දන් දිය යුතු ආකාරය

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දන් දිය යුතු ආකාරය

    දාන වස්තුව පිළියෙල කිරීමේ දී ද, දීමෙහි දී ද, සිත පහදාගෙන දිය යුතුය. දුන් පසුද සිත පහදා ගත යුතුය. දුන් දෙය ගැන නැවත සොයන්නට නොයා යුතුය. ප්‍රතිග්‍රාහකයන් නොවෙහෙසවා දිය යුතුය. ත්‍රති ග්‍රහයකයන්ගෙන් හෝ අනිකෙකුගෙන් හෝ ප්‍රසංශා බලාපොරොත්තුවෙන් නොදිය යුතුය. ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් නොදිය යුතුය. දීමෙන් සම්බොධිය හෝ නිවන හැර අන් සැපතක් බලාපොරොත්තු නොවිය යුතුය. පැවිදි උතුමන්ට දෙන කල්හි මා දෙන වස්තුවෙන් මොවුන් වහන්සේලා සුඛිතව පහසුවෙන් පිළිවෙත් පුරා තම තමන්ගේ අභිමතාර්ථය සිදුකර ගනිත්වායි සලකා දිය යුතුය. ගිහියන්ට දෙන කල්හි මගේ වස්තුවෙන් මොවුන් සුඛිත වෙත්වායි සලකා දිය යුතුය. තමන්ගේ දානය පිළිගත් අය ඉන් පසුව කුමක් කෙරෙත්දැයි වැඩි දුර සොයන්නට නොයා යුතුය. එසේ කරන්නට යාමෙන් අපර චේතනාව නරක්වී කරගත් පිනේ ශක්තියද හීන විය හැකිය.​


    උපුටා ගැනීම :- "පාරමිතා ප්‍රකාරණයේ" (දාණ පාරමිතාව)

    මගේ අදහස

    අපි යම් කෙනෙකුට දෙයක් දෙන විට මට මෙ දේන දෙයින් ලාභ ලැබේවා කියල හිතල දෙන්න එපා. අපි දෙන්නෙ ඉතා සුළු දෙයක් උනත් ඒ දෙන දේ ගැන තියෙන් සියලුම තන්හාවන් නැතිකොට මා මේ දෙන දෙයින් මොහු සතුටින් සිට්ත්වා කියල ප්‍රාර්ථානවක් කරල දෙන්න. කවදාවත් දෙන දේකින් මටත් මේ වගේම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරල දෙන්නෙපා.
    තෙරුවන් සරණයි!​

    ඔයාලගේ අදහසුත් කියල යන්න.
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    උබ කියන කතාව ඇත්ත මචන්

    දවසක් හාමුදුරු කෙනෙක් බනට කිව්ව දන් දීල පින් රැස් කරන්න එපා, කුසල් රැස් කරන්න කියල

    පින් කියන්නෙ තමන්ගෙ ලෞකික යහපත පිනිස රැස් කරන ඩේවල්

    කුසල් කියන්නෙ නිවන් දකින්න බලාගෙන රැස් කරන දේවල්
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උබ කියන කතාව ඇත්ත මචන්

    දවසක් හාමුදුරු කෙනෙක් බනට කිව්ව දන් දීල පින් රැස් කරන්න එපා, කුසල් රැස් කරන්න කියල

    පින් කියන්නෙ තමන්ගෙ ලෞකික යහපත පිනිස රැස් කරන ඩේවල්

    කුසල් කියන්නෙ නිවන් දකින්න බලාගෙන රැස් කරන දේවල්

    නුඹ නිවැරදියි. අපි දුවන්නෙත් වැරදි මාර්ගයේ බෞද්ධයො වෙලත්. නිවැරදි මග පෙනි පෙනි වැරදි මග යනව.:(:(
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Rerukaane hamuduruwange poth kiyawana kollo innawa kiyala ahannath sathutui...

    http://www.elakiri.com/forum/showthread.php?t=1109198

    ස්තූතියි සහෝ. හැකි විදියට අපිත් මෙ කර්තව්‍යට දායක වෙන්න ඔනේ. ඔයා දාල තියෙන්නෙ ගොඩක් වටින දෙයක්.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වැදගත් ලිපියක් සහෝදරයා.. අද ගොඩක් අය දන් දෙන්නේ දාන සිතුවිල්ලෙන් නෙවේ, මමත්වය පදනම් වුන කෙලෙස් සහගත සිතුවිල්ලෙන්..

    තෙරුවන් සරණයි...!
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඒ දුන්න දානය පාරමිතාවක් කරගන්නේ පුළුවන් නේද ??????????
     

    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    ooka mamath use karala thiyenawa.. habai download wenna tikak wela yanawa ne bun.. direct download wage speed nam mata awith naha.. torrent wala ena eka wagema adu wadi wenawa :yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ වගේ වැදගත් ලිපි වලින් තමයි එලකිරිය බැබලෙන්නේ...ගොඩක් ස්තූතියි සහෝදරයා.... :):):):)

    බොහෝම ස්තූතියි සහෝ. ඔයාලට මේ වටිනව උනාට ගොඩ දෙනෙකුට වටින්නෑ. ඒකනෙ 90 විතර බලල 14ක් කොමෙන්ට් කරල තියෙන්නෙ.
     

    blue_in_rio

    Well-known member
  • බොහෝම ස්තූතියි සහෝ. ඔයාලට මේ වටිනව උනාට ගොඩ දෙනෙකුට වටින්නෑ. ඒකනෙ 90 විතර බලල 14ක් කොමෙන්ට් කරල තියෙන්නෙ.

    ලෝකයේ තියෙන උතුම්ම දානය තමයි ධර්ම දානය.ඔයත් කලේ එහෙම දෙයක්.මේක ගොඩක් කුසල් සිද්ද වෙන වැඩක්.කුසල් කියන්නේ හොද දෙවල් කරන්න පුරුදු ඇති කර ගන්න එකට.ධර්මය අහන්නත් ඒක අවබෝධ කර ගන්නත් මේ කියන කුසලය තියෙන්න ඕනා...ඇහුවත් අවබොධ වෙන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ.ඔයා මේ වගේ දේවල් දිගටම කරගෙන යන්න.අවශ්‍යය අය බලලා, කොමෙන්ට් එකක් දාලා, තව අයට බලන්න සලස්වලා ඒ ගොල්ලොත් කුසල් කර ගනියි. :):):):)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලෝකයේ තියෙන උතුම්ම දානය තමයි ධර්ම දානය.ඔයත් කලේ එහෙම දෙයක්.මේක ගොඩක් කුසල් සිද්ද වෙන වැඩක්.කුසල් කියන්නේ හොද දෙවල් කරන්න පුරුදු ඇති කර ගන්න එකට.ධර්මය අහන්නත් ඒක අවබෝධ කර ගන්නත් මේ කියන කුසලය තියෙන්න ඕනා...ඇහුවත් අවබොධ වෙන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ.ඔයා මේ වගේ දේවල් දිගටම කරගෙන යන්න.අවශ්‍යය අය බලලා, කොමෙන්ට් එකක් දාලා, තව අයට බලන්න සලස්වලා ඒ ගොල්ලොත් කුසල් කර ගනියි. :):):):)

    ඔයා බොහෝම නිහතමානී බුද්ධිමත් පුද්ගලයෙක් වගේ. ඒ වගේම හොද බෞද්ධයෙක්. සංතෝසයි මෙහෙම අය ඉන්න එක ගැන.
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ඔබට බොහොම පින්
    ඒ වගේම කියන්න ඕනේ
    දානයකට මස් මලු දෙන්න එපා
    හාල්මැස්සෙක්, කරවල කැල්ලක් වත් දෙන්න එපා
    දනයට ආරාධනා දීමට යාමේදී වත්මන් සංඝයා විසින් මස් මාංශ ඉල්ලා සිටිනවා මා දැක ඇත
    මේකට විරෝදය දැක්වීමේදී නගන ප්‍රශ්නය තමා
    බුදුන් වහන්සේටද මස් සහිත දානයක් පිලි ගන්නවා ඇති බවයි,
    සත්‍ය නම් එම ව්‍යංජනය හතු ව්‍යංජනයකි.
    මේ වැරැද්ද හරි ගස්වන්න පුලුවන්නම් ලොකු පිනක්