දන්න ගීයක නොදන්න කතාවක් 2

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ ගීතයෙන් කියැවෙන්නෙ හරිම ලස්සන ආදර කතාවක් ගැන.
    මම අහපු පලවෙනි වතාවෙම මට හිතගිය නිසා සිංදුවෙ අදහස ගැන දැනුන දේ එළකිරියට ලියන්න හිතුව.


    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී

    කතාවෙ ආදරවන්තය හරිම සෙල්ලක්කාර චරිතයක්. විනෝදයට යාලුවො එක්ක ගෑනු ළමයි පස්සෙ යන ජාතියෙ කෙනෙක්. එයා ඇසුරුකරපු, පස්සෙන් ගිය අය තමයි "මායම් තරු රෑන" විදිහට දකින්නෙ. මේ අතරෙ එක ගෑනුළමයෙක් ගැන ඇත්තටම ආදරයක් හිතෙනව ඒ කෙනාව තමයි "සඳක්" විදිහට සෟෙම්‍යව දකින්නෙ. "රෑනෙන් මිදුනා මා නෑ අත් බැඳී" මේ කෙනාට අනෙක් සේරම බැඳීම්, මිතුරන් අමතක කරල සිතින් ආදරය කරන්න පටංගන්නව.


    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේද ගැයුවේ ඔයා
    ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
    මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත් කමක් නේද දැනුනේ කියා
    කවදා ද ඉටුවන්නෙ මේ ප්රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

    හිතේ තියෙන ආදරය ගැන ලියුමක් ලියල පොතක් ඇතුලට දාල අර ගෑනු ළමයට දෙනව.
    ඒත් ඊට පස්සෙත් මේ ගෑනු ළමය, කොලුව දිහා බලන්නෙ මිතුරු හැඟීමකින් යාලුවෙක් දිහා බලන විදිහට විතරයි.
    පොත ඇතුලෙ තිබුණ ලියුම දැක්කෙ නැද්දෝ කියල දෙගිඩියාවකින් හිතෙන් දුක් විඳීම තමයි මෙතනදි පෙන්නන්නෙ.


    මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
    එක හිනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
    බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා
    දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන්
    හැමදාම විඳවන්න මා මෙහි තියා
    නොකියාම ඉන්නම් මගේ ප්රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා

    හිතේ තියෙන අදහස ගෑනු ළමයට කෙලින් කියාගන්නත් බෑ..
    හිතේ ඇතිවුන ආදරය කියන්න ගිහින් තියෙන මිතුරුකමත් නැතිවේවි කියන සිතුවිල්ල නිසා තමුංගෙ ආදරය හිත ඇතුලෙම හංගගෙන ඉවසන් ඉන්න තීරනය කරනව.


    ගායනය - අමල් පෙරේරා
    සංගීතය - සඳරුවන් ජයසිංහ
    පදරචනය -
     

    The Kingslayer

    Well-known member
  • thanks-for-sharing-52a7787cc94ae.png