උබලටත් Gasritics තියෙනවද? මේක කරල බලපන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    මේ දේ මට හරි ගිය නිසා මේ පෝස්ට් එක ලියන්නේ..
    මාස ගානක් තිස්සේ මටත් ගැස්ට්‍රයිටිස් හොදටම තිබ්බා. උගුරට ගෑස් එක එනවා, ටොයිලට් යන්නේ නැතිව දවස් දෙකක් තුනක් තිබිලා එක දිගටම බඩ බුරුල් කරලා යන්න ගන්නවා, කන්න බඩගිනි නෑ.. ඔය වගේ හැමෝටම තියන අමාරු ඔක්කොම වගේ තිබ්බා. මාත් බෙහෙත් ගත්තා ඒත් කිසි අඩුවක් තිබ්බේ බෙහෙත් බොන දවස් වල විතරයි ඊට පස්සේ ආයේ අවුල්.. Digene බොන්න පටන් ගත්තා ඊට පස්සේ තාවකාලික හරි සහනයක් තියන නිසා. ඔහොම තියෙද්දි දැනට සති දෙකකට කලින් මට ෆාමසි එකක කෙනෙක් හම්බ උනා Digene ගන්න ගිය වෙලාවේ. එතකොට මන් විස්තර කියලා පුලුවන් නම් මට හොද බෙහෙතක් දෙන්න කියලා ඉල්ලුවා. ඊට පස්සේ තමා මට ඒ කෙනා කිවුවේ එයාටත් ගැස්ට්‍රයිටිස් තිබ්බා හොද කා ගත්තේ මේකෙන් කියලා.
    මේකත් දියබත් සීන් එක වගේ තමා වෙනසකට තියෙන්නේ බත් උයන්නේ නෑ.
    මුලින්ම හොද රතු තම්බපු හාලක් අරන් රෑට හාල් ටිකකුයි වතුර ටිකකුයි පොඩි කප් එකකට දාලා වහලා තියන්න. ඊට පස්සේ උදේට රතුලූණු ගෙඩියක් කපලා ඒ කප් එකටම දාලා අර වතුරත් එක්ක හාල් ටික කන්න රතුලුණුත් එක්කම. ( උදේට හිස් බඩට)
    මන් තාම සති දෙකක් වගේ ඒ විදියට කන්න පටන් අරන් මගෙ බඩ පුරවලා දාලා තිබ්බ ප්‍රශ්න, ටොයිලට් යන්නේ නැති ප්‍රශ්න, උගුරට ගෑස් එන වගේ ප්‍රශ්න ඔක්කොම වගේ නතර උනා..
    කරලා බලන්න කැමති කෙනෙක්. මට නම් ඇත්තටම අඩු උනා.. මොකද අහිතකර දෙයක් නෙමෙයි නේ..
    🙂


    May be an image of drink
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Gaviscon Double Action අරන් බොන්න මේක OTC එකක් එක නිසා දොස්තර කෙනක් නියම කරන්න ඕනේ නැහැ.
    මම ගත්ත එක බෝතලයෙන් අඩු වුනා රු 1000 වුනේ බෝතලය.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    දියබත් කකා ඉන්න එපා බං ඔය බඩේ තියෙන තුවාල ටික හොද කරගනින්..

    ගෑස් කියන්නේ දවසින් දෙකෙන් හරියට අඩු කරගන්න පුලුවන් එකක් නෙමේ proper diet and fasting එක්ක long term කරන්න ඕනෙ එකක්..
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    දියබත් කකා ඉන්න එපා බං ඔය බඩේ තියෙන තුවාල ටික හොද කරගනින්..

    ගෑස් කියන්නේ දවසින් දෙකෙන් හරියට අඩු කරගන්න පුලුවන් එකක් නෙමේ proper diet and fasting එක්ක long term කරන්න ඕනෙ එකක්..
    මොන බොරුද බන් සතියක් හරියට දියබත් කාල. අරක්කු සිගරැට ලොකුවට තෙල් කෑම සැර කෑම අඩු කරල බලපන්.
     
    • Like
    Reactions: NRTG