දන් දිය යුතු ආකාරය
උපුටා ගැනීම :- "පාරමිතා ප්‍රකාරණයේ" (දාණ පාරමිතාව)
මගේ අදහස
අපි යම් කෙනෙකුට දෙයක් දෙන විට මට මෙ දේන දෙයින් ලාභ ලැබේවා කියල හිතල දෙන්න එපා. අපි දෙන්නෙ ඉතා සුළු දෙයක් උනත් ඒ දෙන දේ ගැන තියෙන් සියලුම තන්හාවන් නැතිකොට මා මේ දෙන දෙයින් මොහු සතුටින් සිට්ත්වා කියල ප්‍රාර්ථානවක් කරල දෙන්න. කවදාවත් දෙන දේකින් මටත් මේ වගේම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරල දෙන්නෙපා.
ඔයාලගේ අදහසුත් කියල යන්න.
දාන වස්තුව පිළියෙල කිරීමේ දී ද, දීමෙහි දී ද, සිත පහදාගෙන දිය යුතුය. දුන් පසුද සිත පහදා ගත යුතුය. දුන් දෙය ගැන නැවත සොයන්නට නොයා යුතුය. ප්‍රතිග්‍රාහකයන් නොවෙහෙසවා දිය යුතුය. ත්රති ග්‍රහයකයන්ගෙන් හෝ අනිකෙකුගෙන් හෝ ප්‍රසංශා බලාපොරොත්තුවෙන් නොදිය යුතුය. ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් නොදිය යුතුය. දීමෙන් සම්බොධිය හෝ නිවන හැර අන් සැපතක් බලාපොරොත්තු නොවිය යුතුය. පැවිදි උතුමන්ට දෙන කල්හි මා දෙන වස්තුවෙන් මොවුන් වහන්සේලා සුඛිතව පහසුවෙන් පිළිවෙත් පුරා තම තමන්ගේ අභිමතාර්ථය සිදුකර ගනිත්වායි සලකා දිය යුතුය. ගිහියන්ට දෙන කල්හි මගේ වස්තුවෙන් මොවුන් සුඛිත වෙත්වායි සලකා දිය යුතුය. තමන්ගේ දානය පිළිගත් අය ඉන් පසුව කුමක් කෙරෙත්දැයි වැඩි දුර සොයන්නට නොයා යුතුය. එසේ කරන්නට යාමෙන් අපර චේතනාව නරක්වී කරගත් පිනේ ශක්තියද හීන විය හැකිය.

තෙරුවන් සරණයි!
ඔයාලගේ අදහසුත් කියල යන්න.