් වාසනාව ලැබුනා. බොහො තොරතුරු ආයුර්වේද ඇසින් බලා දේශීය වෛද්‍ය විද්‍යාවේ අනාගතයට වගකියන යොවුන් වෙදැදුරන් සමඟ සාකච්ජා කොට මා ආපසු පැමිණියේ හද පිරි සතුටකින්. ඉහත කරුණු සියල්ල ප්‍රසූති තන්ත්‍ර කෞමාරභත්‍ය අධ්‍යන අංශයෙන් ලබා දුන් අත් පත්‍රිකාවකින් උපුටා ගැනීමක්.

    Source:-Click Here