මම දන්න කෙනෙකුට මේක කිව්ව. මේ විදිහට කරල හරි ගියා. දැන් මාස 4ක් විතර....from FB
මුළින්ම දණහිස සහ දණහිසින් පහළ කොට උණු වතුරෙන් හොඳින් තවා ගන්න. අනතුරුව දණහිස් සඳහා ඇති තෙල් ටිකක් හොඳින් දණහිසේ සහ දණහිසින් පහළ කොටසේ ගාන්න. මෙහිදී තෙල් ටික වළලුකර සිට දණහිස දක්වා ඉහළට ආලේප කිරීමට සිහියේ තබා ගන්න. මා විසින් මේ සඳහා පාවිච්චි කළේ දණහිස් ආබාධය සඳහා මා හට ආයුර්වේදයෙන් ලබා දී තිබුණු තෙල් ම ය. ඔබ බෙහෙත් කඩ වල ඇති වෙනත් තෙලක් භාවිතා කළත් වරදක් නොමැති බව මගේ විශ්වාසය යි.
අනතුරුව, මේ ගංසූරිය ගසේ පොතු හා කොල හොඳින් වංගෙඩියේ කොටා හෝ ග්‍රයින්ඩරයේ දමා ගංසූරිය කොල හා පොතු හොඳින් ග්‍රයින්ඩ් කර ගැනීම යි. අනතුරුව ප්‍රමාණවත් තරමට මී තෙල් දමා එය ලිපේ තියා යන්තම් මළවා ගන්න.
ඊට පසු කෙසෙල් කොලයක් මඳ ගින්නේ තවා කළින් සකස් කළ ගංසූරිය කොල, දළු හා මී තෙල් පත්තුව දණහිසේ බඳින්න. දණහිස නිතරම චලනය වන ස්ථානයක් බැවින් රෙදි පාන්කඩ වලින්ද ඔතා ගැනීමට සිදු වනු ඇත.
මා දැන් මේ ප්‍රතිකාරය කර පැය ගණනකි. මට සෑහෙන සුවයක් ලැබී ඇත. මට වියදමකට ගියේ මී තෙල් බෝතලයට ගිය මුදල පමණි. මී තෙල් බෝතල් කාලක් බෙහෙත් කඩේ රුපියල් 300 කි.
උපුටා ගැනීමක් බව සලකන්න