මැශින් එක නං කිසිම අවුලක් නැහැ. මගේ ලඟ තියනවා ටිකක් කලින් ආපු මොඩල් එකක්, යකා වගේ වැඩ, කාපට්,කාර් එකේ සීට් කවර එහෙමත් හෝදනවා කිසි අවුලක් නැහැ තාම
මේ දවස් වල ගන්න බැරි සීන් එකක් තියනවා, ගිය සතියෙ මගේ යාලුවෙක් එකක් ගන්න කිහින් කියලා තිබුනා, ස්ටොක් කිසිම තැනක නැහැ, අලුතෙන් හදන්න විදියක් නැහැ පිට රටින් ගේන කෑලී කීපයක් ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එක නිසා ගේන්න විදියක් නැහැ, ඒක නිසා ප්‍රොඩක්ශන් ටික කාලෙකට නතර කරලා කියලා
හැබැයි අරූට ආයෙ කෝල් කරලා කියලා තිබුනා ඕඩර් එකක් කැන්ස්ල් උනු මැශින් එකක් වෙන කොහෙද බ්‍රාන්ච් එකක තියනවා ගෙනත් දෙන්නද කියලා ඒක ගෙනත් දීල තිබුනා
අලුත් මැශින් එකේ Softner එහෙමත් දාන්න ඔප්ශන් එක තියනවා.