දන්සැල්...

rajamawatha

Active member
  • Dec 7, 2018
    108
    90
    28
    මචන්... ‌‌‌මෙච්චර දන්සැල් දෙන්න මිනිස්සුන්ට සල්ලි තියෙනවද? .... නැත්තම් අරගල mood fix කරන mini projects ද මේවා..........
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,578
    113
    සේදවත්ත
    ලංකාවේ උන්ට සල්ලි තියනවා බන් . ඒත් කොයි වෙලාවෙත් කියන්නේ සල්ලි නෑ කියලා . හේතුව පොදි ගහනවනේ ඉතින් උනේ පොදි ගහන්න ආව ආදායම අඩු වෙලා වියදමට එකතු උනා ඇරෙන්න සල්ලි නැති උනේ නෑ අපේ උන්ට .
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,263
    113
    සාමන්යෙන් දන්සල් වැඩි වෙන්න ඕන කොහොමත් මේ පාර. මොකද පහුගිය කාලෙ inflation එක නිසා business කරන මිනිස්සුන්ට ගොඩක් ලාබ ලැබෙන්න ඕන සාමන්යෙන්. ඒක තමා විදිහ. Inflation එකකදි වෙන්නෙ jobs කරන සාමන්‍ය මිනිස්සු එන්න එන්න දුප්පත් වෙනව සහ business කරන පොහොසත් මිනිස්සු එන්න එන්න තවත් පොහොසත් වෙන එක. Inflation එකක theory එක තමා ඒක. ගොඩක් දන්සල් දෙන ඒවගෙ වැඩිම ප්‍රතිශතයක contribution එක අරගෙන බැලුවොත් අනිව business කරන අය තමා ඉන්නෙ.
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    අයිස් කිරීම් දන්සල් වල මිනිස්සු පෝලිමේ ඉන්න හැටි දැක්කම මුන්ට හාල්ද කියලත් හිතෙනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,248
    113

    අද පොසොන් පෝයේ ලියාපදිංචි දන්සැල් 17180

    6/03/2023 11:26:00 AM

    අද දිනට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රටපුරා දන්සල් 17180 ලියාපදිංචි වී තිබෙන බව වාර්තාවේ.
    මෙම ප්‍රමාණය පුසගිය වසර හා සසැඳීමේදී විශාල වැඩි අගයකි.
    මෙලෙස ලියාපදිංචි දන්සැල් පූර්ව පරීක්ෂාවකින් පසු මහජනයා සඳහා විවෘත කෙරෙන බැවින් එම දන්සල් පරික්ෂා කිරිමේ කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.
    පොසොන් සතියේදී සැදැහැවතුන් සඳහා සැපයෙන සියලුම දන්සල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන්දහසක් සේවයේ යෙදවීමට පියවර ගෙන තිබෙන බවද සභාපතිවරයා පැවැසීය.

    දන්සැල් සඳහා ගන්නා සියලුම ආහාර අමු ද්‍රව්‍ය ජලය ඉතාමත් පිරිසිදු ලෙස සපයා ගතයුතු බව දන්සැල්හිමියන්ට දන්වා සිටින බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සැපයීම තේ පැන් අයිස් ක්‍රීම් ඇතුළු දෑ සැපයීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද උපුල් රෝහණ පැවැසීය.


    විශේෂයෙන්ම අනුරාධපුරය මිහින්තලය ඇතුළු පූජා භූමි ආශ්‍රිතව පවත්වාගෙන යන දන්සල් පරීක්ෂාවට විශේෂ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙන අතර දන්සල් සඳහා ගන්නා ජලය බීමට ගන්නා ජලය පිළිබදව විශේෂ සැලකිල්ලක් දක්වන බවද පැවැසීය.

    පිරිසුදු චේතනාවෙන් ලබාදෙන දන්සල් ඉතාමත් පිරිසිදු ලෙස සැපයීමට උනන්දු වන ලෙස දන්සල් හිමියන්ගෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටී.


    - https://www.gossiplankanews.com/2023/06/poson-dansel-023.html
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,826
    2
    54,480
    113
    අයිස් කිරීම් දන්සල් වල මිනිස්සු පෝලිමේ ඉන්න හැටි දැක්කම මුන්ට හාල්ද කියලත් හිතෙනවා
    පැයක් විතර පෝලිමේ ඉඳල තිහේ පොප්සිකල් එකක් අරං එනව රටක් රාජ්ජයක් දිනුව වගේ :eek:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    90% ක්ම සල්ලි හොයාගන්න ප්‍රොජෙක්ට් තමා

    රටට බෞද්ධ ධර්මය ආපු දවසේ මහ ලොකු බෞද්ධයෝ ධර්මය සොයා යනවට වඩා කෑම සොයා යන එක කරන්නෙ :rofl:
     

    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    මම වැඩ කරපු offie ඒකක පොරක් හිිිිටියා අනුරාධපුරෙ . ඌ කියන්නේ කට්ටිය පොසොන් ඒකට උගෙ ගෙදර ඒන්න කියලා. කන්න දෙන්න ප්‍රශ්න නෑ.. ඔ්න තරම් දන්සැල්....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,248
    113

    රට පුරා දන්සල් නිසා රට පුරා ට‍්‍රැෆික්… :lol:


    අද දිනයේ රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මාර්ග තදබදයන් ඇතිවී තිබෙන බව වාර්තා කරුවන් කියා සිටිති.

    පොසොන් පොහොය නිමිත්තෙන් රටපුරා පැවැත්වෙන දන්සල් නිසා මෙම තත්වය ඇතිව තිබේ.

    අද දිනයේ රටපුරා ලියාපදිංචි දන්සල් ප්‍රමාණය දහ අට දහසක් පමණ ඇත.