දමිතා සහ සැමියා 20 වැනිදා යළි අධිකරණයට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණීල්ල මෙම මස 20 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියම කළේය.

    සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය මෙම පැමිණීල්ල යළි කැඳවන 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියම කළ අතර එදින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර අබේරත්න යුවළට නියම කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් පවරා තිබු අපේක්ෂිත ඇප අයැදුම් පතද කැඳවු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම පැමිණීල්ලද ලබන 20 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අරගල ඒෂිගේ පුතාල මෙහේ වරෙව් මොකෝ මේ හොරු අල්ලන්න ආපු උන් හොරාකන්නේ 🤭 😂 ලක් අම්මා කියා කියා ඇවිත් ඇරපු ඇරිල්ල, හොරා කාලා අපේක්ශිත ඇපත් ඉල්ලනවා 💩දමිතා🤭 ඊ.....යා..ආ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    අරගල ඒෂිගේ පුතාල මෙහේ වරෙව් මොකෝ මේ හොරු අල්ලන්න ආපු උන් හොරාකන්නේ 🤭 😂 ලක් අම්මා කියා කියා ඇවිත් ඇරපු ඇරිල්ල, හොරා කාලා අපේක්ශිත ඇපත් ඉල්ලනවා 💩දමිතා🤭 ඊ.....යා..ආ..

    පොත ගත්තද? 🫢😹😹
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අරගලේ නම කැත උනා මේ වැඩෙන්. ඒ අස්සෙ ගූ ගහල එලවපු උන් පොත් එලි දක්වනව
    අරගල කලේ දමිතලාවත් රැට්ටලා බට්ටලාවත් නෙමෙයි . සාමාන්‍ය මිනිස්සු . මුන් ඉතිං ට්‍රෙන්ඩ් එකට එතනට ආවා මොකද රැල්ල අතින් නවත්වන්න බැරි නිසා. හරියට ඔය දැන් අපි මාලිමාවට කියනවා වගේ තමයි .
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    අඩෝ දමිත සුපිරියට කන්ට්‍රෙක්ට් එක කරනවා වගේ. බලපන් තව මාස හයකින් ඕකි නිදහස් නැද්ද කියල