දන්නවද අලින්ගෙ කතාව?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දන්නවද අලින්ගෙ කතාව?

    විවිධ අලි වර්ග

    sDmdEiJ.jpg


    විද්‍යාඥයන් මේ වන විට අලි වර්ග දෙකක් හොයාගෙන තියෙනවා

    නමුත් ජාන පරීක්ෂණයන්ට අනුව අලි වර්ග 3ක් වත් ඉන්නවා කියලයි කියන්නෙ

    1 ආසියානු අලි - Asian elephant alphas maximus
    2 අප්‍රිකානු අලි - African bush elephant loxodonta Africana
    3 අප්‍රිකානු වන අලි - African forest elephant loxodonta cyclones

    ආසියානු අලින්ට සාපේක්ෂව කුඩා කන් සහ දළ පිහිටලා තියෙනවා
    අප්‍රිකානු අලින්ට විශාල කන් සහ දළ පිහිටලා තියෙනවා

    ආසියානු අලින්ගෙ හිස් මුදුන කඳු දෙකක් ආකාරයට උඩට ඉලිප්පිලා තියෙනවා
    අප්‍රිකානු අලින්ගෙ හිස රවුම් ස්වභාවයක් ගන්නවා

    ආසියානු අලින්ගෙ හොඬවැල අග ඇඟිල්ලක්/දිවක් වගේ කොටසක් පිහිටලා තියෙනවා
    අප්‍රිකානු අලින්ගෙ හොඬවැල අග ඇඟිලි/දිව වැනි දෙකක් පිහිටලා තියෙනවා

    අලි සාමාන්‍යයෙන් වඩා ක්‍රියාකාරී වෙන්නෙ හිරු බැස යන සැන්දෑ කාලයේ තමයි


    පැටවුන් බිහි කිරීම

    zoFULay.jpg


    කෙනෙරක් (ඒ කියන්නෙ අලියගෙ ගෑනු සතා) වසරකට දින කිහිපයක් පමණයි සරු තත්වයක ඉන්නෙ

    මේ කාලෙදි අලියා ලෙන්ගතුව ඉඳලා හොඬ වැලෙන් පිරිමැදලා සහකාරිය වෙන්න ආරාධනා කරනවා

    කෙනෙර ඒක පිලිගන්නවා නම් විනාඩි 20ක් පමණ ඇතුලත ඒ විදිහටම ප්‍රතිචාර දක්වනවා.

    කෙනෙර ගැබ් ගත්තොත් මාස 22ක් ගැබ දරාගෙන ඉන්නවා.

    සමහර අලි විලිරුදාවට පිලියම් ලෙස සමහර ශාක යොදාගන්නවා

    අලි පැටියා ඉපදෙනකොටම බර කිලෝග්‍රෑම් 100ට වැඩි වෙනවා

    අලින්ගේ විශාල උකුල් ප්‍රදේශයක් තියෙන නිසා මනිස්සුන්ට සාපේක්ෂව උපත් හා මරණ අනුපාතය අඩුයි

    මුලින් අලි පැටියාට ඇස් පෙනීම ලැබෙන්නෙ නැහැ.

    අලිපැටියා තමන්ගෙ හොඬවැඩ උරනවා. හරියට පොඩි ළමයි ඇඟිල්ල උරනවා වගේ.

    අලිපැටියට උපතින්ම යම් බුද්ධියක් පිහිටලා තියෙනවා.
    ඒ වගේම ඉතිරි දෑ මවගෙන් සහ රැලේ ප්‍රධානීන්ගෙන් ඉගෙනගන්නවා.

    අලි අම්මා කෙනෙක්ව තෝරගන්නවා පැටියා බලාගන්න.
    මොකද පැටියට කිරි දෙන්නත් එක්ක ආහාර ගන්න අවශ්‍යය නිසා.

    සමාජ ස්වභාවය

    xemyzSb.jpg


    කෙනෙරක් ඉන්නෙ සාමාන්‍යයෙන් තනි අලි 10ක වත් රැළක් එක්ක

    රැළ මෙහෙයවන්නෙ අත්දැකීම් බහුල කෙනෙරක් විසින්

    නමුත් පිරිමි සතුන් තනිව එක් රැළකින් තවත් රැළකට යනවා

    රංචුවේ ඉන්න ගැහැණු සතුන් සියල්ල එකිනෙකාගේ ආහාර සොයාගැනීමට දරුවන් බලාගැනීමට සහය වෙනවා

    අලි වැතිරිලා නිදාගන්නෙ නැහැ මොකද ඒ අයට ශක්තිමත් කකුල් පිහිටලා තියෙනවා

    අලි රංචු අතර කිලෝමිටර් ගාණක් ඈත උනත් සන්නිවේදනය කරගන්න පුලුවන්

    නමුත් සන්නිවේදනය කරන ශබ්දය මිනිස් කනට සං‍වේදී නොවන තරම් අඩුයි

    අලි රංචුවක් තමයි සත්ව කණ්ඩායම් අතර දැඩිම බැඳීමක් දක්වන්නෙ

    ගැහැණු සතෙක් රැළෙන් ඉවත් වෙන්නේ මිය ගියොත් හෝ මිනිස් දඩයමක් උවොත් පමණයි

    පිරිමි සතුන් වයස 12ක් පමණ වෙද්දි රංචුවෙන් පිට වෙලා වෙනත් තාවකාලික රංචුවකට යනවා


    මරණය

    jF6Mb2P.jpg


    අලි රංචු වශයෙන් සොහොන් බිම් හමු වෙන්නෙ නැහැ නමුත් අලින්ට අවමංගල්‍ය ගොඩක් වැදත් අවස්ථාවක්

    අලියෙක් වසර 60ත් 80ත් කාලයක් ජීවිතය ගත කරනවා

    ලොව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කරන්නෙ අලි, මිනිස්සු, නියන්ඩතාල් යන අය විතරයි

    අලියෙක් රෝගී උනොත් රෝගී සාමාජිකයාට රංචුවේ අනිත් අය ආහාර පාන ගෙනත් දෙනවා

    සාමාජිකයා මැරුණත් තවත් ආහාර ලබා දී පණ ලැබේවි දැයි බලනවා

    මිය ගිය බව ස්තීර නම් රංචුවම මදකට නිහඬ වෙනවා

    පසුව ශරීරය කොල අතු වලින් වහලා දවසක් පසුවන තුරු රංචුව එහි රැඳී සිටිනවා

    මිය ගිය සාමාජිකයා සමඟ දැඩි බැඳීමක් තිබුණ අය ශෝකී බවක් පෙන්වනවා

    අලි රංචුවක් ගමන් කරන විට මියගිය වෙනත් තනි අලියකු දුටුව ද ඉහත ගෞරවය දක්වනවා

    වාර්ථා වෙලා තියෙන විදිහට ඒ විදිහට මනුශ්‍යය ශරීරයක් හමු උනත් මොවුන් එය භූමිදානය කරනවා

    :yes::yes::yes:


    ඔබ මේ තරම් අලි ඉන්න රටක ඉඳලත් අලි ගැන දැනගෙන හිටියේ මොනවද?
    තව විස්තර ඉදිරියේදී කියන්නම්කො
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඔබ මේ තරම් අලි ඉන්න රටක ඉඳලත් අලි ගැන දැනගෙන හිටියේ මොනවද?
    තව විස්තර ඉදිරියේදී කියන්නම්කො


    මම දැන ගෙන හිටියේ අලි පොලෙ යනවා පාරට බැහැලා හෝන් ගහනවා කෝපි බොනවා විතරයි කියලා:P

    You must spread some Reputation around before giving it to $hiñe again.:(
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113




    ඔබ මේ තරම් අලි ඉන්න රටක ඉඳලත් අලි ගැන දැනගෙන හිටියේ මොනවද?

    අම්මපා සිරාවට බන්..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කෝරලේමහත්තයා;15123057 said:
    එල පොස්ට් එක මචන් ගොඩක් කරුනු අද තමයි දැන ගත්තේ.
    .ස්තූතියි.. (UNP කාරයො:P )

    ඔව් ඔව්. රංචුවේ අලියෙක් නැති වෙච්ච නිසා ඒ අලිත් දැන් මඳකට නිහඬ වෙලා තියන්නෙ:rofl::rofl: