දන්තජ - මුර්ධජ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සියලු (සියල්ල) - සියළු (ව්‍යවහාර වන ස‌දොස් ආකාරය).

    ගැටලු (ප්‍රශ්නය) - ගැටළු ( ව්‍යවහාර වන ස‌දොස් ආකාරය).

    තුළ (ඇතුළ) - තුල (ව්‍යවහාර වන ස‌දොස් ආකාරය).

    ප්‍රශ්න (ගැටලුව) - ප්‍රශ්ණ (ව්‍යවහාර වන ස‌දොස් ආකාරය).

    ‌ලේඛනය - ‌ලේඛණය (ව්‍යවහාර වන ස‌දොස් ආකාරය).

    දර්ශන - දර්ශණ (ව්‍යවහාර වන ස‌දොස් ආකාරය).

    දෘෂ්ටිය - දෘෂ්ඨිය (ව්‍යවහාර වන ස‌දොස් ආකාරය).

    ශිෂ්ටාචාරය - ශිෂ්ඨාචාරය (ව්‍යවහාර වන ස‌දොස් ආකාරය).

    කළ (කිරීම/ කළය) - කල (කාලය).

    පහන (ප්‍රදීපය/පහන්/එළිය) -

    පහණ (ගල/ සඳකඩ පහණ).

    සුළු (කුඩා; අල්ප; සරල) - සුලු (ගතිය: බියසුලු, වැ‌නෙනසුලු).

    වළ (ආවාටය) - වල (කැලය/ වලිගය/ බහුවචන හඟවන ප්‍රත්‍යයක්)



    තවත් නිදර්ශනයක්: නිවැරදි කවරක් ද?

    ‌ලේ දං ‌දෙන්න!
    ‌‌ලේ දණ් ‌දෙන්න!
    ලේ දන් ‌දෙන්න! :yes:


    ඉංදන පිරවුම්හල
    ඉණ්දන පිරවුම්හල
    ඉන්දන පිරවුම්හල
    ඉන්දණ පිරවුම්හල
    ඉණ්දණ පිරවුම්හල
    ඉංධන පිරවුම්හල
    ඉන්ධන පිරවුම්හල
    ඉණ්ධන පිරවුම්හල
    ඉන්ධණ පිරවුම්හල
    ඉණ්ධණ පිරවුම්හල


    අවුලින් අවුලට පත් වී ‌නේ ද?

    https://groups.google.com/forum/#!topic/Sinhala-Unicode/GJfUKz8i0is
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    sinhalek akuru liyawenawa godak adui. sinhala unicode eken ketuwoth thamai. ethana kotanakotath katayam dada kotanna amarui neh ban. e nisa lesiyata mokak hari liyanawa. e nisa dan sinhalunta hari agee naha. hithata ennema ara lesiyata karapu waradi eka. matath ehemai.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හරි වහර

    ණ, න, ල, ළ අකුරු වරදවා යොදන වදන් කිහිපයක් මෙවර විමැසිල්ලට ලක් කැරේ.

    1. කිණිති - සමූහය යන අරුතින් නිතර වහරෙහි හමුවන වදනෙකි‍. බොහෝ විට එක් වැ පිපුණු පුෂ්ප සමූහයක් හඳුන්වනු වස් ‘මල්’ යන්න සමඟ යෙදේ. මෙහි නිවැරැදි වදන වනුයේ ‘කිනිති’ යනුයි. (මූර්ධජ) ‘ණි’ නො ව (දන්තජ) ‘නි’ යෙදෙන සැටි සැලැකිල්ලට ගත යුතු ය. සමූහාර්ථයෙහි යෙදෙන ‘තැන්’ යන්නට ම ‘ඉති’ යන අස්ත්‍යර්ථ (ඇත යන අරුතෙහි) තද්ධිත ප්‍රත්‍යය එක්වීමෙන් ‘කැනිති’ යන වදන නිපැදේ. එහි ‘කැ’ පසු වැ ‘කි’ බවට පත් වනුයේ පර රූප සාම්‍යයෙහි (පසු වැ යෙදුණු ‘නි’ යන්නෙහි ‘ඉ’ ස්වරය බවට ඒ ‘‍ඈ’ ස්වරය ද වෙනස් වීමෙනි.)

    2.‍ කෑරළා - මෙහි නිවැරැදි යෙදුම වනුයේ ‘කෑරලා’ යනු යි. මේ (ඒක වචන) පදයෙහි . ප්‍රකෘතිය නම් ‘කෑරල්’ යනු යි. එ තන්හි දී (හල්) ‘ල්’ යෙදෙනුයෙන් ඒක වචනයෙහි ද (දන්තජ) ‘ල’ ම යෙදිය යුතු බව තහවුරු වේ. මේ වදනින් කියැවෙනුයේ රතු පැහැති කුඩා කුරුලු වෙසෙසෙති. මෙහි බහු වචන උක්ත පදය ‘කෑරල්ලු’ යැයි ද අනුකරණ පදය ‘කෑරලුන්’ යැයි ද යෙදේ‍. මේ සියලු තන්හි දු යෙදිය යුතු වනුයේ (දන්තජ) ‘ල’ ම ය.

    3‍.‍ කැබළි - මෙ ද යට දක්වන ලද කැරළි යනු වෙන් ම වැරැදි වදනෙකි. නිවැරැදි වනුයේ (දන්තජ) ‘ලි’ සහිත ‘කැබැලි’ යනු යි. ඒක වචනයෙහි දී මේ ‘ලි’ ද්විත්ව වී ‘කැබැල්ල’ යි යෙදේ. ද්‍රැත උච්චාරණයේදී (ඉක්මනින් කීමේ දී) ‘බ්’ ව්‍යඤ්ජනය ලොජ් වී යෑමෙන් ‘කැබැලි’ ම ‘කෑලි’ බවට පත් වේ. එහි ඒක වචන පදය ‘කෑල්ල’ යි යෙදේ. මේ සියලු වදන් ලිවීමේදී ද (දන්තජ) ‘ල’ ම යෙදිය යුතු යි.

    4. කිරණ - කිරණ යනු වැරැදි වදනක් නො වේ. එහි අරුත් දෙකෙකි. එකක් නම් රශ්මිය යනු යි. අනෙක කිරි මුහුද (කිරි + අණ) හෙවත් ක්ෂීරාර්ණවය යනු යි. ඇතැමුන් වර්තමාන කාල කෘදන්ත පදයක් ලෙස ‘කිරණ’ යනු යෙදීම වැරැදි වේ. කිරීමෙහි ‘කීර’ ධාතුවෙන් නිපදින වර්තමාන කෘදන්තය ‘කිරන’ යනුයි. රශ්මි, ක්ෂීරාර්තාව ආදී අර්ථ සඳහා (මූර්ධජ) ‘ණ’ සහිත වැ ‘කිරණ’ යි යෙදුණ ද මෙහිදී යෙදිය යුතු (දන්තජ) ‘න’ සහිත ‘කිරන’ යනු ම ය. මෙහි අරුත නම් තුලනය කොට බැලීම යනු ය.

    5. කිරළා - මෙ ද කෑරළා මෙන් ම වැරැදි වදනෙකි. නිවැරැදි වනුයේ (දන්තජ) ල සහිත ‘කිරලා’ යනු ම ය. මෙහි දු ප්‍රකෘතිය වනුයේ ‘කිරල්’ යනු ය. එ හෙයින් ඒක වචනයෙහි දී ‘කිරලා’ යනු යෙදීම නිවැරැදි බව ඉනුදු තහවුරුවේ.

    6. කිරුලු - නිවැරැදි ‘කිරුළු’ යනුයි. අග යෙදෙන (මූර්ධජ) ‘ළු’ කෙරෙහි විශේෂයෙන් සැලැකිල්ල යොමු කළ මනා ය. සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද මේ හා අනුරූප වැ යෙදෙනුයේ ‘කිරීටම’ යනුයි. එහෙයින් මෙහි (මූර්ධජ) ‘ළු’ ම යෙදිය යුතු බව වඩාත් තහවුරු වේ.

    7. කිළිටි - බොහෝ දෙනකු බොහෝ විට මේ වදන මෙසේ වරදවා යොදනු දැකිය හැකි යි. මෙහි යෙදිය යුත්තේ (මූර්ධජ) ‘ළි’ නො ව (දන්තජ) ‘ලි’ යනුයි. ඒ අනුව නිවැරැදි යෙදුම නම් ‘කිලිටි’ වේ. සංස්කෘතයෙහි මේ හා අනුරූප වැ යෙදෙනුයේ (අතීත කෘදන්ත පදයක් වන) ‘ක්ලිෂ්ට’ යනු යි. පාලියෙහි ඒ ‘කිලිට්ඨ’ යි යෙදේ. එ දෙක්හි ම වනුයේ ද (දන්තජ) ල කාරය යි. සිංහලයෙහි ‘කිලිටි’ යනු ම නිවැරැදි බව ඉන් වඩාලාත් තහවුරු වේ. ‘කිලුටු’ යනු ද වහරෙහි යෙදේ.

    8. කිලිය - මෙය නිවැරැදි වැ ලියනුයේ (මූර්ධජ) ‘ළි’ සහිත වැ ‘කිළිය’ යනුවෙනි. වැසිකිළි, කැසිකිළි ඈ තන්හි මෙය නිතර නිතර යෙදේ. මේ හා අනුරූප වැ සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද යෙදෙනුයේ ‘කුටි’ යනු යි. (මූර්ධජ) ‘ළි’ යෙදිය යුතු බවට එද සාධක වේ. අරුත කුටිය හෙවත් කාමරය යනු යි.

    https://www.facebook.com/APEURUMAYA/posts/1204875729565654
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කණ්ණාඩිය
    කළේය
    වළඳ
    වලාකුළු
    මහලු
    ගැළපෙන
    ගවේෂණය
    අභිෂේකය
    කොට්ඨාසය
    ශ්‍රේෂ්ඨ
    අවශේෂ
    දෘෂ්ටි

    උට්ඨාන
    ඝනීකරණය


    සමස්ත
    ප්‍රස්තාව
    විශිෂ්ට
    ප්‍රවිශ්ට
    මද්‍යසාර
    සඵල
    ආරූඬ
    ලේකම්
    සුනඛයා
    ශාක්‍ය
    මජ්ඣිම
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    73.gif

    එළ... එළ....!!
    රෙප් දුන්නා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කම්මැළි
    පලතුරු - එළවළු
    ළමයි
    රණ්ඩුව
    පිළිමය
    පළාත
    පොකුණ
    මුහුණ
    පේළිය
    කූඩලු
    බබළනවා
    දැනුණා
    ඇහුණා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වළවල්
    කුකුළා
    ඇණය
    කැලණිය
    එළිය
    මෑණියෝ
    කණ්ඩිය
    එළකිරි
    පැහැදිලි
    තීරණය
    උපකරණ
    ගණන
    වහළය
    උදාහරණ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Mala wikara lesi widihakata pawuchchi kran nathuwa...


    ඉස්සර ඔය අකුරු ශබ්ද කළේ වෙනස් විදියටලු බං :shocked:

    ල යන්න ළ යන්න ආකාර දෙකකට ශබ්ද කළාලු :oo: