දන්නවාද? ඔබත් මමත් මැරෙනවා.

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
දන්නවාද? ඔබත් මමත් මැරෙනවා.

දන්නවාද? ඔබත් මමත් මැරෙනවා.


මිනිස්සු සල්ලි ‍හොයන්න, සැප වැඩි කරගන්න වේගවත් අතිශය වේගවත් ගමනක යනවා. නමුත් මේ ඇති දැන් මට සතුටුයි මම දැන් සෑහීමකට පත් උනා කියන්න කවුරුත් නැහැ. මේ ගමන මේ පිපාසය නිවන්න විවිධ බීම වර්ග කොතෙකුත් දුන්නට මේ පිපාසය නිවෙන්නෙ නැහැ.

ඔබේ දවසේ පඩිය 1000ක් උනත් ඔබේ දෛනික වියදම් වලට ඒක ප්‍රමාණවත් නැහැ. ඔබට දවසට 2000ක් ලැබුණත් 10,000ක් ලැබුණත් ලක්ෂයක් ලැබුණත් මට දැන් ඇති කියලා කියන්නෙ නෑ. මුදල්, සැප සම්පත් පිපාසයෙන් පෙලෙන අපට මුදල් ‍, සැප සම්පත් නැමැති දිය ලැබෙන්න ලැබෙන්න අපේ පිපාසය තව තවත් වැඩි වෙනවා මිස සෑහිමක් නැහැ.

මේ බව දැන දැනත් මිනිස්සු නොනැවතී හැල්මේ දුවනවා. කවදා හරි සෑහීමකට පත් වේවි කවදා හරි සතුටු වෙන්න ලැබේවි කියලා. පාසල් යන කාලේ පටන්ගන්න මේ දුවන තරඟය කෙලවර වෙන්නේ මරණයෙන්මයි. එතකොට ඔබ කවදාද සතුට භුක්ති විඳින්නෙ? මැරුණට පස්සෙද? නැහැ කොහෙත්ම නැහැ. ඔබ මේ ලෝකේ සැප සම්පත් වලට දැඩී ආසාවෙන් හිටියොත් බොහෝ වැඩි සම්භාවිතාවක් තියෙන්නේ එක්කෝ ඔබ ප්‍රේතයෙක් වෙන්න. එහෙමත් නැත්තම් තිරිසන් ආත්මයක් ලබන්න. මිනිස්සු මැරිලා මිනිස්සු වෙන අවස්ථා බොහොම විරලයි එහෙම උනත් ඒ බොහොමයක් හදිසි අනතුරු නිසා මිය ගිය උදවිය. ඒ අයගෙ ආයුෂ ඉවර වෙන්න කලින් මිය ගිය නිසා ඉතිරිය ගෙවන්න නැවත මේ ලෝකෙට එනවා.

එසේ නම් ඔබ තේරුම්ගත යුතුයි මෙලොව සම්පත් පස්සෙ ගිහිල්ලා සතුට ලබාගත්තු කෙනෙක් නැති වග. අන්න ඒකයි චිරාත් කාලයක ඉඳලා විවිධ මුණිවරු විවිධ ආධ්‍යාත්මවේදීන් ආධ්‍යාත්මීය ජීවිතයක් ගැන හිතන්නෙ, කතා කරන්නෙ. ඒ මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා මේ ලෝකෙ භෞතික සැප පස්සෙ කොච්චර දිවුවත් හති වැටෙනවා ඇර වෙන දෙයක් ඉතිරි නොවන බව.

මින් පෙර ලිපියක මම දක්වපු මහා ඇලෙක්සැන්ඩර් රජුගේ උදාහරණයෙන් උවත් පේන්නෙ සැප සම්පත් උපරිමයට හෙවුවත් ඒකෙන් සැපතක් හිතේ සැනසිමක් හිතේ නිවීමක් ඇති නොවෙන බවයි. හිතේ නිවීම ඇති වෙන්න නම් කරන්න තියෙන එකම දේ 'මමය, මගේ කියලා' බදාගෙන තුරුල් කරගෙන අල්ලගෙන බැඳිලා ඉන්න දේවල් තමන්ගේ නොවන බව තේරුම් ගන්න එකයි. අඩුම තරමින් මැරුණට පස්සේ මේ ශරීරය වත් අරන් යන්නෙ නැහැනෙ. ශරීරයෙන් දතක්? එක ඇහැක්? ඇඟිල්ලක්? නියපොත්තක්? වත් අරගෙන යන්නෙ නෑ. මම බදාගෙන ඉන්න ශරීරයත් ඒ ශරීරයට පළඳපු දේවලුත් ආසාවෙන් එකතු කරපු හැම දේමත් දාලා යන්න යනවා. මෙන්න මේකයි ලෝකයේ යථා ස්වභාවය. මහා ඇලෙක්සැන්ඩර් රජු වත් මැරුණම ඉදිකට්ටක් වත් අරගෙන ගියේ නෑ.

මේ ලෝකෙ මෙතුවක් ඉපදුන හැමෝම මැරුණා
ඒ ලෝක නිතියෙන් පිට කිසිම කෙනෙක් නැහැ
‍බොහෝ දෙනෙක් කුසෙන් උපදිනකොටම මැරුණා
සමහරු පුංචි කාලෙදිම මැරුණා
සමහරු තරුණ කාලේදි මැරුණා
සමහරු දරුවන් පුංචි කාලෙදිම මැරෙන්න උනා
සමහරු වයසට ගිහින් මැරුණා

එකම දේ, නිශ්චිත නොවන මොහොතක හැම කෙනෙක්ම මැරුණා
එසේ නම් ඇයි ඔබත් මැරෙන බව හිතන්න බය?



 
  • Like
Reactions: $hiñe

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපි සදාකාලිකව ජීවත් වෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි ජීවත් වෙන කලේ සතුටින් අත්දැකීම් එකතු කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ඕනේ. බුද්ධ ධර්මයේ තියෙන දේවල් වුනත් හරියට තේරුම් ගත්තොත් එතනිනුත් කියන්නේ ජීවිතේ අනිත්‍යයි නොපමාව පින් රැස් කරගන්න කියල. එකෙන් කියන්නේ ජීවත් වෙන කලේ රටට ලෝකෙට වැඩදායි සේවයක් කරන්න කියලා.

    මමනම් හැම වෙලාවේම උත්සහ කරන්නේ මේ තියෙන දේවල් සදාකාලික නොවන බව දැන දැනත් එත් අමාරුවෙන් ලබාගත්ත මිනිස් ජීවිතේ පලදායී විදිහට ගත කරන්න.
     
    • Like
    Reactions: Goldberg